ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, February 4, 2017

රටම උගස් කොට දේශපාළුවෝ සමරන " රෙද්දේ නිදහස"

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස්‌ වී අදට හරියටම වසර 69 කි. නිදහසින් පසු ගෙවී ගිය දශක හතක කාලය තුළ ලංකාවේ දිශානතිය පිළිබඳව පසුකථනයක යෙදීමට මෙය අවස්‌ථාවක්‌ කර ගත යුතුය.
1951 වසරේ දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 16 ක්‌ ව තිබූ විදෙස්‌ ණය ප්‍රමාණය ඊට වසර 69 කට පසු සියයට 100 ප්‍රතිශතයකට ආසන්න වෙමින් තිබේ. මේ ණය කන්ද ගිනි කන්දක්‌ බව අප අමතක නොකළ යුතුය. අවනීත, අදූරදර්ශී පාලනයෙන් හා දේශප්‍රේමී සටන් පාඨවලින් පසුගිය වසර 69 පුරා අප උපයා ගත් අස්‌වැන්න මේ ණය කන්දය.දැන් යහපාළුවන්ගේ අමන සංහිඳියාවෙන් ජාතික ගීයද භාෂා දෙකකී.
14, 15 වැනි සියවස්‌වල යුරෝපා අධිරාජ්‍යවාදයට එරෙහිව ස්‌වදේශික ජනයා ආයුධ අතට ගත් අතර එය ලංකාව, ඉන්දියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව දක්‌වා ව්‍යාප්ත වූ දැවැන්ත සටන් ව්‍යාපාරයක්‌ බවට පත් විය. මෙම දේශප්‍රේමී සටන් බොහෝමයක්‌ අවසන් වූයේ ස්‌වදේශික ජනයාට අන්ත පරාජයක්‌ අත්කර දෙමිනි. විශේෂයෙන් යුරෝපා ජාතීහූ වෙඩි බෙහෙත් උණ්‌ඩවලින් ඉතා ම්ලේච්ඡ ආකාරයට මෙම සටන් මර්දනය කළහ. ලංකාවේ සිදු වූ මෙවැනි සටන් අවසන් වුයේ රුධිර ගංගාවලිනි. කෙසේ හෝ අවසානයේ අවිය වෙනුවට දැනුම උපයෝගී කර ගනිමින් ඉතා සියුම්ව ඉංග්‍රීසීන්ගෙන් රටේ පාලනය සියතට ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට හැකි විය. 1948 දී ඩී. එස්‌. සේනානායක මහතාගේ නායකත්වය යටතේ සිංහල, දෙමළ, මුස්‌ලිම් නායකයෝ එකට එකතු වී ලංකාවට නිදහස දිනා ගැනීමේ ක්‍රියාවලිය ජයග්‍රහණය දක්‌වා ගෙන ගියහ.

ඉංග්‍රීසීන්ට අවශ්‍ය වූයේ ලංකාව ලාභ ලබන යටත් විජිතයක්‌ ලෙස පවත්වාගෙන යැමය. ඒ සඳහා ඔවුහු රටේ පරිපාලනය විමධ්‍යගත කළ අතර වැවිලි ආර්ථිකය නංවමින් රටේ ප්‍රවාහන පද්ධතිය දියුණු කළහ. 1505 පෘතුගීසීන් පැමිණෙන විට උඩරට, වන්නි, කෝට්‌ටේ, සීතාවක, රයිගම වශයෙන් කොටස්‌ 5 කට කැඩී රජවරුන් 5 දෙනකු පාලනය කළ ලංකාව පළමුවෙන්ම ඒකීය රාජ්‍යයක්‌ බවට පත්වන්නේ ඉංග්‍රීසි පාලන යුගයේදී ය. නමුත් ඉංග්‍රීසීන්ගේ මෙම පරිපාලන ක්‍රියාවලියෙන් ලංකාව ප්‍රයෝජන ගත්තේ නැත.

ශ්‍රී ලංකාව මේ වන විට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයෙන් සහ ප්‍රංශ විධායක ජනාධිපති ක්‍රමයෙන් සමන්විත වූ ආණ්‌ඩුක්‍රම 3ක්‌ යටතේ පාලනය වී ඇත. කේවල හා සමානුපාතික වශයෙන් මැතිවරණ ක්‍රම දෙකක්‌ යටතේ මැතිවරණ පවත්වා ඇත. සමාජවාදී හා මිශ්‍ර ආර්ථික ක්‍රම මගින් මෙරට ආර්ථිකය ශක්‌තිමත් කිරීමට උත්සාහ දරා ඇත.

1948 වසරේ ශ්‍රී ලංකාව ආසියාවේ කැපී පෙනෙන රටක්‌ ලෙස ඉදිරියට පැමිණිය ද අද වන විට ආසියානු රටවල් බොහෝමයක්‌ අප පසුකර ගොස්‌ තිබේ. ඒ සඳහා හොඳම ආදර්ශය අපට කිලෝ මීටර් 30 ක්‌ ඈතින් සිටින ඉන්දියාවය. ලංකාවට වසරකට පෙර නිදහස දිනාගත් ඉන්දියාව නිදහසින් පසු ජාතික ප්‍රතිපත්තියක්‌ යටතේ කටයුතු කරමින් අද වන විට ලෝකයේ 6 වැනි විශාලම ආර්ථිකය ඇති රට බවට පත් වී තිබේ. වසර 2040 වන විට ඇමරිකාව හා චීනයේ ආර්ථිකයට සමතැන් ගැනීමට ඉන්දියාවට හැකි වනු ඇත. ඉන්දියාව පමණක්‌ නොව සිංගප්පූරුව. ජපානය, ඩුබායි යන රටවල් දියුණු වූයේ ජාතික ප්‍රතිපත්තියක්‌ මත රට ඉදිරියට ගෙන යැමෙනි. නමුත් ලංකාව නිදහසින් පසු වැටුණේ වැරදි පීල්ලටය.

1951 වසරේ දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 16 ක්‌ ව තිබූ විදෙස්‌ ණය ප්‍රමාණය ඊට වසර 69 කට පසු සියයට 100 ප්‍රතිශතයකට ආසන්න වෙමින් තිබේ. මේ ණය කන්ද ගිනි කන්දක්‌ බව අප අමතක නොකළ යුතුය. අවනීත, අදූරදර්ශී පාලනයෙන් හා දේශප්‍රේමී සටන් පාඨවලින් පසුගිය වසර 69 පුරා අප උපයා ගත් අස්‌වැන්න මේ ණය කන්දය.

21 වැනි සියවසේ ගෝලීය රාජ්‍යයන්වල ස්‌වාධිපත්‍යය ආරක්‍ෂා වන්නේ ආර්ථික බලය මත පමණි. නව යටත් විජිතවාදයෙන් බේරීමට එකම ආයුධය වන්නේ ද මෙයයි. ඉන්දියාව අග්නි මිසයිලය ගුවනට විදිමින් ඒ බලය තමන් සතු බව ලෝකයට පෙන්වද්දී අපි නිදහස්‌ දිනය දා ගාලු මුවදොර සිට සෝමාලියාව පැත්තට කාලතුවක්‌කු ප්‍රහාර එල්ල කරමින් සිටිමු.

1948 නිදහසින් පසු අපට දිනා ගැනීමට ඇති දේ බොහෝ ය. ඒ සියලු ජය කණු පසු කිරීමට නම් "එක මවකගෙ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා."

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.