රටේ සංහිඳියා ක්‍රියාවලියක් සම්බන්ධ කමිටුවක සභාපති ලෙස සිටින
චන්ද්‍රිකා බණ්ඩාරනායක නොහොත් ඵකැස් යකින්න යටතේ පත් කළ කණ්ඩායමක්
විසින් ඉදිරිපත් කළ නිර්දේශ දැන් පිටව තිබේ. එම කණ්ඩායමේ
නායිකාව ලෙස ක්‍රියා කළේ මනෝරි මුත්තෙට්ටුවේගම වන අතර ඉතිරි
සාමාජිකයන් අතර පාක්‍යසෝති සරවනමුත්තු සහ ගාමිණි වියන්ගොඩ ද
වේ. මොවුන් නිර්දේශ කර ඇත්තේ අපේ රණවිරුවන්ට එරෙහි යුද අපරාධ
චෝදනා විමර්ශනය කිරීමට විදේශීය විනිසුරුවන් ද සිටිය යුතු බවයි.
එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කොමසාරිස් ජනරාල්
සෙයිද් හුසේන්ද කියා ඇත්තේ අපේ රණවිරුවෝ අතිශය භයානක යුද අපරාධ
කර ඇති බවත් ඒවා විභාග කිරීමට විදේශීය විනිසුරුකරුවන් සහභාගී
කළ යුතු බවත් ය. පෞද්ගලික වාසි තකා උන්ට උඩ ගෙඩි දෙන්නේ සිංහල ද්‍රෝහීන්ය. මොවුන් සියල්ල අද දේශප්‍රේමී ජනතාවගේ
පිලිකුළට භාජන වී අවසන්ය.
තමන්ටද ඇතුළුව රටේ සමස්ත ජනතාවටම ජීවත් වීමේ
නිදහස ලබාදීමට 29,000 ක් දිවි පුදා 14,000 ක් ආබාධිත
තත්ත්වයට පැමිණෙමින් මහත්වූ කැපවීමකින් කටයුතු කළ අපගේ
රණවිරුවන්ට යුද අපරාධ සම්බන්ධ අභූත චෝදනා නඟන විට එය අනුමත
කරමින් විදේශ විනිසුරුවන් ද සහභාගී කළ යුතු යෑයි නිර්දේශ කරන
නිර්ලඡ්ජිත තිරශ්චීනයන් සිටින්නේ ලංකාවේ පමණක් විය යුතුය. තවද
රණවිරුවන් ද පුනරුත්ථාපනය කළ යුතු යෑයි ද ඔවුන් නිර්දේශ කර
ඇතැයි වාර්තා වේ. දේශයට ආදරය කරන, දේශය ආරක්ෂා කළ රණවිරුවන්ට
ගෞරව කරන කිසිදු සුජාත පුද්ගලයෙක් එවන් නිර්දේශ ඉදිරිපත්
නොකරනු ඇත.
යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනයන්ට අනුව අපගේ මවුබිමේ ඒකීයභාවය
වැනසී යන බැව් අප පෙන්වා දෙන විට විපක්ෂ නායක සම්බන්ධන්
ජනවාරි පළමුවැනිදා ප්‍රකාශ කර සිටියේ එක්සත් ලංකාවක් තුළ
සහයෝගයෙන් කටයුතු කිරීමට ඔවුන් කැමැති බවය. ඒ ප්‍රකාශය තුළින්
සමහර පිරිසක් සිතනුයේ එසේ නම් දැන් ද්‍රවිඩ සංධානයත් සාධාරණ
විසඳුමකට කැමැත්ත පළ කර තිබේය කියාය. එයින් ගම්‍ය වන්නේ අද රටේ
කිසියම් පිරිසකට හෝ ඒකීය සහ එක්සත් යන වචන දෙකෙහි නියම අර්ථය
පිළිබඳව නිසි අවබෝධයක් නොමැති බවයි.
ඒකීය රටක් යනු නොබෙදුණු රටකි. එහි මධ්‍යය විසින් මුළු රටම
පාලනය කරනු ලබයි. බලය විමධ්‍යගත කර ඇති නමුත් බලය පවරා නොමැත.
පැවරූ බලයක් නැවත ලබාගත නොහැක. විමධ්‍යගත කළ බලයක් නැවත
මධ්‍යමයට පවරාගත හැක. ඉතාමත් සංක්ෂිප්තයෙන් ඒකීය රටක් යනු
එවන් තත්ත්වයක් ඇති රටකි.
එක්සත් රටක් යනු බෙදී වෙන්වී ගිය කොටස් එක්කොට සෑදූ රටකි.
ඇමරිකා එක්සත් ජනපදය යනු එවන් රටකි. එය ප්‍රාන්ත 54 ක්
එක්කොට සෑදුණු පෙඩරල් රාජ්‍යයකි. ඉන්දියාවද පෙඩරල් රාජ්‍යයකි.
සාමාන්‍යයෙන් එක්සත් වී පෙඩරල් ව්යqහයක් සාදන්නේ ඉතා විශාල
රටවල් ය. ඇමරිකාවේ කුඩා ප්‍රාන්තයක් වූ බටහිර වර්ජිනියාව ද
ලංකාවට වඩා ප්‍රමාණයෙන් විශාලය. ඉන්දියාවේ තමිල්නාඩු (දෙමළ)
ප්‍රාන්තයේ පමණක් ජනගහනය මිලියන 80 කි. මුළු ලංකාවේම ජනගහනය
මිලියන 22 ක් පමණි.
වසර 2550 ක් තිස්සේ අපේ රට ඒකීය රටක් වශයෙන් තබා ගැනීමට අපේ
මුතුන් මිත්තෝ ලක්ෂ ගණනින් දිවි පුදා ඇත්තාහ. පෘතුගීසීන්
පැමිණීමට පෙර වරින් වර අපේ රට ආක්‍රමණය කළේ දකුණු ඉන්දියාවේ
ද්‍රවිඩයන්ය. එළාරගේ මෙන් සේන ගුත්තික, කාලිංග මාඝ, ආර්ය
චක්‍රවර්ති යනාදී චෝල, පාණ්aaඩ්යයන් අපේ රට ආක්‍රමණය කොට,
වෙහෙර විහාර ගිනිබත් කරමින්, ගම්මාන කොල්ලකමින් සිංහල
ස්ත්‍රීන් දූෂණය කරමින්. මනුෂ්‍ය ඝාතන කරමින් එක් එක්
පෙදෙස් සුළු කාලයකට පාලනය කරමින් සිටියද අපේ රජවරු ඉතා
අපහසුතාවන් මධ්‍යයේ කැලෑවලට වැදී සේනා සංවිධානය කොට ද්‍රවිඩයන්
පලවා හැර රට එක්සේසත්, එනම් එක කොඩියක් යටතට, එසේත් නැතිනම්
නැවතත් "ඒකීය" රටක් බවට පත් කළහ. ඒ සියලුම සටන්වලදී දිවි
පිදුවේ සිංහලයන්ය.
පෘතුගීසී, ලන්දේසි, ඉංගී්රසි යටත් විජිත කාලයේදී පවා අපේ රටේ
ස්වාධීනත්වය වෙනුවෙන් සිංහලයෝ දිවි පුදා ඇත්තාහ. බ්‍රසීලය අපේ
රටට වඩා 70 ගුණයක් විශාලය. පෘතුගීසීන් බ්‍රසීලය යටත් කර
සිටියේ අපට වඩා අඩු වසර ගණනකි. නමුත් අද බ්‍රසීලයේ 95% ක්
පෘතුගීසී භාෂාව කතා කරන අතර ඔවුන්ගේ ආගම වැළඳගත් පිරිසකි.
පෘතුගීසීන් අපේ රට අවුරුදු 158 ක් යටත් කර ගෙන සිටියද, ඉතා
දරුණු වධ හිංසා කරමින් ඔවුන්ගේ ආගම පතුරුවන්නට හැරියද සිංහලයෝ
එයට ඉඩ නුදුන්හ. අද ලංකාවේ පෘතුගීසි භාෂාව කතා කරන අය නැත.
තවමත් බහුතරය සිංහල බෞද්ධයන්ය. එසේ නම් අපට අපගේ මේ මවුබිම
බේරා දීමට අපේ මුතුන් මිත්තන් මොන තරම් කැපවීමක් කර ඇත්දැයි
සිතිය යුතුව ඇත. ඉංගී්රසීන්ට විරුද්ධව කැරලි ගැසුවේද
සිංහලයෝමය. එම කැරලි ඉවසනු බැරි ඉංගී්රසීහු සිංහල ජාතිය වනසා
දැමීමට කළ දේ අප සිත් තුළ තවම තිබේ. එම නියෝග තුළ වූයේ අවුරුදු
18 - 35 සියලුම සිංහල පිරිමි මැරිය යුතු බවත්, කුඹුරු, හරකබාන,
වැව් අමුණු විනාශ කළ යුතු බවත්, පලතුරු ගස් සියල්ලම කැපිය
යුතු බවත් සහ සියලුම ළිංවලට වස දැමිය යුතු බවත් ය. එහෙත්
බ්‍රිතාන්‍යයෝ අද අපට මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳව
උපදෙස් දෙන විට උන්ට ඒ බැව් මතක් කර දීම වටී. එසේ නම් අපේ
රටේ ඒකීයභාවය රැක ගැනීමට සියලුම දේ කැප කළේ සිංහලයන් බැව් අප
විසින් සිහි තබා ගත යුතුය.
ඉහත ආක්‍රමණවලදී සහ ත්‍රස්තවාදය පවතින කාලය තුළදී ද අපේ
මුතුන් මිත්තන් සහ රණවිරුවන් දිවි පිදුවේ, ආබාධිත වූයේ අප
මවුබිම ඒකීය රටක් වශයෙන් තබා ගැනීමටය. මන්ද රටේ සියලුම ජාතික
සම්පත් ඒ ඒ පළාත්වල සිටින මිනිසුන්ට පමණක් නොව මුළු රටේම
ජනතාවට අයිති විය යුතු බැවිනි. මුළු රටේම තිබිය යුත්තේ එක්
නීතියක් පමණක් බැවිනි. රටේ සියලුම ජාතීන් අතර සාමය සමගිය
පවතින්නේ එවන් තත්ත්වයක් තුළ බැවිනි.
නමුත් අප විසින් එසේ ඉතා අමාරුවෙන් ආරක්ෂා කරගත් රටේ ඒකීයභාවය
අද නව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් "එක්සත්" රාජ්‍යයක් හෙවත්
පෙඩරල් රාජ්‍යයක් කිරීමට යන්නේ නම් එය වළක්වාලීම දේශහිතෛෂී
සියල්ලන්ගේම යුතුකමකි. ව්‍යවස්ථාව තුළින් රට පෙඩරල් වන්නේ
කෙසේදැයි අප මීට පෙර පෙන්වා දී ඇත. ඉතාම කෙටියෙන් කියතොත් එය
සිදුවන්නේ මෙසේය. දහතුන් වැනි සංශෝධයෙන් පළාත් සභාවලට දී ඇති
ස්වාධීන බලතල පාලනය කරමින් තවමත් රටේ ඒකීයභාවය රැකගෙන ඉන්නේ
විධායක ජනාධිපති නියෝජනය කරන ආණ්ඩුකාරවරයා හරහාය. උදාහරණයක්
ලෙස උතුරේ මහඇමැති විග්නේශ්වරන් හෙට උතුරේ සියලුම හමුදා කඳවුරු
ඉවත් කොට එම ඉඩම් සංවර්ධනය සඳහා යෙදවිය යුතු යෑයි නීතියක් ගෙන
ආවොත් ආණ්ඩුකාරවරයාට එය නැවතිය නොහැක. නමුත් මධ්‍ය පර්යන්ත
අනුකමිටුවේ ප්‍රධාන නිර්දේශය වන්නේ ආණ්ඩුකාරවරයාගේ එම බලතල
ඉවත්කොට ආණ්ඩුකාරවරයා ප්‍රධාන ඇමැති යටතට පත් කිරීමය. එවිට
සිදුවන දේ වටහා ගැනීමට අපට අපහසු නැත.
ජනාධිපතිවරයා විසින් මෙම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකට යන කිසිම
දෙයක් කිරීමට ඉඩ නොදෙමැයි කියයි. ඒ කියන්නේ රටේ ඒකීයභාවය,
ජාතික කොඩිය , ජාතික ගීය, බුද්ධාගමට මුල්තැන දීම යනාදියට
හානිවන කිසිම දෙයක් නොකරන බවය. නමුත් ද්‍රවිඩ සන්ධානයේ
සුමන්දිරන් සිංගප්පූරුවේදී ප්‍රසිද්ධව කියා සිටියේ කුමක්ද?
ලංකාවේ සිංහලයන්ට, හාමුදුරුවන්ට අවශ්‍ය ලේබල් පමණකි. ඒ නිසා
ඔවුන්ට එම ලේබල් දී අපේ අරමුණු ඉෂ්ඨ කර ගනිමු යනුවෙනි. මෙම
ඊනියා ව්‍යවස්ථා කුමන්ත්රණයේදී සිදුවීමට යන්නේ ද එයමය.
"ඒකීය" ලේබලය පමණක් මතුපිටින් තබා පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය
කිරීමය. ඉහත සඳහන් කළ පරිදි ආණ්ඩුකාරයා ප්‍රධාන ඇමැති යටතට
පත් කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවේ. එසේම පළාත් සභාවලට
මධ්‍ය රජයෙන් අවසර නොගෙන ක්‍රියා කළ නොහැකි ගංගා, වන සම්පත්,
ඛනිජ තෙල්, වරාය, පරිසරය යනාදී අප ව්‍යවස්ථාවේ සඳහන් විෂයයන්
36 ම අහෝසි කළ යුතු යෑයිද උක්ත නිර්දේශවල සඳහන් අතර ඒ සඳහාද
ජනමත විචාරණයක් අවශ්‍ය නොවේ. නමුත් අඩුම තරමේ එම නිර්දේශ දෙක
අඩංගු ව්‍යවස්ථාවක් අනුමත වුවහොත් උතුර/ නැගෙනහිර පළාත්
සභාවලට ඉතාමත් ස්වාධීනව මධ්‍යම රජයේ කිසිම බලපෑමකින් තොරව
සියලුම සම්පත් තමන්ට රිසිසේ පරිහරණය කරමින්, තමන්ට අවශ්‍ය නීති
සම්පාදනය කරමින් කටයුතු කරනු ඇත. විශේෂයෙන්ම උතුරට එම බලතලදීමේ
භයානක ප්‍රතිඵලය ගැන අපට අවබෝධයක් තිබිය යුතුයි. උතුරට
සැතපුම් 18 ක් උතුරින් තිබෙන්නේ තමන්ගේම භාෂාව කතා කරන
තමන්ගේම ජාතියේ මිලියන 80 ක් ජීවත් වන දෙමළ තමිල්නාඩුව නම්
උතුරු පළාත් සභාව තමිල්නාඩුව සමග සම්බන්ධ වීම කාහටවත්
වැළැක්විය හැකි නොවේ. මන්ද එසේ වැළැක්විමට බලතල තිබෙන
ආණ්ඩුකාරවරයා දැන් සිටින්නේ ප්‍රධාන ඇමැති යටතේ බැවිනි. රට
පෙඩරල් කරන රටේ ඒකීයභාවය නැති කරන මෙම ඊනියා නව ව්‍යවස්ථා
සංශෝධනයට රටට ආදරය කරන සියල්ලන්ම එරෙහි විය යුත්තේ එබැවිනි.
මීට එරෙහි නොවී උපේක්ෂාවෙන් බලමින් නිහඬව සිටීමත් ජාතියට දේශද්‍රෝහී වීමක් වන්නේ එබැවිනි.
හිටපු ජනාධිපතිවරියක් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක නොහොත් ඵකැස් යකින්න පවසන්නේ එදා
ප්‍රතික්ෂේප කළ ව්‍යවස්ථාව අද ජනතාව පිළි අරන් බවයි. ඇය මේ
බව ප්‍රකාශ කළේ පසුගියදා රූපවාහිනියේ සාකච්ඡාවකදීය. එය අමූලික
බොරුවකි. මන්ද එදා කළාක් මෙන්ම මෙදා ද ජනතාව මෙය තරයේ
ප්‍රතික්ෂේප කරන බැවිනි. "චන්ද්‍රිකා පැකේජය" යනුවෙන් එදා
හැඳින්වූ එම යෝජිත ව්‍යවස්ථාව ද එදා සම්පාදනය කළේ අද දේශද්‍රෝහී එම ක්‍රියාවලියට මූලිකත්වය දෙන ජයම්පති වික්‍රමරත්න
නමැති පුද්ගලයාය.
චන්ද්‍රිකා පැකේජයෙන් ද අදහස් කළේ ශ්‍රී ලංකාව පෙඩරල්
රාජ්‍යයක් බවට පත් කිරීමටයි. එනම් පළාත් ලැයිස්තුවේ සඳහන්
විෂයයක් සම්බන්ධයෙන් ජනපති සතු විධායක බලය ඔහුගෙන් ඉවත්
කිරීමයි. එසේ කළ විට පළාත් ලැයිස්තුවේ කිසිදු විෂයයක්
සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට මැදිහත් වීමට ඇති අයිතිය
සම්පූර්ණයෙන්ම අහුරා දැමේ. එදා ද්‍රෝහී පැකේජයක් යෑයි
කියමින් රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේදී ගිනිතබා
විනාශ කළ ව්‍යවස්ථාවම අද වෙනත් මුහුණුවරකින් ගෙන එන්නේ ජනතාව
රැවටීමට නොවේද? වසර දහස් ගණනක් තිස්සේ මහත් වූ කැප
කිරීම්වලින් ස්ථාපිත කරන ලද රට බෙදා වෙන් කිරීමේ දුෂ්ට
ක්‍රියාවලියට එදා මෙන් අදත් පිඹුරුපත් සකසන ජයම්පති
වික්‍රමරත්න වැන්නන් කවදා හෝ මතු දිනක දේශෙද්‍රdaහී චෝදනාව
යටතේ උසාවිය ඉදිරියේ පෙනීසිටීමට සූදානම්ව සිටිය යුතු වේ. එසේම
දේශයට ෙද්‍රdaහී වූ බැව් සනාථ වුවහොත් ලැබෙන දඬුවම මරණීය
දණ්ඩනය බවද එකී සියල්ලන්ම දත යුතුය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක, රනිල් වික්‍රමසිංහ, සම්බන්ධන්,
සුමන්තිරන්. විග්නේශ්වරන් යනාදීන් උතුරට මේසා විශාල බලය බෙදීමට
සැරසෙන්නේ රටේ ප්රශ්නය විසඳාලීමටය. අද අපේ රටේ දෙමළ ජනතාවට
තිබෙන "ප්රශ්නය" කුමක්දැයි ප්‍රථමයෙන්ම ඔවුන් පහදා දිය යුතුව
ඇත. අද රටේ සිංහල ජනතාව භුක්ති විඳින දෙමළ ජනතාවට අහිමි කර
ඇති වරප්‍රසාද සහ පහසුකම් මොනවාද? නමුත් දෙමළ ජනතාව භුක්ති
විඳින සිංහල ජනතාවට අහිමි වරප්‍රසාද එමට ඇත. (අද යාපනයේ සිංහල
මිනිසෙක්ට ව්‍යාපාර ඉඩම් මිලදී ගැනීම, ගොවිපළක් දැමීම සපුරා
තහනම් වේ.) උතුරේ ජීවත් වන්නේ රටේ සමස්ත දෙමළ ජනතාවගෙන් 49%
ක් පමණි. අනෙක් සියල්ලන් දකුණේ සිංහලයන් සමග ජීවත් වෙති.
දෙමළ ජනයාගේ ප්රශ්නය විසඳීමට උතුරට බලය බෙදන්නේ නම් එයින්
දකුණේ සිටින දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳෙන්නේ කෙසේද? එයින් ගම්‍ය
වන්නේ දකුණේ දෙමළ ජනතාවට ප්‍රශ්න නැද්ද? එසේත් නැතිනම් ඔවුන්ගේ
ප්‍රශ්න දැනටමත් විසඳී අවසන්ද? දෙමළ ජනගහනය අනුව බලතල බෙදීමේ
පදනම මත උතුරට පෙරඩල් දෙන්නේ නම් කොටහේනටත්. වැල්ලවත්තටත්,
බම්බලපිටියටත් පෙඩරල් දිය යුතුයි නේදරෑ. නැති ප්‍රශ්නයක්
ඇතැයි නිර්මාණය කර බලය ලබා ගැනීමට වලිකන්නේ බෙදුම්වාදී
දේශපාලනඥයන් ය. පෞද්ගලික වාසි තකා උන්ට උඩ ගෙඩි දෙන්නේ සිංහල ද්‍රෝහීන්ය. මොවුන් සියල්ල අද දේශප්‍රේමී ජනතාවගේ
පිලිකුළට භාජන වී අවසන්ය.
රටේ සංහිඳියා ක්‍රියාවලියක් සම්බන්ධ කමිටුවක සභාපති ලෙස සිටින
චන්ද්‍රිකා බණ්ඩාරනායක නොහොත් ඵකැස් යකින්න යටතේ පත් කළ කණ්ඩායමක්
විසින් ඉදිරිපත් කළ නිර්දේශ දැන් පිටව තිබේ. එම කණ්ඩායමේ
නායිකාව ලෙස ක්‍රියා කළේ මනෝරි මුත්තෙට්ටුවේගම වන අතර ඉතිරි
සාමාජිකයන් අතර පාක්‍යසෝති සරවනමුත්තු සහ ගාමිණි වියන්ගොඩ ද
වේ. මොවුන් නිර්දේශ කර ඇත්තේ අපේ රණවිරුවන්ට එරෙහි යුද අපරාධ
චෝදනා විමර්ශනය කිරීමට විදේශීය විනිසුරුවන් ද සිටිය යුතු බවයි.
එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කොමසාරිස් ජනරාල්
සෙයිද් හුසේන්ද කියා ඇත්තේ අපේ රණවිරුවෝ අතිශය භයානක යුද අපරාධ
කර ඇති බවත් ඒවා විභාග කිරීමට විදේශීය විනිසුරුකරුවන් සහභාගී
කළ යුතු බවත් ය. තමන්ටද ඇතුළුව රටේ සමස්ත ජනතාවටම ජීවත් වීමේ
නිදහස ලබාදීමට 29,000 ක් දිවි පුදා 14,000 ක් ආබාධිත
තත්ත්වයට පැමිණෙමින් මහත්වූ කැපවීමකින් කටයුතු කළ අපගේ
රණවිරුවන්ට යුද අපරාධ සම්බන්ධ අභූත චෝදනා නඟන විට එය අනුමත
කරමින් විදේශ විනිසුරුවන් ද සහභාගී කළ යුතු යෑයි නිර්දේශ කරන
නිර්ලඡ්ජිත තිරශ්චීනයන් සිටින්නේ ලංකාවේ පමණක් විය යුතුය. තවද
රණවිරුවන් ද පුනරුත්ථාපනය කළ යුතු යෑයි ද ඔවුන් නිර්දේශ කර
ඇතැයි වාර්තා වේ. දේශයට ආදරය කරන, දේශය ආරක්ෂා කළ රණවිරුවන්ට
ගෞරව කරන කිසිදු සුජාත පුද්ගලයෙක් එවන් නිර්දේශ ඉදිරිපත්
නොකරනු ඇත. අනාගතයේදී මෙම කණ්ඩායමටද දේශෙද්‍රdaහී චෝදනාව යටතේ
උසාවියේ පෙනීසිටීමට සිදු වන බව සක්සුදක් සේ පැහැදිලිය. රටක්
දියුණු කළ හැක්කේ දේශප්‍රේමී ජනතාවක් රටේ සිටී නම් පමණි. එහි
ප්‍රථම පියවර වනුයේ එතෙක් රටට ෙද්‍රdaහී වූ පුද්ගලයන්
හඳුනාගෙන උන් සමාජයෙන් ඉවත් කිරීමය.
මේ අතර විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය (එජාප) ප්රභාකරන් අද
ජීවත්ව සිටියා නම් රටේ අගමැති වන බවද, එසේ නොවීම සමස්ත දෙමළ
ජනතාවගේම අවාසනාව බවද කියා සිටී. මෙවන් වදන් අසමින් නිහඬව
සිටීමට තරම් අද වර්තමාන රජයේ පාලකයෝ නිවටව ඇත. ප්රභාකරන් යනු
විජයකලාගේ ස්වාමි පුරුෂයා ඝාතනය කළ මිනීමරුවා ය. එසේම දෙමළ
කුඩා දරුවන් බලෙන් පැහැරගෙන කොන්සටිනා කම්බිරෝල් මතින් බලෙන්
යෑවූ නරුමයා ය. එවන් වූ අධම ත්‍රස්තයෙක් පිළිබඳව එවන්
ප්‍රකාශයක් කරන විජයකලාගේ කැරැට්ටුව කුමක්දැයි අපට සිතාගත
හැක. රටේ ව්‍යවස්ථාව අනුව රට බෙදීමේ ක්‍රියාවලියට යමෙක් සහාය
දුන්නද ඔහුගේ/ ඇයගේ මන්ත්‍රීකම අහෝසි වේ. ප්රභාකරන් යනු රට
බෙදා වෙන් කිරීමට දහස් ගණන් මිනිසුන් ඝාතනය කළ කෙනෙකි. එවන්
කෙනකු අගයමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට ව්‍යවස්ථාව උල්ලංඝනය
කිරීමකි. ඒ කරුණ ද උපයෝගී කරගෙන තමා හොබවන අගමැති ධුරය ලෝකයේ
දරුණුතම ම්ලේච්ඡ ත්‍රස්තයා ලෙස නම් කර ඇති නිවටයෙක්ට දිය
යුතු යෑයි කිව් තමාගේම පක්ෂයේ විජයකලාට රනිල් වික්‍රමසිංහ
අගමැති කුමන අන්දමේ පියවරක් ගනී දැයි අපි බලා සිටිමු.
රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, January 15, 2017
පෞද්ගලික වාසි තකා උන්ට උඩ ගෙඩි දෙන්නේ සිංහල ද්‍රෝහීන්ය.
Posted by
lankanews
at
January 15, 2017
Labels: dandugama, environment, lankanews, meithreepala sirisena, sirisena family, yahapalanaya
පෞද්ගලික වාසි තකා උන්ට උඩ ගෙඩි දෙන්නේ සිංහල ද්‍රෝහීන්ය.
2017-01-15T04:44:00+01:00
lankanews
dandugama|environment|lankanews|meithreepala sirisena|sirisena family|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
