එම ව්‍යාපාරයේ නියෝජිත සරත් ඉද්දමල්ගොඩ පියතුමාණන් අවධාරණය කළේ මූල්‍ය නගරය හෙවත් 'පෝට් සිටි' ඉදිකිරීම් භාර චීන සමාගම් දිගින් දිගටම වෙරළේ සිට කිලෝමීටර් 10කට මෙපිටින් වැලි හෑරීමේ නිරත වන බවය.
'ජන්ග් යැන්ග්' සහ 'වැන්ග් කිං ශා' නම් දරන නැව් දෙකකින් වැලි හෑරීම් සිදු වන බවත් 'ජීපීඑස්' (GPS) තාක්ෂණය ඔස්සේ සිය සංවිධානයට සම්බන්ධ ධීවරයන් විසින් වැලි හාරන අවස්ථාවලදී ගත් ඡායාරූප තමන් සතුව ඇති බවත් පෝට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය අවධාරණය කරයි.
නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන පෝට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය - ආණ්ඩුව නියෝජනය කරමින් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න විසින් උපවාසයේ යෙදී සිටි ධීවරයන් හමුවේ ලබා දෙන ලද පොරොන්දුව හේතුවෙන් උපවාසය අවසන් කළ බව පවසයි.
ඉකුත් ඔක්තෝබරයේදී දින පහක් සපුරා තිබූ උපවාසය අවසන් කෙරුණේ නියෝජ්‍ය ඇමැති අලගියවන්න ලබා දුන් පොරොන්දුව හේතුවෙනි. මේ හේතුවෙන් පෝට් සිටි විරෝධතා ඉදිරියේදී යළි කරළියට ඒමට ඉඩ ඇති අතර පසුගිය ජනවාරි 22 වැනිදා පෝට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරයේ විධායක කමිටු සාකච්ඡාවකදී මේ බව සාකච්ඡා වී ඇත. මහ නගර සංවර්ධන ඇමැති චම්පික රණවක සහ නියෝජ්‍ය ඇමැති අලගියවන්න මෙම ව්‍යාපෘතියේදී නිද්‍රාශීලී බවත් ධීවරයන් සහ කතෝලික සභා නායකත්වය නොමඟ යවා මුළා කිරීමට උත්සාහ කර ඇති බවත් අදාළ හමුවේදී වැඩිදුර සාකච්ඡා වී ඇත.