ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම රාජ්‍ය-පෞද්ගලික
ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ප්‍රතිව්‍යුහගත කරන්නට සූදානම් වන්නේ ආන්දෝලනයට
ලක් වී ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ සම්බන්ධයක් ඇතැයි සැක කෙරෙන
ඇමෙරිකාවේ ටී.පී.ජී. හෙවත් ටෙක්සාස් පැසිෆික් ගෘෘප් සමාගම සමඟ බවට ආරංචි
පැතිර යමින් තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම
ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී ඒ සඳහා ආයතන 10ක් ඉදිරිපත් වී
තිබූ බවත් ඒ අතරින් පීස් එයාර්වේස්, ටී.පී.ජී. සහ සුපර් ගෘෘප් පාට්නර්ස්
යන ආයතන 3 මූලික වටයේදී තෝරා ගත් බව රජය මීට පෙර නිවේදනය කොට තිබිණි.
එම සමාගම් 3 පිළිවෙළින් ශ්‍රී ලංකාවට, ඇමෙරිකාවට සහ මාලදිවයිනට සම්බන්ධ ආයතන වෙයි.
එම සමාගම් 3 අතරිනුත් ටී.පී.ජී. සමාගම සමඟ එක්ව ශ්‍රී ලන්කන් ගුවන්
සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට සුදුසු බවට යෝජනා
වී ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න
සඳහන් කොට ඇත. එහෙත් තවමත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවද ඔහු
ප්‍රකාශ කරයි.
රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සමාගම
හා මිහින් ලංකා ගුවන් සමාගම පවත්වාගෙන යෑම සඳහා වන ක්‍රියාමාර්ග නිර්දේශ
කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස්, මුදල් අමාත්‍යාංශයේ
උපදේශක ආර්. පාස්කරලිංගම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
රවීන්ද්‍ර හේවාවිතාරණ, අග්‍රාමාත්‍යවරයාගේ උපදේශක චරිත රත්වත්තේ ඇතුළු
පිරිසකගෙන් යුත් කමිටුවක් රජය විසින් පත් කරනු ලැබ තිබේ.
ටී.පී.ජී. සමාගම ඇමෙරිකාව කේන්ද්‍ර කරගත් ආයෝජන සමාගමක් වුවද එය මේ වන
විටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 117ක් යුනියන් බැංකුවේ ආයෝජනය කර ඇති බවට
2016 තුන්වැනි කාර්තුවට අදාළ එම බැංකුවේ මූල්‍ය ප්‍රකාශන විමසා බැලීමේදී
හෙළි වෙයි. කල්චර් ෆයිනෑන්ෂියල් හෝල්ඩින්ස් සමාගම විසින් එහි සමස්ත
කොටස්වලින් 70% ක් මිලදී ගෙන ඇති බවද එම වාර්තාව දක්වයි. මේ අතර නැෂනල්
ඩිවලොප්මන්ට් බෑන්ක් හෙවත් (ව්ච්ඕ) බැංකුවේ කොටස්වලින් 2.73%ක ප්‍රමාණයක්ද
පර්පචුවල් ඉක්විටි හා යුනියන් බැංකුව එක්ව මිලදී ගෙන තිබෙන බවද වාර්තා වේ.
එම බැංකුවේ කොටස් හිමියන් අතර ඔවුන් සිටින්නේ 12 වැනි ස්ථානයේය.
පර්පචුවල් ඉක්විටි සමාගමේ ලිපිනය හා මහ බැංකු හිටපු අධිපති අර්ජුන්
මහේන්ද්‍රන්ගේ බෑනාට අයත් පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලිපිනය අතර සමානතා
ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ. මේ අනුව එම ආයතන දෙකේ කිසියම් සබඳතාවක් ඇති
බවද කියැවේ.
මෙවැනි පසුබිමකදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ආයතනය
නියෝජනය කරන ප්‍රධාන වෘත්තීය සමිති මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු
විනිවිද බවකින් සිදුවිය යුතු බව අවධාරණය කරයි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ
සහ මිහින් ලංකා ගුවන් සමාගමේ සේවය කරන සාමාජිකයන් 4000 කින් යුත් ශ්‍රී
ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න විසින් මේ
ප්‍රතිව්‍යුහගත කිරීම විනිවිද බවින් සිදුවනු දැකීමේ අපේක්ෂාවෙන් ඒ පිළිබඳ
ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති අතර අගමැතිවරයාටත් ලිපි දෙකක් යොමු
කරමින් සාකච්ඡාවකට අවස්ථාවක් ඉල්ලා තිබේ. එහෙත් ඔවුන්ගෙන් ප්‍රතිචාරයක්
නොලැබුණු බව ඔහු පවසයි.
විනිවිද බවකින් තොරව ගුවන් සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමට උත්සාහ ගන්නේ
නම් ඊට විරුද්ධව එක් දින සංකේත වැඩ වර්ජනයකට යොමුවීමට ශ්‍රී ලංකා නිදහස්
සේවක සංගමයේ සාමාජිකයන් බලපෑම් කරන බවද සභාපති විජයපතිරත්න පැවැසීය.
දහවල් කාලයේ පැය 8ක් වසා තිබෙන කටුනායක ගුවන් තොටුපළින් රාත්‍රි කාලයේ
දසදහසකට ආසන්න පිරිසක් ගුවන්තොටුපොළ සේවය ලබාගන්නා බවත් එක් දිනක වැඩ
වර්ජනයක් සිදුවුවහොත් ඔවුන් දැඩි අසීරුතාවකට පත්වන අතර ගුවන්තොටුපොළ කටයුතු
යථා තත්ත්වයට පත් කිරීමට සතියක පමණ කාලයක් ගතවන බවත් සංගමයේ සභාපතිවරයා
පැවැසීය.
මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම්
හසන්ත යසරත්න පැවැසුවේ රටේ ජනතාවටත් ආයතනවලට සම්බන්ධ වෘත්තීය
සමිතියකටවත් අදාළ පෞද්ගලිකකරණ ව්‍යාපෘතිය සඳහා තෝරාගත් සමාගම සහ ඊට අදාළ
කොන්දේසි මොනවාද යන්න ගැන කිසිදු දැනුම්දීමක් නොකිරීමෙන් දැඩි සැකයක් මතුවන
බවයි. “මේ ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ රහසේ සඟවාගෙන කරන බවක් පෙනෙනවා
යැයිද ඔහු සඳහන් කෙළේය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, February 11, 2017
බැදුම්කර බෑණාට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමත්.. ??
Posted by
lankanews
at
February 11, 2017
Labels: arjun family, arjun mahendran, bandumkara, central bank, lankanews, ranil agreement, yahapalanaya
බැදුම්කර බෑණාට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමත්.. ??
2017-02-11T16:58:00+01:00
lankanews
arjun family|arjun mahendran|bandumkara|central bank|lankanews|ranil agreement|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
