ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 17, 2017

25,000 දඩය 50,000 දක්වා වැඩිවෙයි - !!!

රථ වාහන වැරදිවලට මාස 3 ක් සිරභාරයට ගන්නත් බන්ධනාගාර ගත කරන්නත් නව නීති...!!!
2017 අයවැය මඟින් යෝජනා කර තිබූ රථවාහන වැරදි සඳහා ගෙවීමට වන දඩය වූ රුපියල් 25000ක මුදල ඉදිරියේදී රුපියල් 30,000 සිට රුපියල් 50,000 දක්වා වැඩි කිරීමට ඒ සඳහා සොයා බැලීමට පත් කළ කමිටුව නිර්දේශ කර තිබෙන බවට වාර්තා වෙනවා.
මෙම දඩයට එරෙහිව රටපුරා බස්රථ මෙන්ම ත්‍රී රෝද රියදුරුන් වර්ජනයේ නිරතවූ නිසාවෙන් ඒ සඳහා සොයාබැලීමට ජනපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබුණා.

මෙම කමිටුවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, රථවාහන පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති, මුදල් හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරු ඇතුලත් වුණා.
කෙසේ නමුත් මේ වන විට රියැදුරු බලපත් නොමැතිව රිය ධාවනය, රියැදුරු බලපත් නොමැත්තන් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම, අපරික්ෂාකාරීව රිය දුම්රිය මාර්ගයකට ඇතුළු කිරීම, වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය පැදවීම යන වැරැදි සම්බන්ධයෙන් රුපියල් 25,000 සිට රුපියල් 50,000 දක්වා දඩ මුදල් අයකර ගත යුතු යැයි එම කමිටුව නිර්දේශ කර තිබෙනවා.
මීට අමතරව රථවාහන වැරදි සඳහා මාස 3 සිට වසර 10 දක්වා බන්ධනාගාරගත කිරීම, රියැදුරු බලපත්‍රය අත්හිටුවීම හෝ අවලංගු කිරීම සඳහා වූ නෛතික ප්‍රතිපාදනද කමිටුව යෝජනා කර ඇතැයිද වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙනවා.
මේ අතර අදලා සං‍ශෝදනයන් සම්බන්ධයෙන් බස් සංගම් කිහිපයක් හා ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයද ප්‍රවාහන අමාත්‍යවරයා වෙත සිය විරෝධය පළකර ඇත. ඊට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ගේ ඉල්ලීම මත එම සංගම්වලට සති දෙකක කාලයක් ලබාදී තිබෙන අතර ඉන් අනතුරුව මේ කමිටු වාර්තාව ලබන මස මුල් සතියේදී ප්‍රවාහන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමතය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවයි දැකගන්නට ලැබෙන්නේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.