හිතවතුන් පිනවීම වෙනුවෙන් ලබාදුන් විදේශ සංචාර, විවිධ අමාත්‍යවරුන් පිනවීම වෙනුවෙන් ලබාදුන් අවිධිමත් තනතුරු, නාස්තිකාර ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් මහජන මුදල් කෝටි ගණන් වැය කිරීම, රජයේ වාහන අවභාවිතය, නාස්තිකාර ඉන්ධන වියදම් සහ පසුගිය වසර 05 සඳහා අධිකාරිය ඉපයූ මුදල් පිළිබඳ තොරතුරු මෙසේ ලබාදෙන ලෙස ජනාධිපති කොමිෂන් සභාව විසින් නියෝග කොට ඇත.
මෑතකදී ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ ප්‍රියංකර ජයරක්න ගේ දියණිය අධිකාරියේ කරන ලද රැකියාව සම්බන්දයෙන්ද කරුණු විමසා තිබේ.
මේ වන විට සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් සිදුකරන ලදැයි සැලකෙන විශාල පරිමාණයේ මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ පිළිබඳ සෙවීමේ කටයතු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ආරම්භ කොට ඇත. අදාළ කටයුතු ආරම්භ කරමින් ගුවන්සේවා අධිකාරිය විසින් සිදුකළ අක්‍රමිකතා වලට අදාළ ලිපිගොනු සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි සතියක් තුළ ජනාධිපති කොමිසම වෙත ලබාදෙන ලෙස ලිපියක් මගින් නියෝග කොට ඇත.