පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්ව මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන්
දේශපාලනඥයන් 300කගේ නම් ලැයිස්තුවක් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යැවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ
සභාපති මහින්ද දේශප්‍රිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
යම් ලෙසකින් අදාළ දේශපාලනඥයෝ එයින් වරදකරුවන් වුවහොත් ඔවුන්ට ඉදිරි
මැතිවරණය සඳහා තරඟ කිරීමේ හැකියාවක් නොමැති බවද අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග
සඳහන් කලේ ය. මෙම දේශපාලනඥයන් අතර පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට
පත්වූ වත්මන් පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරු,
හිටපු නගරාධිපතිවරු, පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරු, ඇතුළු පිරිසක්
සිටින බවද වාර්තා වේ.
පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින්
මෙම පිරිස හැර සෙසු සියළු දෙනා වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී ඇති බවද හෙතෙම
සඳහන් කරයි. ඒ අනුව මෙම දේශපාලඥයන් 300 දෙනාට අල්ලස් කොමිසම මගින් නීතිය
ක්‍රියාත්මක කිරීමට නියමිත බවද දේශප්‍රිය සඳහන් කළේ ය.
මේ අතර දේශපාලන පක්ෂවල නිලධාරීන්ටද වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන ලෙස
අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇති අතර එම ප්‍රකාශ භාරදීම සඳහා තවත් සති 2ක
කාලයක් ලබාදීමටද මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව ලබන 28 වැනිදා
වනවිට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් දේශපාලන පක්ෂවල නිලධාරීන්ගේ නම්
ලැයිස්තුවක්ද අල්ලස් කොමිසම වෙත භාරදීමට කටයුතු කරන බවද දේශප්‍රිය
වැඩිදුරටත් සඳහන් කළේය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, February 17, 2017
වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් 300කට නීතිමය ක්‍රියාමාර්ග – මහින්ද දේශප්‍රිය
Posted by
lankanews
at
February 17, 2017
Labels: assest of politikko, assests, basil corruptions, lankanews, mahinda deshapriya, mahinda family, yahapalanaya
වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් 300කට නීතිමය ක්‍රියාමාර්ග – මහින්ද දේශප්‍රිය
2017-02-17T10:00:00+01:00
lankanews
assest of politikko|assests|basil corruptions|lankanews|mahinda deshapriya|mahinda family|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
