ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 12, 2017

අනේ මං තොත්ත බබෙක්...!!! මොකුත් දන්නෙ නෑ...!!!


කුඩු කප්පිත්තාගේ ඥති සොයුරියගෙන් දුම්බර හිරගෙදර ලොක්‌කාට ලක්‍ෂ 20ක්‌...!!!
කන්නන් නමැති මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකුගේ ඥති සොයුරියක විසින් රුපියල් ලක්‍ෂ විස්‌සකට අධික මුදලක්‌ දුම්බර බන්ධනාගාර අධිකාරිවරයාගේ ගිණුමක තැන්පත් කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය පුළුල් විමර්ශනයක්‌ අරඹා තිබේ.
ඒ අනුව ඉකුත් සතියේ දුම්බර බන්ධනාගාර අධිකාරිවරයා පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයට කඳවා ප්‍රශ්න කර ඇත.
මීට කලකට ඉහතකදී මත්කුඩු ජාවාරමේ යෙදී සිටියදී පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගත් කන්නන් නමැති මෙම කුඩු ජාවාරම්කරුවා පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කර තිබේ.

පසුව ඔහු 2013 වසරේදී ඇප මත මුදා හැර සිටියදී නැවතත් මත්කුඩු තොගයක්‌ සමඟ හැටන් පොලිසියට හසුවී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර දුම්බර බන්ධනාගාරයේ රඳවා ඇත.
කන්නන් එසේ බන්ධනාගාරගතව සිටියදී ඔහුගේ මත්කුඩු ජාවාරම දිගින් දිගටම ක්‍රියාත්මක වීම හේතුවෙන් ඒ පිළිබඳ විමර්ශන සිදු කළ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය කන්නන්ගේ ප්‍රධාන ගෝලයකු මත්කුඩු තොගයක්‌ ද සමඟ කොටු කරගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරතුරු මත කන්නන්ගේ ඥති සොයුරියන් වන කාන්තාවන් දෙදෙනකු මත්කුඩු තොගයක්‌ සමග අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇත.

එම කාන්තාවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එක්‌ කාන්තාවක සන්තකයේ තිබී බැංකු රිසිට්‌ පතක්‌ හමුවී ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන පැවැත්වීමේදී එම රිසිට්‌ පතට අනුව මුදල් යවා ඇත්තේ දුම්බර බන්ධනාගාරයේ අධිකාරිවරයාගේ ගිණුමට යෑයි අනාවරණය වූ බව ද පොලිසිය සඳහන් කරයි.

මෙම අනාවරණයෙන් පසු මත්ද්‍රව්‍ය කාර්යාංශයට කැඳවූ දුම්බර බන්ධනාගාර අධිකාරිවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී තමන් මුදල් පොලියට දෙන බවත් එසේ පොලියට දුන් මුදලක්‌ තම බැංකු ගිනුමට කිසිවකු විසින් හෝ දමන්නට ඇති අතර එසේ මුදල් තැන්පත් කළේ කවරකුදැයි තමා නොද්නා බවත් පවසා තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.