හමුදා කදවුරු ඉවත් කිරීම , දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ,ෆෙඩරල් ඉල්ලා විග්නේෂ්වරන් වීදී බසී
උතුරු
පළාත් ප්‍රධාන අමාත්‍ය සි .වි විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් අද (10)‘එළුග
තමිල් – නැගිටිව් දෙමළුනි“ පෙළපාලියක් පැවැත්වුණා.මේ සදහා විශාල පිරිසක්
එක්ව සිටී අතර , මඩකලපුව කල්ලඩි ඔරලෝසු කනුව අසලින් විරෝධතාවය ආරම්භ වූවා.විග්නේෂ්වරන් මහ ඇමතිවරයා සමග, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එයට සහභාගී වී සිටියා.
විරෝධතා කරුවන් සදහන් කලේ යහපාලන රජයෙන් තම බලාපොරොත්තු ඉටු නොවන බවයි. උතුරු ප්‍රදේශයෙන් හමුදා කදවුරු ඉවත් කිරීමට ,දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට,උතුරු -නැගෙනහිර එක් කර ෆෙඩරල් විසදුමක් ලබා දීමට ආණ්ඩුව පොරොන්දු ලබා දුන්නද මෙතෙක් ඒ පොරොන්දු ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු නොකිරීමට විරෝධය පල කරමිනුයි මේ විරෝධතාවය පැවැත්වුණේ .
වත්මන් නායකයන් සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසයක් තැබිය නොහැකි බවත් ,ලබා දුන් පොරොන්දු ඉටු කරන ලෙසට වත්මන් රජයට තවදුරටත් බලකරන බවද විරෝධතාකරුවන් පැවසුවා .