ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, February 14, 2017

අභ්‍යන්තර වාර්තා පිට කලා යැයි මහ බැංකුවේ විගණන නිළධාරිණියකට බලපෑම්......!!!

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා සම්බන්ධ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කල , මහ බැංකුවේ විගණන අංශයේ නිලධාරිණියක්ව පුද්ගලිකවම ඉලක්ක කරමින් මහ බැංකුවේ විශ්‍රාමික නිලධාරීවරයෙකු විසින් ඇයට මානසිකව පීඩාවට ලක් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් මේ වන විට මාධ්‍ය කරුණු අනාවරණය කරමින් සිටී.මහ බැංකුවේ අභ්‍යන්තර විගණන වාර්තා හෙළි කරමින් කරුණු ඉදිරිපත් කිරීමට මේ වන විට මාධ්‍ය කටයුතු කරමින් සිටී.

එම අභ්‍යන්තර විගණන වාර්තා සකස් කළ මහ බැංකුවේ විගණන අංශයේ නිලධාරිණියක්ව පුද්ගලිකවම ඉලක්ක කරමින් මහ බැංකුවේ විශ්‍රාමික නිලධාරීවරයෙකු විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම විගණනය කළ නිලධාරිණියටද චෝදනා එල්ල වී ඇති බවත් එම විගණන වාර්තාව වත්මන් අධිපති ආචාර්ය ඉන්ද්‍රජීත් කුමාරස්වාමි ප්‍රතික්ෂේප කල බවයි .
අදාළ නිළධාරිණියට විවිධ චෝදනා එල්ල කරමින් විශ්‍රාමික නිලධාරීවරයා කටයුතු කිරීම නිසා ඇය දැඩි පීඩාවකට ලක්ව ඇති බවද වැඩිදුරටත් සදහන්.
මේ සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳුම්කරු වසන්ත සමරසිංහ සඳහන් කර සිටියේ එම නිලධාරිණියට විරුද්ධව චෝදනා ඇත්නම් එය විමර්ශනය කළ යුතු නමුත් ඇය විසින් සිදු කළ විගණනයට අදාළවද චෝදනා එල්ල වී ඇති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.
මහ බැංකුවේ නිලධාරීන් හා හිටපු නිලධාරීන් අතර පවතින විවිධ ප්‍රතිවිරෝධතාවයන් මතු කරමින් එහි සිදුව ඇති කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් මංකොල්ලයන් යටගැසීමේ කූඨ උපක්‍රමයක් මේ වනවිට දියත්වෙමින් පවතින බව මේ මගින් පැහැදිළි වන බවද වසන්ත සමරසිංහ පවසා තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.