2015 වසරේ ජනවාරි 1 දින එවකට මුදල් හා සැලසුම් අමාත්‍යවරයා ලෙස කටයුතු
කළ මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරන ලද අංක 1895/19 දරණ අති විශේෂ
ගැසට් පත්‍රය, මුදල් අමාත්‍ය රවි කරුනානයක (
තක්කඩි කරුප්පයියා ) අතට පත්ව ඇත.
එම ගැසට් පත්‍රය සම්බන්ධව 2017 පෙබරවාරි 26 වෙනි ඉරිදා මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කල නිල නිවේදනය 7 වෙනි ඡේදයේ මෙසේ සඳහන් වේ.
“7. මේ ආකාරයට, සියලූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කර ඇත්තේ ලියාපදිංචි
කොටස් හා සුරැම්පත් ආඥාපනතේ අඩංගු ප්‍රතිපාදන උල්ලංඝනය කරමිනි. මහ බැංකුවේ
විශේෂඥයින් සහ වෘත්තිකයන් යැයි කියා ගන්නා නිලධාරීන් පිරිසක් විසින්
මහින්ද රාජපක්ෂට හා අජිත් නිවාඞ් කබ්රාල්ට පහසුකම් සැලැසීම සඳහා
දැනට ප්‍රශ්නයකට තුඩු දී ඇති පෞද්ගලික බැඳුම්කර නිකුතු හරහා රාජ්‍ය ණය
අවකළමනාකරණය කර ඇත්තේ මෙලෙසිනි. රාජ්‍ය ණය ලේඛකාධිකාරීවරයා විසින්
වෙන්දේසිවල දී නිකුත් කරනු ලැබු බවට නිවේදනය කරමින් සියලුම පෞද්ගලික නිකුතු
නීත්‍යානුකූල භාවයට පත් කිරීමට පෙර කී ගැසට් නිවේදන යොදාගෙන ඇත.”
(උපුටා ගැනිම 2017 පෙබරවාරි 26 වෙනි ඉරිදා මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කල නිල නිවේදනය)
ඒ අනුව එම ගැසට් පත්‍රයේ සඳහන් භණ්ඩාගර බැදුම්කර සියල්ලමත් ඉන් පසු
අවසන් වරට 2017 පෙබරවාරි 23 දින එම අයුරින්ම වෙන්දේසි කල භාණ්ඩාගාර බිල්පත්
රුපියල් බිලියන 57.746 ද නිතී විරෝධී වනු ඇත. ( ශ්‍රීලංකා මහා බැංකු නිල
නිවේදනය පහත පලවේ)