පැහැරගත් තරුණයා රැගෙන ගොස් තිබුණේද කොලොන්නාවේ පිහිටි ඇගේ කාර්යාලයකටය. අවසානයේ පැහැරගැනීමට ලක් වූ තරුණයා මැරයන්ගෙන් බේරී පැමිණ පොලිසියට පැමිණිල්ලක් කරමින් පැහැදිලිවම කියා සිටියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලන කාර්යාලයේ මේසයක් මත හිඳගෙන තමන්ට බැණවදිමින් මරණීය තර්ජන එල්ල කළ බවකි.
තරුණයා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අට දෙනකුම අත්අඩංගුවට ගත් අතර ඩිෆේන්ඩර රථය එලවූ තම මවගේ ගමේ ඥාතියකු වූ අජිත් සුරවීර බේරා ගැනීම සදහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කලේ තම නැන්දනිය වන මේ වනවිට යහපාලන රජයේ දේශපාලන පත්වීමක් ලැබ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ තානාපති තනතුරකට පත්ව ආ ස්වර්ණා ගුණරත්නගේ රාජකාරි රියදුරු ලෙස පත් කර එවීමය.
පුද්ගලයකු බලයෙන් පැහැර ගෙන ගොස් මරණිය තර්ජන සිදු කල කණ්ඩායමක සාමාජිකයකු වූ අජිත් සුරවීර ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපති කාර්යාලයක රැකියාවකට එවනු ලැබීම ඇමෙරිකානු රජයට සිදු කල බලවත් අපහාසයක් වන බව පවසන විදේශ අමාත්‍යංශයේ ඉහල නිලධාරියකු තව දුරටත් පෙන්වා දෙන්නේ මෙම අජිත් සුරවීර ගැන කරුණු වසන් කොට ඔහුට ඇමෙරිකානු විසා ලබාදීමට යහපාලන රජය ක්‍රියා කොට ඇති බවය.
හිරුනික ප්‍රේමචන්ද්‍රගේ උපදෙස් පිට දැනට මොහු කොන්සෝල් ජනරාල් නෝනගේ නිල නිවසහි රදවා ගෙන ඇති අතර ඔහුට එහිදී කෑම සමග ලෑමත් ලැබෙන බව ලොස් ඇන්ජලිස් නගරයේ වෙසෙන ශ්‍රී ලංකිකයන් අතර කසු කුසුවක් පවතී.
2013 දී කොටි හිතවාදීන්ගේ මුදලින් ජිනීවා ගොස් මානුෂික හිමිකම් කවුන්සීලයේ ශ්‍රී ලංකාවට විරුද්ධව කොටින් සමග උද්ගෝෂණ පැවැත්වූ කොන්සෝල් ජනරාල් ස්වර්ණ ගුණරත්නගේ කාර්යාලයට මෙවැනි පුද්ගලයකු එවීමෙන් නැවත වරක් මංගල සමරවීර ඇතුළු යහපාලන රජය ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කර ඇත.
හිරුනිකා පවුලේ තවත් බැල්ලියක් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයකට-කොටිත් එක්කත් බුදියලා
රාජ්‍ය තාන්ත්‍රික තනතුරකට නොව කාර්යාලයක පියන් තනතුරකටවත් ලැබීමට සුදුසු කමක් නැති අශෝබන ඉතිහාසයක් ඇති පුද්ගලයකු කෙසේ මෙවන් වැදගත් නගරයකට පත් කල හැකිදැයි ලොස් ඇන්ජලිස් නගරයහි වෙසෙන ශ්‍රී ලංකික කණ්ඩායම් ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත.
ස්වර්ණා ගුණරත්න යනු මෙයට වසර 3-4 කට ප්‍රථම කොටි ත්රස්තවාදීන් සමග ජිනීවා ගොස් මානුෂික හිමිකම් කවුන්සීලයේ ශ්‍රී ලංකාවට විරුද්ධව උද්ගෝෂණ පැවැත්වූ අයකි. එවකට මානුෂික හිමිකම් කවුන්සීලයේ ප්‍රධානි ශ්‍රී ලංකික විරෝධී නවනන්දනී පිල්ලයි හමුවී ශ්‍රී ලංකාවට විරුද්ධව කරුණු කි ආකාරය මේ සමග ඇති ජයාරුපයෙන් බලා ගත හැක. මැය සහ ඇගේ පවුලේ ජිනීවා ගමනට වියදම් කර ඇත්තේද කොටි හිතවාදී කොටස් මගිනි.
ශ්‍රී ලංකාවට විරුධව කොටි ත්රස්තවාදීන් සමග අත්වැල් බැඳගත් මෙවන් චරිතයක් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තානාපති තනතුරකට පත් කිරීම කොටි ත්රස්තවාදීන් සතුටු කිරීමට කරන ක්‍රියාවක්දැයි අපට ඇසීමට සිදුව ඇත.
ස්වර්ණා ගුණරත්න, මෙම තනතුර ලබා ගැනීමට ඇති එකම චේතනාව වී ඇත්තේ පවුලේ ප්‍රශ්නයක් විසදී ගැනීමට බවද වාර්තා වී ඇත. මැයගේ පුතා සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ සොහොයුරා දැනට ලොස් ඇන්ජලිස් නගරයහි අධ්‍යාපන කටයුතු සදහා ජිවත් වේ. මෙම දෙදෙනාම දෙමාපියන්ගේ මුදල් වියදම් කරමින් අයාලේ රස්තියාදු ජිවිතයක් ගත කරන මුත් කිසිම පලදායි අධ්යාපනායක නොයදෙන නිසා ශ්‍රී ලංකා රජයේ වියදමින් ළමයි දෙදෙනා බලා ගැනීමට ස්වර්ණා ගුණරත්න ඇමෙරිකාවට යැවීම මෙම පවුලේ එකම අරමුණ වී ඇත.