අපගේ මව් භාෂාව වන සිංහලය සුරැකීමට නවතම සංවිධානයක්....!!! මෙම ප්‍රවෘත්තිය අපට ඵවා තිබුණේ අරුණ නවරත්න විසින්. ඔවුන්ගේ වෙබ් අවකාශයට පිවිස තවත් තොරතුරු දැනගත හැකියි.
ඕනෑම රටක ජීවනාලිය වන්නේ භාෂාවයි. ජාතික දේහයක හද ගැස්ම වන්නේ භාෂාවයි. යම් කිසි රටක් තවත් රටක් හෝ යම් කිසි ජාතියක් තවත් ජාතියක් හෝ ආක්‍රමණය කරන්නේ නම් ඉස්සෙල්ලාම කළ යුත්තේ ජීවග්රහයෙන් භාෂාව අල්ලා ගැනීමයි.ඒ සදහා කරන උපක්‍රම දෙකක් තිබෙනව මූලික වශයෙන්. ඒ තමයි පළමුවෙන්ම භාෂාව දූෂිත කිරීම. දෙවනුව භාෂාව අවභාවිතයට ලක්කිරීම. ඊළගට උපක්රමශීලීව භාෂාව භාවිතා කරන්නවුන් විසින් ම හෙලා තලා දැක්කවීම. ඉන් අනතුරැව වෙනත් බසක් එහි රෝපනය කරවීම. මේක තමයි ස්වභාවය. ඒක හරියට සශ්‍රීක කුඹුරක් එහි තිබෙන අස්වැනු කපල, නෙලල, මඩකරල අලුතින් මඩ කරල වෙනත් යමක් රෝපනය කරනව වගේ. අලුත් භෝගයක් රෝපණය කිරීමට පෙර ඉස්සර වෙලා තිබෙන භෝගය ඉවත් කළ යුතුයි.වීඩියෝ සහිතයි
භාෂාව ආරක්ෂා කිරීම හුදෙක් භාෂාව ආරක්ෂා කිරීමක් නොවෙයි. සිංහල භාෂාව සිංහලයන්ගෙන් තොර කරල මේ රටේ මාතෘ භාෂාවේ ආරක්ෂාව අහිමිකරල තියෙනව. මව් භාෂාවට හිමි නෛතික ප්රවේශයන්, අධ්‍යාපනික ප්රවේශයන් පිළිබද සාකච්ඡා කිරීම සදහා ජාත්‍යන්තර මව් භාෂා දිනය වන රටේ ආරක්ෂාව ලබා ගැනීමයි. ඒ සදහා තමයි මව් භාෂාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ.භාෂාවේ ජවය, භාෂාවේ බලය, භාෂාවේ දේශපාලනය,භාෂාවේ අයිතිය මේ සියල්ලක්ම එක් රොක් කරගෙන භාෂාව ආරක්ෂා කර ගත යුතුයි.
පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියන් අදහස් දක්වමින්:
යම් යම් ස්ථානවල හම්බවෙන අක්ෂර අපට පෙන්නුම් කරනව, සාක්ෂි සාධක ගේනව මේ භාෂාව කොපමන පැරණිද කියල. අපේ මව් බස පිළිබද කිසියම් විදිහට අභිනනන්දන සන්ධිස්ථානයකට අප පැමිණ තිබෙනව. අපේ භාෂාවට කියන්නෙ සිංහල භාෂාව කියල. සිංහල භාෂාවේ පැරණි කම අපි බලංගොඩ මානවයා දක්වා අරගෙන ගියහොත් අවුරුදු 65000කට වැඩියි සිංහල භාෂාවේ පැරණි කම.යමක් පැරණි වෙන්න පැරණි වෙන්න ඒක සංවර්ධනය වෙන ලක්ෂණයක් තියෙනව.ඒ අනුව බලනකොට අවුරැදු 65000ක් තුළ සිංහල භාෂාව මෙන තරම් පුළුල් ලෙස වැඩී තිබෙයි ද කියල මෙනෙහි කිරීමට මේ හොදම කාලයයි. භාෂාව විතරක් නෙමෙයි මේ විදිහට වැඩෙන්නෙ. භාෂාවට අදාල සියල්ල. එය සාහිත්‍ය වෙන්න පුළුවන් එය ගායනය වෙන්න පුළුවන් .එය සන්නිවේදනය වෙන්න පුළුවන්. ඒ නිසා භාෂාවත් සමගම බොහෝ පැති වර්ධනය වෙනව.
http://www.mawbhashawa.org