රාජ්‍ය ආයතන විකිණීම, ඉඩම් විදේශිකයාට ලබාදීම වැනි දේ
දේශපාලනික වශයෙන් සියතින් ගෙල සිඳ ගැනීමකි. අනෙක් අතට සියල්ල
පුද්ගලීකරණය කර ලැබෙන බදු මුදලින් රටක් ගෙනයන්නට සිතන්නේ නම්
එවැනි ආණ්ඩුවක අවශ්‍යතාවයක් ජනතාවටද නොපවතිනු ඇත. මේ නිසා
රජය ජනතාවගේ සිතුම් පැතුම් හොඳින් තේරුම් ගත යුතුය. ජනතාවට
දහසකුත් පොරොන්දු ලබාදී බලයට පැමිණි රජයක් මේ ආකාරයට කටයුතු කරන්නේ නම් ජනතාව එය නොඉවසන බව රජය තේරුම් ගත යුතුය.
රටේ
ජනතාව පසුවන්නේ දැඩි ආර්ථික ප්‍රශ්න මධ්‍යයේය. මේ ආර්ථික
ප්‍රශ්න රටේ දේශපාලන වෙනසක අවශ්‍යතාවය මතු කරමින් තිබේ.
සැමදෙනා පවසන්නේ අතේ මුදල් නොමැති බවය. මහා පරිමාණ
ව්‍යාපාරිකයන් පවා පවසන්නේ වෙළඳාමක් හරිහැටි නොමැතිව ව්‍යාපාර
කඩා වැටී ඇති බවය. රටේ ආර්ථික විශේෂඥයන් පවසන්නේ මේ තත්ත්වය
ඉදිරියෙදී තවදුරටත් තීව්ර වන බවය.
මේ වන විට ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 20.5 දක්වා ඉහළ
ගොස් තිබේ. ලෝක ඉන්ධන මිල පහළ බැස තිබියදී මේ අන්දමට ආනයන
වියදම ඉහළ යැම විශේෂ තත්ත්වයකි. එහෙත් තවමත් අපනයන ආදායම
පවතින්නේ ඇමරිකානු ඩොලර් බිලියන 8.5 ක් ලෙසය. මේ දෙක අතර
පරතරය බිලියන දොළහක් වීම අප වැනි රටකට කෙසේවත් ඔරොත්තු දෙන්නේ
නැත. එසේම විදේශ ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම ඩොලර් බිලියන
6.2 කි. සවුදි අරාබියට ශ්‍රමිකයන් යෑවීමේදී ගැටලු ඇතිවී තිබේ.
සංචාරක ව්‍යාපාරයෙන් ලැබී ඇති ආදායම ඩොලර් බිලියන 4.2 කි.
පුනරාවර්තන වියදම් බිලියන 15 කි. ප්‍රාග්ධන වියදම බිලියන 4.2
ක් වෙද්දී රාජ්‍ය ආයෝජන බිලියන 3.2 තෙක් පහළ බැස තිබේ.
අයවැය පරතරය ඉහළ මට්ටමක පවතී. මුදල් මුද්‍රණය 2016 වසරේදී
සියයට 29 කින් ඉහළ ගොස් තිබේ. විදේශ සංචිත මේ වන විට ඩොලර්
බිලියන 4.7 දක්වා පහළ බස තිබේ. එය මීට පෙර බිලියන අටක්ව
පැවතින.
මේ අතර නියඟය නිසා සහල් ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්රයේ ආදායම
සියයට තිහත් හතළිහත් අතර ප්‍රමාණයක අඩුවීමක් සිදුවෙතැයි
අපේක්ෂා කෙරේ. ඒ සඳහා පිටරටින් සහල් ගෙන ඒමට තවත් විශාල විදේශ
විනිමයක් වැය කළ යුතුය. මේ අතරේ ඔපෙක් සංවිධානය මේ වන විට
තෙල් මිල වැඩි කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික
තත්ත්වය පිළිබඳ කිව හැක්කේ එය අතිශය අවිනිශ්චිත බවය. මේ වන
විට පොලී අනුපාත ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
2014 දී සියයට 4.5 ක් වූ විරැකියාව 2017 වසර වන විට සියයට 5.4
දක්වා ඉහළ ගොස් තිබේ. ජනතාවගේ රන් භාණ්ඩ උකස් කිරීම ඉහළ
ගොස් තිබේ. උද්ධමනය වැඩිවෙමින් පවතී. මේ තත්ත්වය යටතේ එදිනෙදා
වියදම් හා වැටුප් ගෙවීමට පවා අපහසු තත්ත්වයක් මතුවෙමින් පවතී.
රටේ ඇති ඉඩම් හා අනෙකුත් වටිනා දේ විදේශ සමාගම් සතු කර එයින්
මුදල් සෙවීම හැර වෙනත් විකල්පයක් නැති තැනකට රජයද පත්ව තිබේ.
අනෙක් අතට සේවක වැටුප්, විදුලි ගාස්තු හා අනෙකුත් වියදම් ඉහළ
අපේ රටට විදේශ ආයෝජකයන් පැමිණෙන්නේ මේ ආකාරයට අඩු මුදලට ඉඩම්
ලැබෙන නිසාය.
කෙසේ වෙතත් මෙවැනි දේ අප වැනි රටක ජනතාවට දිරවන්නේ නැත. අපේ
රටේ ජනතාවට අවශ්‍යවන්නේ දේශීයත්වය හා බැඳුනු ඒ මත පදනම්වූ
පාලනයකි. කවර පක්ෂයක් බලයට ගෙන ආවද ජනතා අපේක්ෂාව එයයි.
රාජ්‍ය ආයතන විකිණීම, ඉඩම් විදේශිකයාට ලබාදීම වැනි දේ
දේශපාලනික වශයෙන් සියතින් ගෙල සිඳ ගැනීමකි. අනෙක් අතට සියල්ල
පුද්ගලීකරණය කර ලැබෙන බදු මුදලින් රටක් ගෙනයන්නට සිතන්නේ නම්
එවැනි ආණ්ඩුවක අවශ්‍යතාවයක් ජනතාවටද නොපවතිනු ඇත. මේ නිසා
රජය ජනතාවගේ සිතුම් පැතුම් හොඳින් තේරුම් ගත යුතුය. ජනතාවට
දහසකුත් පොරොන්දු ලබාදී බලයට පැමිණි රජයක් මේ ආකාරයට කටයුතු කරන්නේ නම් ජනතාව එය නොඉවසන බව රජය තේරුම් ගත යුතුය.
නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක විසින් දිවුලපිටිය ප්‍රාදේශීය
ලේකම්වරියට බැණවැදී තර්ජනය කිරීම මුළු දේශපාලන ක්ෂේත්රයම
උණුසුම් කළේය.
රන්ජන් රාමනායක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය
සම්බන්ධයෙන් කළ ප්‍රකාශ පිළිබඳව සමාව ගැනීම හෝ ඉල්ලා අස්කර
ගැනීම සිදු නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී
ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ
සංගමය හා සිද්ධියට සම්බන්ධ ප්‍රාදේශීය ලේකම්වරිය පසුගියදා
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත්
මද්දුමබණ්ඩාර සමඟ සාකච්ඡා පැවැත් වූහ. මෙහිදී
ජනාධිපතිවරයා මෙන්ම රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ද සිද්ධිය
සම්බන්ධයෙන් කනගාටුව පළ කළ බව පැවසේ.
මහජනතාවට බලපාන ගැටලුවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැතිවරයා
මැදිහත් වීම ගැන ගැටලුවක් නැත. එහෙත් එවැනි ආකාරයෙන් පරිපාලන
සේවා නිලධාරියෙක් අමතන්නට නියෝජ්‍ය ඇමැතිවරයාට අයිතියක්
නොමැත. එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරියගේ
අඩුපාඩුවක් නැති මුත් එවැනි ප්‍රශ්නයක් තිබේ නම් ඒ ගැන
නීත්‍යානුකූල ක්‍රමවේද තිබියදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ ආකාරයට
හැසිරීම දැඩි ප්රශ්නකාරීය.
මේ අතර රන්ජන් රාමනායක මහතා විසින් දිවුලපිටිය ප්‍රාදේශීය
ලේකම්වරියට බැණවැදී අපහාස කිරීමට විරෝධය දක්වමින් ගම්පහ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා සියලුම ප්‍රාදේශීය ලේකම්
කාර්යාල සේවකයෝ පසුගිය 30 දා තම සේවා කටයුතුවලින් ඉවත්ව
උද්ඝෝෂණවල නිරත වූහ. මෙවනිදේ රජයේ සේවකයෝ නොඉවසන බවට
දේශපාලකයනට පණිවිඩයක් මෙයින් ලැබුණි.
පසුගිය රජය සමයේ මෙවැනි දේ කළේ මර්වින් සිල්වා ඇමැතිවරයාය.
2001 වසරේ මහමැතිවරණය අතරතුර මර්වින් සිල්වා තමා ගැන ලියු
මාධ්‍යවේදියකු සොයා ආයුධ රැගත් මැරයන් සමග දිවයින කර්තෘ
මණ්ඩලයට ගියේය. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය
කිසියම් නිසි තීරණයක් ඔහු සම්බන්ධයෙන් ගත්තේ නම් එදා ඔහු
පාඩමක් ඉගෙන ගන්නවා නොඅනුමානය. අවාසනාවට එවැන්නක් සිදුවූයේ
නැත. ඊට වසර කීපයකට පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ
මර්වින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තුළට ගොස් එහි
සේවකයන්ට පහර දෙන්නට උත්සහද කළේය. සිරස රූපවාහිනියට පහර
දුන්නේය. සමෘද්ධි නිලධාරියෙක් ගස් බැන්දේය. මේ මොහොතේ රජය හෝ
පක්ෂය රන්ජන් ගැන තීරණයක් ගතහොත් එය රටටම ආදර්ශයක් වනු ඇත.
යහපාලනය සැබෑ යහපාලනයක් ලෙස එවිට ජනතාවට තේරුම් යනු ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ
ප්‍රේමකුමාර ගුණරත්නම් නොහොත් නොයෙල් මුදලිගේට 2017 පෙබරවාරි
01 දා සිට මෙරට පුරවැසිකම ලබා දී තිබේ. කලක් ජනතා විමුක්ති
පෙරමුණේ ප්‍රබලම චරිතයක් වූ ඔහුට මෙරට දේශපාලනය සඳහා
නීත්‍යානුකූල අවසරය ලැබීම ජනතා විමුක්ති පෙරමුණට යම් බලපෑමක්
කරනු ඇත.
වීසා කොන්දේසි උල්ලංඝනය කළේ යයි ගුණරත්නම් වසරක කාලයක් සිර
දඬුවමක්ද වින්දේය.
මේ අතර ප්‍රේමකුමාර ගුණරත්නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ
සංවිධායක ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ ඇත.
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් වෛද්‍ය සභාවේ
ලියාපදිංචි කළ යුතු බවට අභියාචනාධිකරණය දුන් තීන්දුව විශේෂ
සිදුවීමකි. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ සම්බන්ධයෙන්
දැඩි තීරණ ගනීමින් සිටිති. විශේෂයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල
අපේ රටේ දේශපාලන ක්ෂේත්රයේ සෑම කල්හිම හොඳ සටන් පාඨයකි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා ආන්දෝලනාත්මක
ප්‍රකාශයක් සිදු කළේය. ඒ පසුගිය රජයේ දූෂණවලට සම්බන්ධ
පිරිස්වලට එරෙහිව පරීක්ෂණ කරන ආකාරයෙන්ම වර්තමාන රජයේද
එවැනිදේ සිදුකරන අයට එරෙහිව පියවර ගන්නා බවය. ඉදිරියේදී එවැනි
දැඩි තීන්දු තීරණ ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂය පසුගියදා නුගේගොඩදී සාර්ථක ජන රැලියක්
පැවැත්වූහ. ඉන්පසු මේ වන විට ඔවුන් ඉදිරි පළාත් පාලන මැතිවරණය
ඉලක්ක කර ගනිමින් වේගවත් වැඩපිළිවෙලක් දියත් කර තිබේ.
මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී
තමන් ඒකාබද්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කර ඒකාබද්ධ
විපක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරන බව හිටපු ජනාධිපති
මහින්ද රාජපක්ෂ පසුගියදා ප්‍රකාශ කළේය. ඉදිරි පළාත් පාලන
මැතිවරණය ඉතා තීරණාත්මක වනු ඇති බවද කී ඔහු ඊට සාර්ථකව
මුහුණදීමට සූදානම් බවද කියා සිටියේය
මේ අතර ආන්දෝලනාත්මක ජ්‍යෙතිෂය මත ප්‍රකාශ කළ බව පවසමින්
ජ්‍යෙතිෂවේදී විජිත රෝහණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්
පසුගියදා අත්අඩංගුවට ගත් අතර පසුව අධිකරණය මගින් ඔහු නිදහස්
කරන ලදී. ජ්‍යෙතිෂය මත හෝ අනාවැකි පළකරන්නන් අත්අඩංගුවට
ගැනීමට යැම එම මත කෙරෙහි ජනතාව වැඩි වශයෙන් යොමුවීමට කාරණයක්
වනු ඇත. එසේම එම මතය ගැන ජනතාව තුළ වැඩි කතාබහක් ඇති කිරීමට
අවශ්‍ය පිරිසක් මේ අත්අඩංගුවට ගැනීම පසු පස සිටීමටද ඉඩ තිබේ.
ෆේස් බුක් සටහන් යොදන අය පවා අත්අඩංගුවට ගන්න වාතාවරණයක්
තුළ ජ්‍යෙතිෂවේදීන් අත්අඩංගුවට පත්වීම අරුමයක් නොවේ. අද වෙබ්
අඩවි හා සමාජ ජාල ඇතැමුන්ට වහ කදුරුය. කෙසේ වෙතත් ජනතාවට පූර්ණ
නිදහස ලබාදෙන බව කී රජයක් අද මෙවන් අන්දමින් කටයුතු කරමින්
සිටීම පුදුමයකි.
ජනිත සෙනෙවිරත්න
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, February 2, 2017
ජනතාවට පූර්ණ නිදහස ලබාදෙන බව කී රජයක් අද මෙවන් අන්දමින් කටයුතු කරමින් සිටීම පුදුමයකි....!!!
2017-02-02T23:17:00+01:00
lankanews
68 indipendence day|corruptions ravi|indipendence day 66|indipendence day 67|lankanews|ravi karunanayagam|ravi karunanayake family|ravi karunanayke|unp politicians|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
