මහ බැංකුවේ බැදුම්කර වංචා වලට එරෙහිව සිදු කරන පරීක්ෂණ වලට , බාධා එල්ල වෙමින් පවතින බව වාර්තා වෙනවා. බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින , බැදුම්කර ගණුදෙනු ගැන තීන්දු තීරණ ගන්නා , මහ බැංකුවේ අදාළ ටෙන්ඩර් කමිටුවේ සභාපති පි . සමරසිරි තවමත් ඒ තනතුරේම රදවා ගෙන සිටීම සිදු කරන පරීක්ෂණ වලට බාධාවක්වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.ඔහු එම තනතුරේ රැදි සිටින තාක් කල් , මේ පරීක්ෂණ සදහා සාධාරණයක් ඉටු නොවෙනු ඇති බව මහ බැංකුවේ නියෝජිතයින්ගේ අදහසයි.
පසුගියදා බැදුම්කර වංචාව සම්බන්ධයෙන්
සොයා බැලීමට , ජනාධිපති කොමිසමක් පත් කලද , එහි පරීක්ෂන වලට අදාළ නිළධාරියා
තවමත් එම තනතුරේ රදවා ගැනීම බාධාවක් වී ඇති නිසා වහාම ටෙන්ඩර් කමිටුවේ
සභාපති පි . සමරසිරි එම තනතුරෙන් ඉවත් කරන ලෙසට මහ බැංකුවේ උසස් නිළධාරින්
ජනාධිපති මෛත්රිපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වන බවද සදහන්. පි
.සමරසිරි නමැත්තා පසුගිය කාලය පූරාවටම කෝප් කමිටුවට පවා බාධා එල්ල කල බවත්
, ඔහු බැදුම්කර හොරු ආරක්ෂා කරමින් , සෙසු සාමාජිකයන්ගේ අණ නොතකමින්
පසුගිය කාලය පූරාවටම කටයුතු කර ඇති බවද වාර්තා වෙනවා.
චෝදනාවලට ලක්වී සිටින පුද්ගලයන් තමවත් මහ බැංකුව තුළ රදවා ගෙන සිටියදී බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉටු වෙතැයි අපේක්ෂා කල නොහැකි බව , මහ බැංකුවේ උසස් නිළධාරීන්ගේ අදහසයි . බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා තවත් දැඩි තීන්දු ගැනීමට සූදානමක් පවතින බවද වාර්තා වෙනවා.