ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 5, 2017

අතීතය ලියා තැබූ පුස්‌කොළ පොතේ ආරම්භය....!!!

පුස්‌කොළ හෙවත් තල්පත පුරාණයේ විසූ ජනයා තම ලේඛනය උදෙසා භාවිතා කළහ. පුස්‌කොළ ලේඛනය ආරම්භ වූයේ ක්‍රි.පූ. 01 වන සියවසේය. විශේෂයෙන් මලයාසියාව, නේපාලය, ඉන්දියාව, ඉන්දුනිසියාව, ලාඕසෙ, වියට්‌නාමය, පිලිපීනය හා ශ්‍රී ලංකාව ආදී රටවල ජනයා ඉපැරණි වැදගත් ශාස්‌ත්‍ර ලිවීමට මෙම තල්පත භාවිතා කළහ. එයින් බුදුදහම, ත්‍රිපිටකය, ආයුර්වේදය, ජ්‍යෙතිෂය, ගුප්ත විද්‍යාව, මන්ත්‍ර ශාස්‌ත්‍රය ආදිය පුමුඛ වේ. තල්පතේ එදා ලියූ මෙම ශාස්‌ත්‍ර අද දක්‌වාද විනාශ නොවී පවතිනුයේ නිසි ප්‍රමිතියකට සැකසු තල්පතක ආයුකාලය වසර දස දහස්‌ ගනණක්‌ වන නිසාය. තල්පත භ්‍රමනයේ ඇති කඩදාසි මෙන් ඉරීම්, සිදුරුවීම්, දිරීම්, කාවන්, වේයන් කෑම හා ගුල්ලන් වැනි කෘමීන්ගෙන් හානි සිදුවීම ඉතාම අවමය.
පුරාණයේ තල්කොළ මත සකස්‌ කළ ලේඛන එකතුව පුස්‌කොළ පොත විය.

එම පුස්‌කොළ පොතේ නිමාව දැක්‌වෙන පිට කවරය පොත් තම්බාව ලෙස හඳුන්වයි. පොතින් කොළ ගැළවීම වැළැක්‌වීමට පොත බැඳීමට උපකාරී වන බොත්තම් හා පොත් හුය හෙවත් පොත් ලණුවකින්ද පුස්‌කොළ පොත සමන්විත වේ. පිටු ගැලවීම නවතන බොත්තම් පිත්තල, ලෝකඩ, රන් හෝ රිදී වැනි ලෝහයකින් නිර්මාණය විය. පොත් තම්බාව දැව වර්ගයකින් නිම වූ අතර ඇතැම් පෙත් තම්බා පිත්තල, රීදි හා ඇත්දල වලින්ද නිමවා ඇත. තම්බාව නිර්මාණය කිරීමේදී පාරම්පරික මෝස්‌තර, විවිධ රටා ආදිය යෙදීමත් ලාක්‍ෂා වර්ණ යෙදීමත් භාවිතා වුණි. මෙම මෝස්‌තර රටා අතර ඉතා අලංකාර සිත් ගන්නා මල්කම්, ලියකම්, ලියවැල්, පලාපෙති, නාරිලතා කැටයම් සුලභ විය. දැවයෙන් පොත් තම්බාව නිර්මාණය කරන්නේ නම් ඒ සඳහා කොලොන් දැවය හෝ කොහොඹ දැවය භාවිතා වුණි.

පුස්‌කොළ පොත නිර්මාණය කරන තල් පත්‍රය තාල වර්ගයට අයත් තල් ශාකයෙන් ලබා ගනී.  තල් ශාකය උතුරු නැගෙනහිර හා වෙරළබඩත්, මධ්‍යම පළාතෙත් විශාලව හොඳින් වර්ධනය වේ. අවුරුදු 50 ත් 100ත් අතර ආයුකාලයක්‌ ඇති තල් ශාකය මිය යාම සිදුවන්නේ අඩි 20 ක්‌ පමණ උස තල මල පිපීමත් සමගය.

ලපටි තල් පත්‍ර ලා කහ වර්ණයෙන් යුතු අතර නම්‍යශීලිය. ලේඛනයට සකස්‌ කර ගැනීම සඳහා තල්පත් ලබා ගන්නේ තල් ශාකයේ ලපටි, හොඳින් වර්ධනය වූ, නොමේරූ තල් ගොබයක්‌ ශාකයෙන් කපා ඉවත් කර ගැනීමෙන්ය. එම තල් ගොබයෙන් එක්‌ එක්‌ තල්පත වෙන් කර ගැනීම සිදුකරයි. එම පත්‍ර වල නාරටි ද ඉවත් කරයි. එම තල්පත්‍ර විවිධ දිග, පලළින් යුතු වන සේ කපා ගැනීමද, වියළීම සඳහා තද නොවන සේ රෝල් කිරීමද සිදු කරයි. මෙම රෝල් කිරීම වට්‌ටු ගසා ගැනීම නම් වේ. වට්‌ටු ගැසූ තල් කොළ විශාල් තඹ හැලියක දමා වතුර, පැපොල් දළු, අන්නාසි ගොබ, කැප්පෙටියා කොළ, බිලිං කොළ ආදිය සම සමව දමා තම්බා ගනී. මෙය පැය 03 ක්‌ පමණ හොඳින් තැම්බිය යුතුයි. තල්පත් පැය 03 ක්‌ පුරා එකම උෂ්ණත්වයෙන් තැම්බිය යුතු අතර ජලය පිටතට නොයන ලෙස තැම්බිය යුතුයි. එමෙන්ම කෘමින් හෝ වෙනත් කිසිදු ද්‍රව්‍යයක්‌ කල්දේරම තුළට නොවැටෙන සේ වගබලා ගත යුතුයි. මෙසේ පිරිසිදුව තල්පත තම්බා ගැනීම තුළින් තල්පතේ ශක්‌තිමත් භාවය, නම්‍යශීලී භාවය හා පැහැය නොවෙනස්‌ව තබා ගත හැක. තල්පත් වියළීම සඳහා එළියට ගැනීමේදී කල්දේරමේ ඇති ජලය හොඳින් නිවුණු පසු තල්පත් එළියට ගත යුතු බවද තරයේ මතක තබා ගත යුතුයි. මෙලෙස වට්‌ටු ගසා තම්බා ගත් පුස්‌කොළ වියළා ගැනීම සඳහා දින 02 ක්‌ පමණ වැලක මඳ පවනේ එල්ලා තබයි. දින 02 කට පසුව හොඳින් සුර්යාලෝකයට නිරාවරණය කර, තවත් දින 02 ක්‌ හෝ 03 ක්‌ හොඳින් වියළා ගනී. එම වියළීම මගින් තල්පතේ නියමිත පැහැය ලැබීම සිදු වේ. මෙසේ වියලාගත් තල්කොළ වැලි දුවිලි නොගෑවෙන සේ රාත්‍රී කාලයේදී තණ කොළ වැවුණු බිමක අතුරා පින්නේ පදම් කර ගැනීම සිදු කරයි. මෙහෙsදී තල්පතේ ඇති තද කහ පැහැයි තරමක්‌ අවපැහැ ගැන් වී සුදු පැහැයට හුරු වේ. තවද හොඳින් පදම් කර ගත් තල්පතක්‌ කෘමීන්ගෙන් ආරක්‌ෂා වී දිගු කල් පවතී. තවද වියලෙන විට තල්පතේ ඇති වූ රැලි හා රෝල් කිරීමේදී තද වූ තැන් දිග හැර ගැනීමටත් පුළුවන් වේ. ඉන්පසුව තවත් ඉතිරි වන රැලි මඟහැර ගැනීමට හොඳින් සුද්ද කළ ගැලුම ගසක හෝ පුවක්‌ ගසක කඳක්‌ භාවිතා කරයි. මෙහිදී එම කඳක්‌ හරහා තල්පත දමා දෙදෙනෙක්‌ දෙකොනින් අල්ලා දෙපසට ඇදගෙන යාම සිදු කරයි. මෙලෙස තල්පතේ ඇති රැලි නැති වී හොඳින් නිසි ප්‍රමිතියට එනතුරු තල්පත මෙලෙස පදම් කිරීම සිදු කරයි. මෙසේ කිරීමේදී තල්පතේ රේඛා මතුවන අතර එම රේඛා තල්පත් ලේඛනයට මහෝපකාරී වේ.

ලේඛනය සඳහා තල්පත සකස්‌ කර ගන්නවා සේම තල්පත ලේඛනයේද සම්මත නීති රිති ගණනාවක්‌ පවතී. තල්පත ලේඛනය කරන තැනැත්තා බිම වාඩි වී දනිස්‌ දෙක මත තල්පත තබා ගෙන දැතම උපයෝගි කර ගනිමින් ලේඛනය කළ යුතුයි. තල්පත ලේඛනය කරන ලේඛකයා තම වම් අතේ මහපට ඇඟිල්ලේ නිය පොත්ත තරමක්‌ ඉදිරියට වවා එහි මැදින් අර්ධ කවාකාර හැඩයෙන් යුතු කට්‌ටයක්‌ කපා ගනී. මෙම කවාකාර කට්‌ට්‌ටය මගින් පන්හිද හොඳින් ග්‍රහනය කර ගත හැක.

අක්‌ෂර ලිවීමේදී ආරම්භය සදහා ප්‍රන්ධලමක්‌ දමා ආරම්භ කරයි. අක්‌ෂර ලිවීම දෙපසට සිදු වේ. නමුත් පහතරට ප්‍රදේශ වල තල් කොළය මත අක්‌ෂර සාමාන්‍ය ආකාරයට ලිවීමද දැකිය හැක. පහතරට ප්‍රදේශ වල තල්පත වීදුරුවක්‌ මත තබා පන්හිඳෙන් ලේඛනය කිරිම දැකිය හැක. පන්හිදක්‌ මගින් තල්පතේ ලියු අක්‌ෂර අවර්ණය අපහැදිලිය. තල්පතේ ලියන අක්‌ෂර රටා හස්‌ති, හංස, නාත වැනි ශෛලීන්ගෙන් යුක්‌ත වේ. එවැනි ශෛලීන්ගෙන් යුත් අක්‌ෂර මතු කර ගැනීමට තළු මැද ගත යුතුයි. එම කළු ලේඛකයා විසින්ම සකසා ගත යුතුයි. ඒ සඳහා වියළි ගැලුම් ගසේ කඳ පුළුස්‌සා ලබා ගත් අඟුරු තුඩුද, දුම්මල සිඳ ලබා ගත් තෙල්ද, කැකුණ තලා කැකුණ මදෙන් සිඳගත් තෙල් ද භාවිතා කරයි. මෙම වර්ග තුන මිශ්‍ර කර, එම මිශ්‍රනය පිරිසිදු රෙදි පොට්‌ටනියක ආධාරයෙන් තල් පතේ ලියූ අකුරු මත ඇතිල්ලීම සිදු කරයි . මෙය කළු මැදීම නම් වේ.

මෙස්‌ කළු මැදීම තුළින් අක්‌ෂර කියවීමට හැකි ලෙස වර්ණවත්ව මතුවනවා සේම , තල්පතද නම්‍යශීලි වීම, තල්පතට ක්‍ෂද්‍ර ජීවින් අක්‍රමණය කිරීම නැති වීම සිදු වේ. කළු මැදගත් තල්පත මදක්‌ වියලීමට තබා කුරක්‌කන් පෙති වලින් මුදාගත යුතුයි. මෙහිදී වැඩිපුර කළු වැදී ඇති තැන් පිරිසිදු වන අතර තෙතමනයද පහව යයි.

තල්පතේ ලියූ අක්‌ෂර මතුකර ගැනීමේ පුරාණ සම්මත ක්‍රමය ඉහත ආකාර වුවද පහතරට නූතන ක්‍රමය වනුයේ දුම්මල තෙල් හා කපුරු දැළි තැවරූ පොට්‌ටනියක්‌ උපයෝගී කර ගෙන කළු මැදීමයි. ඇතැමුන් කපුරු දැළි වෙනුවට පසු වැල් ඇට පුච්චා දැලි ලබා ගැනීමද සිදු කරයි. මෙසේ කළු මැද පිරිසිදු රෙදි කඩකින් තල්පත පිසදා ගත යුතුය.

තල්පතේ ලියන වචන වෙන් කිරීමක්‌ හෝ අවසන් විරාම ලකුණු භාවිත කිරීමක්‌ සිදු නොකරයි. ලියා අවසන් කරන පුස්‌කොල පෙළ ගස්‌වනුයේ සිංහල අකාරාදී අනු පිළිවෙළටය. මෙසේ සකසා ගත් පුස්‌කොළ පොතක්‌ සංරක්‌ෂණය සඳහා සිදුරු විද හුය දමා නබ්බා වවලට අමුනා හුයෙන් ගැට ගසා කොහොඹ ලියෙන් කළ රාක්‌කයක්‌ මත තැම්පත් කිරීම සිදු කරයි. තල්පතේ හිල් විදීමෙදීද සම්මත ක්‍රමයක්‌ භාවිතා කරයි. පළමුව සිව් වරක්‌ ද ඉන්පසු තෙවරක්‌ද නැමූ සම්මත දිගැති තල්පත දිග හැරීමෙන් තල්පතේ නැමුණු සිරිස රේඛා දෙපස සිට තුන්වැන්නෙන් හිල් විදගනු ලැබේ. මෙලෙසම එම සිදුරු හා සමපාත වනසේ කබ්බා වලද සිදුරු විද ගනු ලබයි.
http://budsas.net/palm/index.htm
තල්පතේ පළල විවිධ වුවද, දිග තීරණය වනුයේ සම්මත වඩුරියන් ක්‍රමයටය. මෙම වඩු රියන අඟල් 31 වන බ්‍රහ්ම වඩුරියන ලෙසද, අඟල් 32 වන මහේෂ්වර වඩුරියන ලෙසද, අඟල් 33 ක්‌ වන විෂ්ණු වඩු රියන් ලෙසද භාවිතා කෙරේ. නමුත් තල්පතේ ලිවීම සඳහා බහුලව භාවිතා වනුයේ අඟල් 31 වූ බ්‍රහ්ම වඩුරියනයි. මෙලෙස බ්‍රහ්ම වඩුරියන භාවිතා කර සිදුරු විදගත් තල්පත් කිහිපයක එකතුවක්‌ තල්පත් ලඩ්ඩුවක්‌ වේ.

වර්තමානයේ සිටින ජ්‍යෙdතිෂවේදීන්ද එදා සිටි ජ්‍යෙතිෂ්වේදීන් මෙන්ම ජන්ම පත්‍ර සැකසීමේදී තල්පතේ ලිවීමට හුරුවන්න. එවිට එය ජ්‍යෙතිෂයේ උන්නතියටත්, ජ්‍යෙdතිෂවේදියා වන ඔබගේ ගරු ගාම්භීරත්වයටත් හේතුවනු නොඅනුමානය.


මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.