ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 23, 2017

බුද්ධි අංශ ,ත්‍රිවිධ හමුදාවට එරෙහි මහා කුමන්ත්‍රණයක් ...!!!

…මානසික වශයෙන් දස වධ දෙන්න ජාත්‍යන්තරය හා එකගතා …ජාතික ආරක්ෂාව අවදානම් !!!

බුද්ධි අංශ අඩපණ කරමින් , ත්‍රිවිධ හමුදාවට එරෙහි කුමන්ත්‍රණයක ආණ්ඩුව නියැලී සිටින බව ,පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.  (23) බත්තරමුල්ල ,නෙළුම් මාවතේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ජාත්‍යන්තරය හා එක්වී රජය සිදු කරන මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මින් ඉදිරියට ජනතාව දැනුවත් කිරීමට සූදානම් නමුත් මෙහි අවසානය ඉතා භයානක බවයි ඔහු අවධාරණය කලේ.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,
“අපි පළමුවෙන්ම බලන්න ඕන ජාත්‍යන්තර පොරොන්දු පත්‍රය ගැන.විශේෂයෙන්ම 2015 ආණ්ඩුව වෙනස් වෙලා ජිනීවා මානව හිමිකම් කොමිසමට ලංකාව සහභාගි වුණා.ඒ සහභාගි වුණ වෙලාවේ පළවෙනි වතාවට ඇමරිකාව ගෙනාපු යෝජනාව සම අනුග්‍රහය හැටියට ඒ යෝජනාව ශ්‍රි ලංකාවත් ඉදිරිපත් කළා. මානව හිමිකම් කවුන්සිලයට දැන් ඒක ඉදිරිපත් කලාම අපි විටින් විට කිව්වා මේක අධූර දර්ශි ,අහිතකර ,සිංහල දෙමළ මුස්ලිම් භේදයක් ඇති කරන මේක මේ රටට ඉතා අහිතකරයි කියලා අපි එදා නිතර නිතර කිව්වා.

දැන් මේ කාරණය ආයෙත් මතු වෙලා තියෙනවා .ඊයේ සම්බන්ධන්  ,අපි පුදුම වුණා විශේෂයෙන්ම දෙමළ සන්ධානයේ විපක්ෂනායකවරයා හැටියට යෝජනාව ගේන්නේ මංගල සමරවීර  එදා යෝජනා කරපු කාරණය ගැන .එතනදී ඒ අය පැහැදිලිව කියන්නේ අපිට දීපු පොරොන්දු පත්‍රය ඉටු කරන්න කියලා.මේක සාධාරණයි .
ඒ අතරේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලීමක් කරනවා මානව හිමිකම් කවුන්සිලයට මේ ඉදිරිපත්වී ඇති යෝජනාව ඉතා භයානක ,රටට ඉතා අහිතකර යෝජනාව යම් මට්ටමින් වෙනස් කිරීමේ කටයුත්තක් ගැන .එතුමා කියනවා අපිට අපේ පාඩුවේ ඉන්න දීලා ,අපේ ස්වෛරීත්වය රැක ගෙන ඉන්න දෙන්න කියලා .දැන් ඒ යෝජනාව ඉදිරිපත් කරන්නේ මේ ආණ්ඩුව.මේ ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා මංගල සමරවීර.ඊට පස්සේ රටේ ජනධිපතිවරයා අවුරුදු එකහාමාරකට පස්සේ කියනවා මේ ගැන අපි ඉන්නේ ගැටළුවක කියලා .එක අතින් මේක කාලොචිතයි .දැන් ට්‍රම්ප් විසින් මේ යෝජනාවට සම්බන්ධ සියළු සාමාජිකයින් ඒ පරිපාලනයෙන් ඉවත් කරලා තියෙනවා.ඒ අනුව තමා නිෂා බිස්වාල් ,සමන්තා පවර් මේ ඒ පරිපාලන කටයුතු වලින් ඉවත් කරන්නේ .
මේ රටට ආවා වධ හිංසා පැමිණවීමේ නියෝජිතයෙක්.පස්සේ ඔහු එල් .ටි .ටි .ඊ එක්ක සාකච්ඡාවක් කරලා මානව හිමිකම් එකට වාර්තාවක් ලබා දෙනවා .මේක ඉතාම භයානක තත්වයක් .එපමණක් නෙමේ ඔහු ආණ්ඩුවට බල කරලා තියෙනවා රෝම ප්‍රඥප්තියට අත්සන් කරපල්ලා කියලා.මෙන්න මේ කරුණු මාධ්‍යයේ තමා , පළවෙනි වතාවට රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා , ජාතික ප්‍රශ්නය විසදන්න මහා ප්‍රයන්තයක් දරනවා.හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ,මැතිවරණයේදී ,උතුරු -නැගෙනහිරට මෙයාලා පොරොන්දු පත්‍රිකාවක් දීලා තියෙ නවා .හැබැයි මෛත්‍රිපාල සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශනයේ බොහෝම පැහැදිලිව තියනවා ව්‍යවස්ථාවේ වෙනස්කමක් තියෙන්න ඕන .ඒක ජනමත විචාරණයකට ලක් නොවිය යුතුයි කියලා.අද මංගල සමරවීර සහ සම්බන්ධන් යන දෙදෙනා කියනවා නියත වශයෙන්ම මෙය කල යුතුයි කියලා .
සම්බන්ධන් ,සුමන්තිරන් කණ්ඩායම මේ ජනමත විචාරණය අනුමත කරන්න කාරණයක් තියනවා .ජනමත විචාරණයක් දින්නත් ,පැරදුණත් අපි පරාදයි රටක් හැටියට .හේතුව තමා අපි හිතනවා මේක 95 % අපි දිනනවා කියලා .ඒක දන්වනවා දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතීන්ට .මොවුන් කියනවා ඒක තමා අපි කිව්වේ .බහුතරය තියෙන්නේ සිංහලයාට කියලා .ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සදහා මැදිහත් වෙනවා .මේක භයානක තත්වයක් .ඒ නිසා තමා දෙමළ ජාතික සන්ධානය මේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යමු කියන මැදිහත්වීම දිගින් දිගටම කරන්නේ .මේක ඉතාම භයානක තත්වයක්.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපට බරපතල සැකයක් මතුවෙලා තියනවා මේකත් පොරොන්දු පත්‍රිකාවේම කොටසක්ද කියලා .කීත් නොයාර්ගේ පැහැර ගැනීම සම්බන්ධයෙන් බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියත් අත්අඩංගුවට අරගෙන තියෙනවා .මේ බුද්ධි අංශ නිළධාරීනේ ඡායාරූප ගෙන ඒ අය හදුනා ගැනීමේ පෙරට්ටුවකට දැමිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා.
ආණ්ඩුව යම් එකගතාවයට ඇවිත් තියනවාද බුද්ධි අංශ අඩපණ කරනවාය කියලා .අපිට දැන ගන්න ඕන ඒක .මේ අය උත්සහ කරන්නේ බුද්ධි අංශ වට්ටලා ,ඒ අය මානසික වශයෙන් පීඩාවට පත් කරලා ,බුද්ධි අංශ ඉවත් කරලා ඔවුනේ එක් අරමුණක් ලබාදීපු එක් පොරොන්දුවක් ඉටු කරනවාදෝ කියලා අපිට පැහැදිලි සැකයක් තියනවා.
ඊටත් වඩා භයානක කාරණයක් තියනවා චන්ද්‍රිකා  ,යුධ හමුදාවට ලිංගික චෝදනා එල්ල කරනවා. මේක ඉතාම භයානක තත්වයක්.2009 මැයි 19 න් පස්සේ අපි මේ රට හොද පරිසරයකට ගෙනාවා .ත්‍රස්තවාදි නායකයෙකු මැරුණාට පස්සේ ඊට එරෙහිව කැටපෝලයක්වත් ඉස්සුවේ නෑ .අපි ඒ තැනට තමා මේ රට ගෙනාවේ .කිසිම චෝදනාවක් තිබුනේ නෑ .හැබැයි 2015 න් පස්සේ රටේ ජාතික ආරක්ෂාව පල්ලේහාට වට්ටන්න තරම් මේ ආණ්ඩුව අද කටයුතු කරලා තියෙනවා .බුද්ධි අංශ මානසික පීඩාවට ලක් කරලා මේ අය ජාත්‍යන්තරය එක්ක සතුටු වෙනවා මොකද මේ ඉටු කරමින් ඉන්නේ ජාත්‍යන්තරය සමග තියන එකගතා.මේ තත්වය රටේ ජනතාව දැන ගත යුතුයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.