මහා භාණ්ඩාගාර මුදලින් නිළධාරින් 100 ක්
සිංගප්පුරුවේ චාරිකා …රජයේ ප්‍රධානියාට අතේ මාට්ටුයි …එකාට එක බැගින් අධි
සූඛෝපභෝගි කාමර පහසුකම් … ජනතා මුදලින් නිළධාරින් 100 ක් රට සවාරියේ...!!!
රජයේ
අවසරයකින් තොරව මහජන මුදල් වැය කරමින් මහා භාණ්ඩාගාරයේ නිළධාරින් 100
දෙනෙකු පසුගිය සතියේ සංචාරයක නිරතවී ඇති අතර ඒ සම්බන්ධයෙන් රජය මේ වන
පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා .අදාළ නිළධාරින් පිරිසට
සිංගප්පුරු ගුවන් තොටුපළේදී , රජයේ ප්‍රධාන පෙලේ නායකයෙකු මුණ ගැසී ඇති අතර
මහා භාණ්ඩාගාරයේ නිළධාරින් පවසා ඇත්තේ අධ්‍යන කටයුත්තක් සදහා මෙලෙස
සිංගප්පූරුව බලා ආ බවයි .නමුත් මෙතරම් පිරිසක් එකවර විදේශ සංචාරයක නිරතවීම
ගැන එහිදී එම නායකයා පුදුමයට පත්වී ඇති අතර ඔහු මේ සම්බන්ධයෙන් රජයේ අදාළ
බළධාරීන්ගෙන් විමසීමක් කර ඇත.
අධ්‍යයන කටයුත්තකට සහභාගි වන්නේ නම් රාජ්‍ය නිලධාරීන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතු වුවද මෙම පිරිස එවැනි අවසරයක් ගෙන නොමැති බව හෙළිවී ඇත.
අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ උපදෙස් මත මහා භාණ්ඩාගාරයේ නිළධාරින් 100 විදෙස් ගතවී ඇති අතර එහිදි සූඛෝපභෝගි හෝටල් කාමර එක් අයෙකුට එක බැගින් මිලදී ගෙන ඇති බවද සදහන්.ඒ සදහා එක් කාමරයක පමණක් දිනකට ඩොලර් 2000 ක් 3000 ත් අතර මුදලක් වැයකර ඇති බවද දැන ගන්නට ලැබෙනවා.