සම්ප්‍රදායන් බිඳ මහ බැංකුවට පිටින් නි. අධිපතිවරයකු පත්කර ගැනීමේ යෝජනාවක්...!!! ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙතෙක් පැවැති සම්ප්‍රදායන්
කඩකරමින් මහ බැංකුව සඳහා පිටින් නියෝජ්‍ය අධිපතිවරයකු
පත්කර ගැනීම සඳහා වන යෝජනාවක් මහ බැංකුවේ මුදල් මණ්ඩලයට
ඉදිරිපත්ව තිබේ.
මෙය මුදල් ඇමැතිවරයාගේ අවශ්‍යතාව මත ඉදිරිපත්ව ඇති
යෝජනාවක් බවද මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග හෙළි කරයි.
මහ බැංකුවේ සිටින නිලධාරීන්ගෙන් බැහැරව
පිටතින් පුද්ගලයෙකු මහ බැංකුව නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස පත් කර
ගැනීමේ යෝජනාව මහ බැංකුවේ මුදල් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ
මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග
විසින් බව මහ බැංකු ආරංචිමාර්ග පවසයි.
අත්දැකීම් සහ ජ්‍යෙෂ්ඨත්වය මත මහ බැංකුවේ දැනට සිටින සහකාර
අධිපතිවරුන් අතුරින් නියෝජ්‍ය අධිපතිවරුන් පත් කර ගැනීම
මෙතෙක් පැවැති සම්ප්රදාය විය. එහෙත් මෙයට පිටින් මුදල්
අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මහ බැංකුවට පිටින් නියෝජ්‍ය
අධිපතිවරයෙකු පත් කර ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කිරීම, මහ
බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ කනස්සල්ලට හේතුවී ඇති බවද
පැවසේ.
දැනට මහ බැංකුවේ සිටින නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනාගෙන් දෙනෙකු
මේ වසරේ දී විශ්‍රාම යාමට නියමිත අතර ඒ අනුව පුරප්පාඩු වන
නියෝජ්‍ය අධිපතිධුර දෙකෙන් එකක් සඳහා මේ බාහිර පුද්ගලයා පත්
කර ගැනීමට අපේක්ෂා කරන බවද කියති.
නියෝජ්‍ය අධිපති එස්. ලංකාතිලක අප්‍රේල් මාසයේදීද පී.
සමරසිරි අගෝස්තු මාසයේදීද විශ්‍රාම ගැනීමට නියමිතය.
මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී අදාළ ටෙන්ඩර් මණ්ඩලයේ
සභාපතිවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි
අගෝස්තු මාසයේ විශ්‍රාම ගැනීමෙන් පසු ඔහුව යළිත් පුරප්පාඩු වී
ඇති නියෝජ්‍ය අධිපතිධුරයට පත් කර ගැනීමේ සැලසුමක් ඇති බවටද මහ
බැංකුව තුළ ආරංචි පැතිර ගොස් ඇත.
බැඳුම්කර නිකුතුවේදී අදාළ ටෙන්ඩර් මණ්ඩලයේ සෙසු සාමාජිකයන්ගේ
බහුතර මතයට පවා පටහැනිව පී. සමරසිරි හිටපු මහ බැංකු
අධිපති අර්ජුන මහේන්ද්‍රන්ව ආරක්ෂා කිරීමේ
ප්‍රතිපත්තියක් අනුගමනය කළ නිසා ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු
යළිත් නියෝජ්‍ය අධිපතිවරයා ලෙස කරළියට ගෙන ඒම සැලසුම් කිරීමට
හේතුව බවද මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචිමාර්ගවලින් තවදුරටත් වාර්තාවේ.
කෙසේ නමුත් පිටින් නියෝජ්‍ය අධිපතිවරයකු පත් කර ගැනීමේ යෝජනාවට
තවමත් මුදල් මණ්ඩලය තීරණයක් ගෙන නොමැත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, February 8, 2017
හිවල් මුදල් ඇමති කරුපයියාට ඌගේ හොර මගඩි වසා ගැන්මට ගෙනෙන ප්ලෑනක්...!!!
Posted by
lankanews
at
February 08, 2017
Labels: corruptions ravi, fake ravi, gamini wijesinghe, ravi, ravi karunanayagam, ravi karunanayke, unp corruptions, unp deals, yahapalanaya
හිවල් මුදල් ඇමති කරුපයියාට ඌගේ හොර මගඩි වසා ගැන්මට ගෙනෙන ප්ලෑනක්...!!!
2017-02-08T04:00:00+01:00
lankanews
corruptions ravi|fake ravi|gamini wijesinghe|ravi|ravi karunanayagam|ravi karunanayke|unp corruptions|unp deals|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
