කොමිෂන් පත් කරන්න කලින්
ඒ සමාගමේ ගිණුම් සීස් කරන්න
බැදුම්කර මගඩිය සහ රටේ දේශපාලනය ගැන මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න නාහිමියෝ කතා කරති.
බෙල්ලන්විල
රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න
නාහිමියෝ උගත්කමසේම සිය අභීතභාවයද මැනවින් ප්‍රකට කරන ලද තෙර
චරිතයකි. සමකාලීන ජාතික ප්‍රශ්න හමුවේ උන්වහන්සේ සිය මතය මෙවර
ප්‍රකාශ කරන්නේ වරදාන වරප්‍රසාද හමුවේ නොනැමී දේශය සුරකින
මුරදෙවි ලෙස තමන් වහන්සේලා සතු වගකීම ප්‍රකට කරවමිනි.
ප්රශ්නය - නායක හාමුදුරුවනේ, ඔබ වහන්සේ හොඳින් දන්නා හඳුනන,
මාදුළුවාවේ සෝභිත හිමියෝ අද ජීවත්ව වැඩ සිටියා නම් මේ රටේ
දේශපාලන තත්ත්වය පිළිබඳව කොහොම කතා කරයිද...?
පිළිතුර - සෝභිත හාමුදුරුවෝ අද හිටියා නම් මේ කෙරෙන හුඟක්
දේවල් අනුමත කරන්නේ නැහැ. උන්වහන්සේ අපවත්වීමට සතියකට දෙකකට
ඉස්සෙල්ලා, මේ දේවල් ගැන කනගාටුවෙන් තමයි කතා කළේ. යහපාලනය
කියපු දෙය නෙමෙයි අද ක්‍රියාත්මක වෙන්නේ කියලා, උන් වහන්සේ අප
සමග පැවසුවා. උන් වහන්සේ ජීවත්ව සිටියා නම් මේ සමහර දේවල් ගැන
උන්වහන්සේ, ප්‍රසාදයක් පළ කරන එකක් නැහැ.
ප්රශ්නය - ස්වාමින් වහන්ස...වත්මන් ආණ්ඩුව සම්මුති පදනමක්
මතයි ඇතිවී තිබෙන්නේ. මේ පදනම නිසාත් සමහර ප්‍රශ්න ඇතිවී
තිබෙනවා නේද...?
පිළිතුර - මිට කලින් ලංකාවේ මෙවැනි ආණ්ඩුවක් ඇතිවෙලා නැහැ.
මෙච්චර කාලයක් මේ ප්‍රධාන පක්ෂ දෙක එකිනෙකාට එරෙහිවූ
ප්‍රතිපත්ති මතයි සිටියේ. මේ පක්ෂ දෙක එකට එකතු වෙලා යන ගමන
අතුරේ යන ගමනක් වගේ. මේ ආණ්ඩුව එජාප ආණ්ඩුවක් ද ශ්‍රීලනිප
ආණ්ඩුවක් ද කියලා කියන්න බැහැ. ඒ නිසා මේ ආණ්ඩුවේ
ප්‍රතිපත්තිය මොකක්ද කියලාත් කියන්න බැහැ. විශේෂයෙන්ම
ජනාධිපතිට මේ නිසා අසීරුතාවයකට මුහුණ දීමට සිදුවෙලා
තිබෙනවා. එතුමා, පොදු අපේක්ෂකයා ලෙස ප්‍රාදූර්භූත වුණේ,
හදිසියේම වගේ. ඔහු ඊට කලින් වසර ගණනක් ශ්‍රීලනිපයේ ලේකම්
ලෙස එම පක්ෂය වෙනුවෙන් කටයුතු කළා. ඔහු ජනාධිපති වුණාට
පස්සේ, එජාපය සමග තිබ්බ ගිවිසුම අනුව, කටයුතු කරන්න වුණා.
රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න වුණා. ඒ වගේ
ප්‍රතිපත්තිමය වශයෙනුත් ඔහු අසීරුතාවයන්ට මුහුණ දෙන්න ඇති.
ප්‍රතිපත්තිමය වශයෙන් මේ දෙපිරිස සිටින්නේ තැන් දෙකක. ඒක සමබර
කර ගැනීමේදී ජනාධිපතිට බැරෑරුම් තීන්දු තීරණ ගන්න වෙනවා.
ප්රශ්නය - ඔබ වහන්සේ විසින් බැඳුම්කර මගඩිය පිළිබඳව
ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කරනු දකින්නට ලැබුණා...
පිළිතුර ) මම එතැන කතා කරන කොට ජනාධිපතිතුමා විසින් ඒ ගැන සොයා
බැලීම සදහා විශේෂ කොමිසමක් පත්කරලා දවසක්වත් ගතවෙලා තිබුණේ
නැහැ. ඒක පත් කළේ මෑතකදී නේ... ඔය ගනුදෙනුව කෙරිලා දැන්
අවුරුදු දෙකකට වැඩිනේ. මුල් අවස්ථාවේ ඒ පක්ෂ අභ්‍යන්තරයේම
කමිටුවක් පත් කරලා, පරීක්ෂණ කොමිටියක් තිබ්බා. ඒ වගේ
දේවල්වලින් වෙච්ච දෙයක් නැහැනේ... ඊට පස්සේ ඒක කෝප් එකට
ගියා. ඒ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් කළේ නැහැ.
එන්න එන්න තත්ත්වය නරක් වෙන කොට, රටේ උද්ඝෝෂණ නැගෙන කොට තමයි,
ජනාධිපති විසින් කොමිසමක් පත් කළේ. මේ රටේ කොමිෂන්
ඉතිහාසය දිහා බලන කොට, ඒවා ප්‍රශ්න අමතක කරන්න, කල් මැරීම සඳහා
උපායක් ලෙස භාවිත වුණා, මිසක් අල්ලපු හොරෙක් නැහැ. මම ඒ ගැන
ජනාධිපති ඉන්න තැනදීම කතා කළා.ඒ තැනදී ජනාධිපති ඉතා
ගෞරවාන්විතව මේ කොමිසමේ තත්ත්වය පැහැදිලි කළා. එතුමාට ජනාධිපති
කොමිසමක් පත් කරන්න තිබ්බත්, ඔහුට
පත් කරලා තිබෙන්නේ විශේෂ
කොමිසමක්. එහි වාර්තාව මාස තුනකින් නිකුත් කිරීමට නියමිත බව
එතුමා කිව්වා.
මේක පොඩි එකාටත් තේරෙන දෙයක්. මෙතන වංචාවක් වෙලා තියෙනවා
කියන එක කවුද නොදන්නේ. මිනීමැරුමක් නම්, ඒක අපිට යම් තාක්
දුරකට අත හැරලා දාන්න තිබ්බා, මැරිච්ච කෙනා එන්නේ නැහැ කියලා.
මේක එහෙම එකක් නෙමෙයිනේ... මේ සිද්ධිය දිගින් දිගට යන්න යන්න
වෙන්නේ, ඒ වැරදි විදිහට මහජන මුදල් හොරකම් කරපු පුද්ගලයන්ට සහ
සමාගමට දවසින් දවස ආදායම් එනවා. මේ අවුරුදු එකහාමාර තුළ ඒ සමගම
බිලියන ගාණක් මුදල් හම්බු කරලා තියෙනවනේ... ඒ අය වෙනත්
තැන්වලත් ඒ මුදල් ආයෝජනය කරනවා. මේ විදිහට කල් යන්න යන්න ඒ අය
තව තව හම්බු කරනවා. හොරකම් කරපු සල්ලි පැටව් ගස්ස ගස්ස
ඉන්නවා. සාමාන්‍යයෙන් මුදල් වංචාවක් වුණහම, ඒ මුදල් සීස්
කරන්න ඕනේ. ඒ ගිණුම් සීස් කරන්න ඕනේ. තාම ඒක වෙලත් නැහැනේ. ඒ
ඔක්කොම මේ රජයට එන්න තියෙන මහජන මුදල් නේ... සේවක අර්ථ සාධක
අරමුදලේ සල්ලිනෙ... පරීක්ෂණ කෙරෙනවා කිව්වත්, ඒ ගිණුම් තාම
අක්‍රිය කරලා නැහැනේ... මගේ විවේචනය ඒ ගැනයි.
ප්රශ්නය - මේ ගැන වගකිව යුතු අය තවම රජයේ ප්‍රධාන තනතුරු
උසුලනවා. මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍ර තවමත්
සිටින්නේ අරලියගහ මන්දිරයේ. ඒ නිසා මේ පරීක්ෂණ කටයුතු පිළිබද
විධිමත් භාවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද...?
පිළිතුර - යහපාලනය කියන්නේ ඕකට නෙමෙයිනේ. ඒ වගකිව යුතු අය සමග
සාකච්ඡා කරලා, ඒ අය ඒ වගකීම්වලින් ඉවත් කරන්න පුළුවන්නේ...
ජනාධිපතිට ඒ බලතල තියෙනවා. ඒ වගකිව යුතු මහ බැංකුවේ
අධිපතිවරයාට ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්න කියලා කිව්වෙත්
නැහැනේ...
කාලය ඉවර වුණහම ගියා මිසක්. සාමාන්‍යයෙන් රටක මෙවැනි වංචාවක්
වුණා කියලා සැකයක් මතු වුණහම, ඒ අය ඉල්ලා අස්වෙන්න ඕනේ...
වැදගත් මහත්වරු නම් එහෙමයි කරන්න ඕනේ... කලිසම් ඇඳගෙන ඉන්න
වැදගත් මහත්වරු එහෙමයි කරන්න ඕනේ. එහෙම දෙයක් වුණෙත්
නැහැනේ... මෙතැන" ජනාධිපති ශක්තිමත්ව ක්‍රියා කරන්න ඕනේ.
එතුමාට හැට දෙලක්ෂයක ජනතාව ඡන්දය දුන්නේ ඒ සඳහානේ...
ප්රශ්නය - ඔබ වහන්සේ මෙසේ ආණ්ඩුවට චෝදනා කරන්නේ, මහින්ද
රාජපක්ෂ මහතාගේ පාර්ශවය ශක්තිමත් කරන අදහසින්ද...?
පිළිතුර - මම කවදාවත් ආණ්ඩු පෙරළන්න හෝ ආණ්ඩු ගොඩනගන්න වැඩ
කරපු කෙනෙක් නෙමෙයි. දැනටම ආණ්ඩුවේ ඉන්න ඇමැතිවරු ආණ්ඩුව
විවේචනය කරනවා. ආණ්ඩුව ඇතුළෙත් එවැනි දේ සිද්ධ වෙනවා. මගේ
විවේචනය ජනතාවගේ හඬ නියෝජනය කිරීමක්. එහෙම මිස ජනතාව පත් කරපු
ආණ්ඩුව එලවන්න මට වුවමනාවක් නැහැ. එදා ඉඳලා හැම
ජනාධිපතිවරයෙකුටම, ආණ්ඩුවකටම අපි විවේචන එල්ල කළා. හොඳ දේට
හොඳ කිව්වා. මහින්ද රාජපක්ෂ ජනාධිපති කියන්නේ මේ රටේ වසර
තිහක් තිබ්බ යුද්ධය නතර කළේ එතුමා. එතුමාට මේ රටේ හැමෝගෙම
ගෞරවයක් තියෙනවා. මටත් ඒ ගෞරවය තිබෙනවා. ඔහු මේ රටේ යළි
නායකත්වයට පත්වුවත් නැතත්, මේ රටේ ජනතාවගේ ඒ ගෞරවය තියෙනවා. ඒක
කවුරුවත් නැහැ කියන්නේ නැහැ. එහෙම නැහැ කියනවා නම්, ඒක
ආකෘතඥතාවයක්. ඒ මිස වෙන දේශපාලන ව්‍යාපාරයක මම නිරත වෙන්නේ
නැහැ.
සාකච්ඡා කළේ - මනෝඡ් අබයදීර
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, February 4, 2017
බැදුම්කර මගඩිය සහ රටේ දේශපාලනය....!!!
Posted by
lankanews
at
February 04, 2017
Labels: arjun mahendran, bandumkara, central bank, con person, lankanews, Maduluwawe sobitha thero, meithreepala sirisena, ranil agreement, ravi karunanayake family, rev bellanwila wimalarathna, yahapalanaya
බැදුම්කර මගඩිය සහ රටේ දේශපාලනය....!!!
2017-02-04T23:55:00+01:00
lankanews
arjun mahendran|bandumkara|central bank|con person|lankanews|Maduluwawe sobitha thero|meithreepala sirisena|ranil agreement|ravi karunanayake family|rev bellanwila wimalarathna|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
