ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 10, 2017

හොරා නම් හොරාමය ඌගේ වෙනස ටයි කෝට් හැඳ පැළඳ සිටීම පමණී...!!!

මහ බැංකුවම සුද්දයි …රුපියල් හයකෝටි හැටලක්‍ෂයක් කම්බස් කල ටයි කෝට් කම්බ හොරා
තමන් මහබැංකු අධිපතිධුරය දැරූ සමයේ එහි මූල්‍ය විනය හා රෙගුලාසි උල්ලංඝනය කරමින් අර්ඡුන් මහේන්ද්‍රන් නැමැත්තා විදේශ සංචාර හා අනෙකුත් වියදමි සඳහා රුපියල් හයකෝටි හැටලක්‍ෂයක් (6,60,00,000.00) වැය කොට තිබෙන බව 2016 අගෝස්තු 01 වැනිදා මහබැංකුව නිකුත් කළ විගණන පසුවිපරම උපුටා දක්වමින් ජානිපෙ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර අනාවරණය කර සිටියේය.
මේ වියදම් අතර සනීපාරක්‍ෂකතුවා සඳහා වන වියදම්, ලන්ඩන් සමාජ ශාලා වියදම්, සුඛෝපබෝගී හෝටල් කාමර ආදී අරුම පුදුම වියදම් වන බව ජයන්ත සමරවීර ඉහත වාර්තාව උපුටා දක්වමින් පෙන්වා දුන්නේය.කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර,
මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධානතම චූදිතයා වන එහි හිටපු අධිපතිවරයා, අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳව සුවිශේෂ අනාවරණයක් කිරීමටයි මේ මාධ්‍ය හමුව කැඳවූයේ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ උපදෙස් පරිදි සිදු කළ මහ බැංකු බැඳුම්කර නිකුතුවක් මගින් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවට සිදුකළ පාඩුව රුපියල් බිලියන 159ක් බව විගණකාධිපති ගාමිණී විජේසිංහ පෙන්වා දී තිබෙනවා. එම බැඳුම්කර වංචාව නිසා අද රටට සිදුවී ඇති පාඩුව රුපියල් බිලියන 1000ක් බව අප හිතවත් බන්දුල ගුණවර්ධන පෙන්වා දී තිබෙනවා.
එවැනි ලෝක ඉතිහාසයට එක් වන වංචාවක් කළ මේ අර්ජුන් මහේන්ද්‍රන් තමන් මහ බැංකු අධිපති ධුරය දැරූ වසරක පමණ කාලය තුළ ග්‍රී ලංකා මහ බැංකුවට සිදු කොට ඇති පාඩුව රුපියල් හයකෝටි හැටලක්‍ෂයක්(66,000,000) බව දැන් හෙළිවී තිබෙනවා. මේ බව හෙළිකර ගත්තේ නිල වාර්තාවක් මගිනුයි. මහ බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ විදේශ සංචාර පිළිබඳ සහ අනෙකුත් වියදම් පිළිබඳ සිදු කළ පසුවිපරමේදී’ තමයි මේ බව හෙළි වී ඇත්තේ. ඔහු මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසි, විනය කඩ කරමින් ඉහත මුදල් ලබාගෙන වියදම් කර තිබෙන බවයි මේ විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබෙන්නේ.
ඔහු ජනතා මුදලින් අරුම පුදුම වියදම් ගණනාවක් සිදුකර ඇති බව මේ විගණන පසුවිපරමෙන් පෙන්වා දෙනවා. තමන්ගේ අතිශය පෞද්ගලික වියදම් පවා ඔහු මහ බැංකු මුදලින් සිදු කර ඇති ආකාරය එහි සඳහන්ව තිබෙනවා. උදාහරණ ලෙස 2015 සැත්තැම්බර් 15 වැනිදා ඩුබායි කැරිෆෝ වෙළඳසැලෙන් ඔහු සනීපාරක්‍ෂක තුවා සහ පැම්පර්ස් අරන් තිබෙනවා. ඊට වැය වූ රුපියල් 26,000ක් මහ බැංකුවට පටවා තිබෙනවා. එසේම 2015 නොවැම්බර් 10 වැනිදා ඔහු මහ බැංකු අධිපති ධුරයට හිමි නුවරඑළිය සංචාරක බංගලාවේ නතර වී සිටින අතරතුර ඒ අසල ඇති නුවරඑළිය ග්‍රෑන්ඞ් හෝටලයට රුපියල් 184,821ක බිලක් ගෙවා තිබෙනවා, එයාගේ සාක්කුවෙන් නොවෙයි, මේ රටේ මහ බැංකුවේ මුදලින්.
මේ අරුම පුදුම වියදම් එතනින් නතර වෙන්නේ නැහැ. ඔහු ඉන්දියාවේ දිල්ලි නුවර පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමුළුවකට යනවා. එය පවත්වන්නේ ඉම්පීරියල් හෝටලයේ. එහි අර්ජුන් මහේන්ද්‍රන්ට නවාතැන් සහ ආහාරද සපයා තිබෙනවා. එසේ තිබියදී ඔහු දිල්ලියේ තාජ් පැලස් හෝටලය සඳහා රුපියල් 420,289ක් ගෙවා තිබෙනවා. මේ වියදම එක් රැයක් සඳහායි. මේ රටේ ජනතාවගේ මුදල් ඒ විදිහට යොදාගෙන ඇත්තේ අනාචාරයේ හැසිරීමට නොවෙයිද?
ඒ වගේම ඔහුගේ හිතවතියකට හෝ හිතවතකුට මහ බැංකුවේ මුදලින් අයිපෑඞ් එකක් අරන් දී තිබෙනවා. ඊට වියදමි වී ඇති මුදල රුපියල් 187,000ක් බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර විශේෂ සාමාජිකයන් සඳහා වෙන් වූ සමාජ ශාලාවකට එක් රාත්‍රියක් සඳහා මේ සිංගප්පූරු ජාතිකයා, රනිල් වික්‍රමසිංහ හාමු මහත්තයාගේ ගජ මිතුරා රුපියල් 160,000ක් ගෙවා තිබුණා. මේ විදිහට අර්ජුන් මහේන්ද්‍රන් තමන්ගේ අතිශය පෞද්ගලික කටයුතුවලට කළ වියදම් මේ වාර්තාවේ සඳහන් වෙනවා.
ඒ විදිහට මේ පුද්ගලයා වසරකට මදක් වැඩි කාලයට කර ඇති වියදම රුපියල් හයකෝටි අසූලක්‍ෂයක් බව හෙළි වී අවසන්. මහ බැංකු මුදල් හොරා කෑවා මදිවාට මහ බැංකුවෙන් මුදල් අරන් අනාචාරයේ හැසිරී තිබෙනවා. මේවා කරන්නේ ටයි කෝට් ඇඳගෙන සාමාන්‍ය ජනයාට නොතේරෙන්න. මේ ටයිකෝට් ඇඳගත්තු හාමු මහත්වරු කම්බ හොරු බව අද යළිත් වතාවක් මේ වාර්තාවෙන් තහවුරු වී තිබෙනවා.
අපි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් අහනවා, ‘මේ මුදල් කාබාසිනියා වීම ගැන ඔබතුමා මොකද කියන්නේ?’ කියලා. ඒ වගේම අපි අහනවා, ‘නිල් අලි පැටවුනි, රතු අලි පැටවුනි, සිවිල් සමාජ තක්කඩියිනි නුඔලා කියපු වෙනස මේකද?’ කියලා. අවසන් වශයෙන් ජනාධිපතිවරයාගෙන් අහනවා, ‘ඔබතුමා රටට දෙනවා කියපු අපමණ අගය මේකද?’ කියලා.
මේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ හොරකමට, වංචාවට, දූෂණයට, විරුද්ධව අපි නිහඬව සිටින්නේ නැහැ. අපේ පාලනයක් යටතේ නිසි දඬුවම් ලබාදීමට හැකි වන සේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, අපරාධ විමර්ශන අංශය ආදී ආයතනවලට මේ පිළිබඳව නුදුරේදීම පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.”

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.