ආණ්ඩුවෙන් තමාට සිදුවන කෙනෙහිලිකම් තවදුරටත් පැවතුණහොත් විශ්‍රාම යනතුරු
බලා නොසිට තනතුර අතහැර දමා ගමට ගොස් කුඹුරු කොටන බව විගණකාධිපති ගාමිණී
විජේසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා ගිණුම්කරණ විගණන
ප්‍රමිති මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් ලෙස සේවය කළ තමාට විගණනය හා ගිණුම්කරණය
පිළිබඳ දේශීය හා විදේශීය වශයෙන් ඉහළම සුදුසුකම් ඇති නමුත් ඇතැම්
දේශපාලනඥයන් විගණන වාර්තා විවේචනය කරන්නේ තම වංචා දූෂණ වසා ගැනීමට මිස අන්
හේතුවක් නිසා නොවන බව ඔහු අවධාරණය කළේය.
තමා රැපියල් 69,000/-ක මාසික වේතනයකට මෙම තනතුරට පැමිණියේ මුලින් දැරූ
තනතුරේ මසකට රුපියල් ලක්ෂ 3 ½කට අධික වැටුප පවා නොසලකා හැර බව පවසන
විගණකාධිපතිවරයා තමා බලාපොරොත්තු වූයේ මුදල් පිළිබඳවම නොසලකා ජනතා සේවයට
කැපවීමේ අදිටනින් කටයුතු කිරීම බවද කියයි. ශ්‍රී ලංකා ගිණුම්කරණ විගණන
ප්‍රමිති මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් ලෙස සේවය කළ තමාට විගණනය හා ගිණුම්කරණය
පිළිබඳ දේශීය හා විදේශීය වශයෙන් ඉහළම සුදුසුකම් ඇති නමුත් ඇතැම්
දේශපාලනඥයන් විගණන වාර්තා විවේචනය කරන්නේ තම වංචා දූෂණ වසා ගැනීමට මිස අන්
හේතුවක් නිසා නොවන බව ඔහු අවධාරණය කළේය.
තමාට දැනට ගෙවන වැටුප පවා නිත්‍යනුකූල භාවයට පත්වී නොමැති අතර තමා
තනතුරට පත්ව මාස 14ක කාලයක් ගියත් තම වැටුප පාර්ලිමේන්තුව අනුමත කර නොමැති
බව ඔහු කීවේය. ඒ නිසා තම වැටුප් මුදල් වෙනම ගිණුමක පවත්වාගෙන යන බවද
විගණකාධිපතිවරයා හෙළි කළේය.
මේ රටේ කිසිදු විගණකාධිපතිවරයකුට තමාට තරම් විරුද්ධවාදිකම් ඇතිවී නොමැති
බව පවසන හෙතෙම තම වයස අවුරැදු 60 පිරීමට ඇත්තේ තවත් අවුරුදු 2 මාස 2ක පමණ
කාලයක් බව කියයි. එම කාලය තුළ පාරදෘශ්‍ය භාවයෙන් සහ ස්වාධීනව තම රාජකාරි
කරන අතර කුමන බලපෑම් පැමිණියත් කිසිවිටෙකත් මෙම තනතුර දේශපාලනීකරණය නොකරන
බවද පවසයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, February 5, 2017
කොන්ද නමන්නේ නෑ.. කෙනෙහිලිකම් ඉවසන්න බැරි වුණොත් ගමට ගිහින් කුඹුරු කොටනවා.. – විගණකාධිපති
2017-02-05T23:10:00+01:00
lankanews
arjun mahendran|Auditor General|central bank|corruptions ravi|fake ravi|gamini wijesinghe|lankanews|ravi karunanayake|ravi karunanayake family|unp politicians|yahapaalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
