මාසික වාරිකය රුපියල් දෙලක්ෂ පනස්පන්දහස් හත්සිය අසූහතර (255,784) මොහොතකට සිතන්න මේ ගැහැණියට කොහෙන්ද මෙතරම් මුදල්...!!! ඒ රටේ මුදල් ඔබෙන් මගෙන් සොරාගන්නා මුදල්...!!! රණවිරු සේවා අධිකාරියේ මුදල් වැය කරමින් හා මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ බිරිඳ වන රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා Mitsubhishi Montero V98 WXR වර්ගයේ මොන්ටේරෝ රථයක් මිලදීගෙන තිබේ.රුපියල් කෝටි එකහමාරක පමණ වටිනාකමක් සහිත නවීන රථය මිල දී ගැනීම සඳහා ලීසිං පහසුකම් ලබාගෙන ඇත්තේ කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමෙනි. මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛයට අනුව සභාපතිවරුන්ට සිය පාවිච්චිය වෙනුවෙන් ලීසිං පදනම යටතේ මෝටර් රථ ලබා ගැනීමේ දී ගෙවිය හැකි මාසික ලීසිං වාරිකය රුපියල් එක්ලක්ෂ දහනවදහස් පන්සියය (119,500)කි. අනෝමා ෆොන්සේකා අදාළ රෙගුලාසි උල්ලංඝනය කරමින් රුපියල් දෙලක්ෂ පනස්පන්දහස් හත්සිය අසූහතර (255,784)ක මාසික වාරිකයකට මිට්සුබිෂි මොන්ටේරෝ ජීප් රථය ලබාගෙන ඇත.
- දයා නෙත්තසිංහ