ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, February 15, 2017

මිනීමරු සූණඛ පිං ඇමතියා ඉවත් කරන්න....!!!

ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පවරා දීම සඳහා සාකච්ඡා කෙරමින් පවතින බවක් පිළිබඳව සම්මුඛ සාකච්ඡාවක අමාත්‍ය සරත් ෆොන්සේකා ත්‍රිමලේ පිළිබද අසත්‍ය ප්‍රකාශ කළා නම් තනතුරෙන් පහකළ යුතු බව ජාතික ඒකාබද්ධ කමිටුව ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලිමක් කර තිබේ.

2017 පෙබරවාරි 07
 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 1
අතිගරු ජනාධිපතිතුමනි,
ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පැවරිමට යාමක් සම්බන්ධව පළ වී ඇති මාධ්‍ය වාර්තා පිළිබවයි
ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පවරා දීම සඳහා සාකච්ඡා කෙරමින් පවතින බවක් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින් සම්මුඛ සාකච්ඡාවක පවසන ලද බවට ඉන්දියාවේ ‘‘ද හින්දු‘‘ පුවත්පතේ 2017 ජනවාරි 19 වන දින පළ වී තිබු වාර්තාව පිළිබදව ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමු කරවනු කැමැත්තෙමු. මේ හා සමාන අදහස් දැක්වීමක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කර තිබෙන බවට මැත දී පළ වූ ප්‍රවෘත්තිය නිසා ඉහත සඳහන් මාධ්‍ය වාර්තාව නොසලකා හැරිය නොහැකි බව අපගේ මතයයි.
මෙම ප්‍රකාශය අපව මහත් විශ්මයටත්, සසල කරවීමටත් සමත් වන්නේ පහත දැක්වෙන කරුණු හේතුවෙනි.
  1. ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පවරා දීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලය තිරණයක් ගෙන ඇති බවක් හෝ අවම වශයෙන් එවැනි අදහසක් සාකච්ඡාවට ගෙන ඇති බවක් හෝ අපි නොදනිමු. අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබාගෙන නොමැති බවට වන අපගේ වැටහීම නිවැරුදි නම්, එවැනි පවරා දීමක් සදහා කවර හෝ සාකච්ඡාවක් කවර පුද්ගලයකු විසින් හෝ බල අධිකාරියක්  විසින් සිදු කරනු ලැබීම නීත්‍යානුකූල නැත.
  2. එබැවින්, විධිමත් අනුමැතියකින් තොරව මේ පිළිබඳව ඉන්දියාව හෝ වෙනත් රටක් සමග යම්කිසි සාකච්ඡාවක් පවත්වනු ලැබ තිබේ නම්, එම අක්‍රමිකතාව සිදුකර ඇති අයට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස අපි ඔබතුමාගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටිමු. අප එසේ ඉල්ලා සිටින්නේ 2015 ජනවාරි 08 වන දින ජනවරම ලබා ගැනීමේ දී ඔබතුමන් විසින් මහජනතාව වෙත ඉදිරිපත් කරන ලද ‘යහපාලන ප්‍රතිපත්ති ප්‍රතිඥාව‘ මෙවැනි අක්‍රමිකතා නිසා අමුඅමුවේ  උල්ලංඝණය කෙරෙන බැවිනි.
  3. කෙසේ වුවද, අග්‍රාමාත්‍යතුමා පසුව පුනරුච්ඡඡාරණය කර ඇති බව සඳහන් වන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ මෙම ප්‍රකාශය අසත්‍ය නම් ආණ්ඩුවේ විධායක පියවරයන් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් අදාළ තනතුරු වලින් ඉවත් කිරීම හැර වෙන යම් විකල්පයක් ඔබතුමා සතුව නොමැති බවද පෙන්වා දිය යුතුව ඇත.
  4. ත්‍රිකුණාමලය යනු ඉතා වැදගත් මර්මස්ථානයකි. එසේම, ත්‍රිකුණාමල වරාය ද උපායමාර්ගිකව වැදගත් ජාතික සම්පතකි. ඒවා ජාතියේ අනාගත සුබසිද්ධිය සඳහා යෙදවීමට විනා ඉන්දියාවේ හෝ වෙන යම් රටක හෝ ප්‍රයෝජනය සඳහා පවරා දීමට ශ්‍රී ලංකාව පියවර නොගත යුතුය. ඒ නිසා ඉන්දියාව සමග මෙවැනි ගනුදෙනුවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය යම් හෙයකින් ලබා දී තිබේ නම්, එය අපගේ අනාගත පරම්පරාව සහ ඔවුන්ගේ අයිතිවාසිකම් මෙන්ම වරප්‍රසාද ද උගස් කිරීමක් ලෙස සැලකිමට අපට සිදු වේ. රටේ මහජනතාව සහ ඔවුන්ගේ අනාගත පරපුර වෙනුවෙන් ජාතික සහ ස්වභාවික සම්පත් වල භාරකාරත්වය ඉසිලීම ආණ්ඩුවක වගකීමයි. ජාතියේ වත්කම් හා මර්මස්ථාන අන්සතු කිරීමට ආණ්ඩුවකට කිසිදු හැකියාවක් නොමැති විය යුතුය. තවද, ත්‍රිකුණාමලය වැනි උපායමාර්ගික මර්මස්ථානයන් විදේශ බලවේගයන් විසින් කළමණාකරණය කිරීමට සැලැස්වීමෙන් ජාතික ආරක්ෂාව සහ සුරක්ෂිතාව අවදානමකට ලක් කිරීමට ද වගකිව යුතු රාජ්‍යයකට නොහැකි විය යුතුය.
එබැවින් ඉහත සදහන් කෙරුණු මාධ්‍ය වාර්තා ලඝු කොට නොසලකන ලෙසද, ජාතිකමය වශයෙන් අවාසිදායක විය හැකි වෙන කවර වු හෝ යෝජනාවක් සාකච්ඡාවට පවා ගැනීම වැළක්විමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ද‍, දේශ ප්‍රේමී ජාතික බලවේග වල සාමාජිකයන් වශයෙන් අපි ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
මෙයට හිතවත්,
විශ්වාසි,
අත්සන් කළේ,
විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර
ලුතිනන් කර්නල් අනිල් අමරසේකර (විශ්‍රාමික)
සම සභාපතිවරු
ජාතික ඒකාබද්ධ කමිටුව

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.