මහ බැංකුවේ විගණන වාර්තා බොරු.. අර්ජුන මහේන්ද්‍රන්ගේ නම කැත කරන්න හදනවා..!!!
අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාව සිටි කාලයේදී ඔහු කළේ
යැයි කියන විය හියදම් ගැන පැවැත්වුණු අභ්‍යන්තර විගණන වාර්තාව සාවද්‍ය
වාර්තාවක් බවට ඔප්පු වූ බවත් එම වාර්තාව වත්මන් අධිපතිවරයා විසින් අනුමත
කිරීම පවා ප්‍රතික්ෂේප කළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික
නිලධාරී ජගත් කාරියවසම් සදහන් කරයි.
පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් කාරියවසම් මෙසේද සදහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විගණන අධ්‍යක්ෂවරිය විසින් සකස් කළේ යයි කියන
අභ්‍යන්තර විගණන වාර්තාවක් විවිධ වෙබ් අඩවි සහ සමාජ ජාල ඔස්සේ ප්‍රකාශයට
පත්වීමත් සමගම එළිදැක්වූ මාධ්‍ය හරඹය සහ එයට එක් වූ තවත් නොයෙකුත් අටුවා
ටීකා අපි පසුගිය දින කිහිපයේම අත් වින්දෙමු.ඊනියා විගණන වාර්තාවට පසුබිම්
වු සත්‍ය කතාව මෙසේය.
අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිධූරයෙන් ඉවත් වූ
වහාම ඔහුට විරුද්ධව කල්ලි ගැසී සිටි මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිප
දෙනෙක් අලූතින් පත්ව ආ අධිපතිවරයාව නොමග යවමින් අර්ජුන මහේන්ද්‍රන්
අධිපතිව සිටි කාලයේ ඔහු කළේ යයි කියන විය හියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
ආරම්භ කළහ.
එහි ප්‍රතිඵලයක් වශයෙන් හිටපු අධිපතිවරයා නිල වශයෙන් ඔහුට හිමි හා ඔහු
වෙනුවෙන් දැරිය යුතු විය හියදම් මහ බැංකුවේ ප්‍රතිපත්ති හා පටිපාටින්
උල්ලංඝනය කරමින් කළ බව සනාථ කරමින් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කර වූ
ඊනියා විගණන වාර්තාව මහ බැංකුවේ අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂවරිය විසින්ම
පිළියෙල කරන ලද්දකි.
විගණන වාර්තාව වත්මන් මහ බැංකු අධිපතිවරයා වෙත ඉදිරිපත් කළ පසුව අනිකුත්
දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග සාකච්ඡුා කිරීමෙන් අනතුරුව එය සාවද්‍ය
වාර්තාවක් බවට ඔප්පු වූ අතර වත්මන් අධිපතිවරයා විසින් එකී වාර්තාව අනුමත
කිරීම පවා ප්‍රතික්ෂේප කරන ලදී.ඒ අනුව අදාළ වාර්තාව කිසිදු අනුමැතියකින්
තොරවූ සාවද්‍ය ලිපි ගොනුවක් ලෙසට අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂවරිය භාරයේම
පැවතිණි.
පසුගිය වකවානුවේ මාධ්‍ය මගින් අනාවරණය කළ ආකාරයට අභ්‍යන්තර විගණන
අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකා මහ බැංකුවේ බරපතළ මුදල් වංචා කිහිපයකටම වගකිව
යුතු තැනැත්තියකි.මහ බැංකුව වෙතින් ව්‍යාපාරික පන්තියේ විදේශ සංචාර සදහා
මුදල් ගෙන සාමාන්‍ය ගුවන් ගමන් යමින් ලක්ෂ ගණනක් මහ බැංකුවට වංචා කිරීම
සේවක අර්ථ සාධක අරමුදලේ මහ බැංකුවේ අධිකාරීත්වය දරමින් සිටි කාලයේ සේවක
අර්ථ සාධක අරමුදල සිය සහෝදරයාගේ සමාගමේ ආයෝජනය කර රුපියල් බිලියන ගණනක්
රජයේ මුදල් වංචා කිරීම ආදී බරපතළ චෝදනා ඒ අතර පවතී.
ඉහත වංචා සම්බන්ධව මාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් පසුව වූ කැළල වසා
ගැනීම සදහා අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණින් විගණන අධ්‍යක්ෂවරිය සාවද්‍ය
අභ්‍යන්තර විගණන වාර්තාව මාධ්‍යයට මුදා හැරීමට අර්ජුන් මහේන්ද්‍රන්ට
එරෙහි මහ බැංකුවේ සිටින නිලධාරීණ් කිහිප දෙනෙකුද මේ කටයුත්ත සදහා යොදා
ගැනුණු බව සියලූ දෙනාම හොදින් දන්නා කරුණකි.
තමන්ගේ සැගවුණු පටු පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට අන්ත
දුෂිත නිලධාරීන් විසින් කරන්නා වූ මෙවන් ද්වේශ සහගත ක්‍රියා හේතුවෙන්
වනුයේ පවත්නා යහ පාලන රජය අපහසුතාවයට පත්වීමය.එවන් ක්‍රියා වළක්වා ඒවාට
වරදකරුවන් සොයා නිසි ක්‍රියාමාර්ග ගැනීම වත්මන් අධිපතිවරයා විසින් කළ
යුත්තකි.
– දිනමිණ
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, February 14, 2017
රජයේ මාධ්‍යයත් බැඳුම්කර හොරාට නිර්ලජ්ජිතව කඩේ යයි...!!!
Posted by
lankanews
at
February 14, 2017
Labels: arjun mahendran, bandumkara, Bond Scam, central bank, lankanews, srilankan bank robbery, unp corruptions, yahapalanaya
රජයේ මාධ්‍යයත් බැඳුම්කර හොරාට නිර්ලජ්ජිතව කඩේ යයි...!!!
2017-02-14T16:04:00+01:00
lankanews
arjun mahendran|bandumkara|Bond Scam|central bank|lankanews|srilankan bank robbery|unp corruptions|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
