සහල් මිල දරාගත නොහැකි තරමට ඉහළ යෑමත්, ඇතැම් ප්‍රදේශවල පවතින සහල්
හිඟයත් රජයේ පාලන මිලට සහල් මිලදී ගැනීමට බොහෝ ප්‍රදේශවල නොමැති වීමත්
හේතුවෙන් බත් කන පාරිභෝගික ජනතාව මේ දිනවල මහත් දුෂ්කරතාවකට මුහුණ දී
සිටිති. සහල් වෙළෙන්දන් පවසන්නේ රජයේ පාලන මිලට දෙන්නට සහල් තොග තමන් සතුව
නැති බවයි.
සතොස වෙළෙඳසල්වල හැර වෙනත් කිසිම තැනක රජයේ පාලන මිලට කිසිදු සහල් වර්ගයක් ලබා ගැනීමට නොමැත. ලක් සතොස වෙළෙඳපොළ ඉදිරිපිට බොහෝ කලකට පසුව දිගු පෝලිම් දක්නට ලැබිණි.
විදේශීය සහල් ඇතැම් වෙළෙඳසල්වල අලෙවිය සඳහා තිබුණද ඒවා ගුණාත්මක භාවයෙන් තොර බවත් රුපියල් 78ක මිලකට අලෙවි වූ බවත් පාරිභෝගිකයෝ සඳහන් කරති.
සම්බා සහල් ප්‍රධාන හා උප නගර රැසක රුපියල් අනූවේ සිට එකසිය දහය දක්වා මිලකට අලෙවි වනු දක්නට ලැබිණි. කෙසේ වෙතත් නාඩු සහල් අලෙවිය සඳහා නොමැති වීම සම්බන්යෙන් නගර රැසක වෙළෙඳුන්ගෙන් කළ විමසීම්වලදී ඔවුන් සඳහන් කෙළේ වී මොල් හිමියන් විසින් නාඩු සහල් වෙළෙඳපොළට සපයා නැති බවයි.
මේ අතර රටේ පවතින සහල් ගැටලූවට කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත් ලබන 19 වෙනිදා (ඉරිදා) කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ආපනශාලා වසා දමමින් වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එහි ජාතික සංවිධායක අසේල සම්පත් සඳහන් කළේ ඉල්ලීම් 05ක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

රාජ්‍ය ආයතන, සරසවි සහ වෛද්‍ය පීඨවල ඇති ආපනශාලා සදහා සහල් සහනාධාරයක් ලබාදෙන ලෙස ද මෙහිදී ඉල්ලීමක් කෙරිණ.
සිය ඉල්ලීම් සඳහා බලධාරීන් කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් දිවයින පුරා ආපනශාලා වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ද හෙතෙම සදහන් කර සිටියි.