ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, February 14, 2017

හැරිසා සහ ඩඩ්ලියා බත්පතිනුත් ගසා කන අයුරු.... !!!

රටම හාමතේ තබා මෝල් හිමියන් නින්දිත වැඩක…ජනයා හූරගෙනම කාලා …කොමිස් කුට්ටි ගණන් අත යට … හාල් හොරා …හැරිසන්ට ගැළවීමක් නෑ …
ඉන්දියාවෙන් මෙරටට ගෙන්වනු ලබන සහල් මෙරට මෝල් හිමියන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය මත ඔවුන්ගේ ඇසුරුම්වල දමා වෙළදපොළට නිකුත් කරමින් සිටින බවත් එය විෂය භාර ඇමති පි .හැරිසන්ගේ සහ තවත් ප්‍රබලයන් කිහිප දෙනෙකුගේම අනුදැනුම මත සිදු වන්නක් බව , සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න අනාවරණය කරනවා .ඔහු පෙන්වා දෙන්නේ,අමාත්‍යවරයා කොමිස් මුදලට යටවී මහා පරිමාණ මෝල් හිමියන් කිහිප දෙනෙකු හා එකට එක්වී සහල්  ජාවාරමේ නියැලෙන බවයි.
රට තුළ කිසිදු ආකාරයේ සහල් හිගයක් නැති බවත් සහල් හිගයක් මවා පාමින් , මහා පරිමාණ මෝල් හිමියන් කිහිප දෙනෙකුම, සහල් මාෆියාවක් ආරම්භ කර ඇති බවද ඔහු සදහන් කළා. සහල් මාෆියාව පිටුපස සිටින මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනා වෙළඳපොළට නිකුත් කර තිබූ සහල් තොග ආපසු තම ගබඩාවලට අදිමින් සිටින බවත් ඒ සහල් වෙළද පොලට නිකුත් කිරීමට රජයට නොහැකි නම් එය සිදු කිරීමට අප සූදානම් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

විගණකාධිපතිවරයාගේ වාර්තා අනුව 2016 වනවිට රට තුළ සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 16ක් තිබෙන බවත් 2017 අප්‍රේල් වනවිට තවත් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 10ක් නිකුත් වන බවත් ඒ අනුව 2018 වසරේ ජනවාරි පෙබරවාරි දක්වා රට සහලින් ස්වයංපෝෂිතව පවතින බවත් මේ වනවිට සහල් හිඟයක් මවා පෑම සහල් මාෆියාවේ “ගෝඩි ෆාදර්”ලාගේ වැඩක් බවත් ඔහු පෙන්වා දෙනවා.
සහල් මිල පහත හෙළීමට රජයේ ගබඩාවල ඇති වී සහල් කර වෙළඳපොළට නිකුත් කරන්නේ යැයි පවසමින් එම ගබඩාවල තිබූ වී මහා පරිමාණ මොල් හිමියන්ටම පුද කළ බවත් සහල් මිල පාලනයට යැයි කියමින් පිටරටින් සහල් ආනයනය කිරීමට ගත් තීරණයේදීද එම සහල් ගෙන්වීමටද නැවත අවස්ථාව උදා කර දුන්නේ එම මහා පරිමාණ මෝල් හිමියන්ටම බවත් නාමල් කරුණාරත්න හෙළි කරනවා.
පාලන මිල ඉවත් කරන්නේනම් රුපියල් 80ට හාල් දෙන බවට ඔවුන් ආණ්ඩුවට තර්ජනය කරමින් සිටින බවත් නාමල් කරුණාරත්න පෙන්වා දෙනවා. පාලන මිල ඉවත් කරන්නේනම් රුපියල් 80කට සහල් ලබා දීමට හැකි නම් මේ වනවිටත් රුපියල් 100 ඉක්මවා යමින් සහල් අලෙවි කරන්නේ එය ජාවාරමක් නොවේදැයි නාමල් කරුණාරත්න ප්‍රශ්න කරනවා.
සහල් මාෆියාකරුවන් පිළිබඳ තොරතුරු තමන් සතුව ඇති බවත් එම තොරතුරු අවස්ථා ගණනකදීම බලධාරීන්ට ඉදිරිපත් කර ඇති නමුත් ඔවුන් ඒ පිළිබඳව කිසිවක් නොකරන බවත් සහල් මාෆියා කරුවන් නීතියේ රැහැනට හසු කරගැනීමට ප්‍රමාණවත් නීති පවතින බවත් ඔහු පෙන්වා දෙනවා.කොමිස් මුදලට යටවී අද විෂය භාර අමාත්‍යවරයා මහා පරිමාණ මෝල් හිමියන් හා එකට එක්ව කටයුතු කරන බවට ඔහු චෝදනා කරනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.