රටම හතර ගාතෙන් වැටේ …රුපියල බාල්දුවීම බඩු මිල වැඩිවීමක් …
බඩු මිල වැඩිවීමේ වේගය හෙවත් උද්ධමනය තවදුරටත් වැඩිවී තිබෙනවා. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව ජනවාරි මාසයේ උද්ධමනය සියයට 6.5ක්. එය 2016 නොවැම්බර් මාසයට සාපේක්ෂව ඒකක 2.3ක පමණ වැඩිවීමක් වනවා. 2016 නොවැම්බර් මාසයේ උද්ධමනය සටහන් වූයේ සියයට 4.2ක් ලෙසයි.
ජනවාරි මාසයේදී විශේෂයෙන්ම ආහාර කාණ්ඩයේ
වියදම්වල කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන
දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. සහල්, පොල්,
පොල්තෙල් යන ආහාරවල සිදුව ඇති මිල වැඩි වීම ඒ අතරින් ද විශේෂයි.
මේ අතර ඇමරිකානු ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල බාල්දු වූ ඉහලම බාල්දු වීම (21) දිනයේදී වාර්තා වුණා. ඩොලරයක විකුණුම් මිල වූයේ 153.44කි.ගැනුම් මිල රු. 149.68ක් ලෙස වාර්තා වුණා .ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මෙතරම් පහළ ගියේ ඉතිහාසයේ ප්‍රථම වතාවට යැයි මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පැවසුවා.
කෙසේ වෙතත් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වීම මෙරට ජනතාවට ඉතා අහිතකර බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.රුපියල එන්න එන්න පිරිහීමත් සමගින් , ආනයනික භාණ්ඩ මිල ඉහළ යනු ඇති අතරම ජනතාවගේ ජීවන වියදම දරා ගත නොහැකි ලෙස ඉහළ යනු ඇති බවට ඔවුන් අනතුරු අගවනවා .
රුපියල පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් තුළ රටට ආර්ථික වශයෙන් මහා පරිහානියක් සිදුවන අතරම රජයේ අකාර්යක්ෂම වැඩපිළිවෙල මේ සදහා බලපා ඇති බවයි ඔවුන් දිගින් දිගටම සදහන් කළේ .
මහ බැංකු බැදුම්කර වංචාවත් එක් අතෙකින් රුපියල මෙලෙස පරිහානියට පත්වීමට හේතු සාධකයක්වී ඇති බවද ඔවුන් සදහන් කළා .බැදුම්කරය වැනි සිද්ධීන් නිසා විදේශිය ආයෝජකයින්ට රට සම්බන්ධයෙන් විශ්වාසය පළුදු වීම නිසා , ඔවුන් විදෙස් ආයෝජන මෙරටට ලබා නොදෙන බවත් ඒ හරහා ඩොලරයට ඉහළ වටිනාමක් ලැබී රුපියල තවදුරටත් බාල්දු වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයනේ අදහසයි .
මේ වන විට රුපියල ඉතිහාසයේ ඉහළම බාල්දු වීම වාර්තා කර ඇති බවත් මේ තත්වයෙන් ගොඩ ඒමට සාර්ථක වැඩපිළිවෙලක් හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීම වඩා සුදුසු බව ඔවුන් අවධාරණය කළා.
මේ අතර රුපියල බාල්දු වීම නිසා විදේශ ණය ප්‍රතිශතද තවදුරටත් ඉහළ යනු ඇති