ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 19, 2017

මිනිස් වෙසින් සිටින තිරිසන් සුණඛයන් කළ අපරාධයට දඬුවම් කෝ....!!!

අවු 25ක් අතුරුදන්ව සිටි තරුණියක් ගෙදර එයි - නිවසක බලහත්කාරයෙන් රඳවාගෙන ඉඳළා...!!! 
88-89 මෙරට පැවති භීෂණ යුගයේ අතුරුදහන්වූ බව කියන එවක 18 හැවිරිදි තරුණියක අවුරුදු 25ට පසුව තම නිවස සොයා ගම්පොල, ගිරාඋල්ල ප්‍රදේශයට පැමිණ තිබෙනවා.
පද්මා කුමාරි නමැති මෙම තරුණිය අද වන විට 43 වන වියේ පසුවන අතර එවක ඇය අතුරුදහන්වීමෙන් පසුව ගඟ ඉහළකෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අතුරුදහන්වූවන් වෙනුවෙන් ගෙවන ලද වන්දි මුදල් පවා ඇයගේ පවුලේ උදවිය විසින් ලබාගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.
88-89 කාලයේ 18 හැවිරිදි ඇය විවාහ යෝජනාවකට අනුව කසාද බැඳ තොහොමඩ ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති අතර තෙමසක් ගතවෙද්දී ඇස් බැඳගෙන නිවසට පැමිණි සිව්දෙනෙකු විසින් ඇයගේ සැමියා රැගෙන ගොස් තේ වත්තක වෙඩි තබා ඝාතනය කර දමා ගොස් තිබුණු බව ඇය පවසයි.
සැමියාගේ දානමාන කටයුතුවලින් පසුව ඇය නැවතත් මහගෙදරට පැමිණ තිබේ.
ඉන්පසු සිදුවූ දෙය ඇය මෙසේ සඳහන් කළාය.
“ගෙදර ඇවිත් දවස් දෙක තුනකින් සැමියාගෙ ලොකු අම්ම කෙනෙකුගේ දුවක් කතා කරලා නාවලපිටියේ තියෙන එයාලගෙ ගෙදර එන්න කීවා. ඒවනවිටත් දැඩි පීඩනයකින් හිටිය මම එහේ ගියා. එහෙදි මට ඒ අය කීවා විහාරමහාදේවි පාර්ක් එක බලන්න කොළඹ යමු කියලා. මමත් යමු කීවා. ඒත් මේ අය මාව කොළඹ එක්කරගෙන ගිහින් ගෙදරකට බාරදුන්නා. ඒ අය මාව එහේ තියාගෙන හිරකරගෙන වැඩගන්න පටන් ගත්තා.
අවුරුදු 26ක්ම මට කිසිම නිදහසක් තිබ්බෙ නෑ. පාන්දර පහට නැඟිටලා වැඩකරන්න පටන් ගන්න ඕන. මම මේ ගෙදරට යද්දි ළමයි දෙන්නයි, මහත්තයයි නෝනයි හිටියෙ. පොඩිම ළමයට මාස තුනයි. මම ළමයි බලාගන්න වැඩයි ගෙදර වැඩයි ඔක්කොම කළා. ඔහොම අවුරුදු ගාණක් ඉන්නකොට මගේ තාත්තා මැරුණා කියලා මේ අය කතා වෙනවා. ඒ වෙලාවෙ මං ගෙදර යන්න ඕන කීවම බැනලා යන්න දුන්නෙ නෑ.
අපේ ගෙදර මට සහෝදර සහෝදරියන් 13 දෙනෙක් ඉන්නවා. එක මල්ලි කෙනෙක් නේවි එකේ හිටියා. එයත් මැරුණා. මගෙ අයිය කෙනෙකුත් මැරුණා. මට මේවා මේ අය කතාවෙනවා දැනගන්න ලැබුණා. ඒත් ඒ එකකටවත් යන්න මට ඉඩක් දුන්නේ නෑ“
වසර විසි හයකට පසුව මෙම තැනැත්තිය ඉකුත් 17 දින නැවත ගම්පොල ගිරාඋල්ල ප්‍රදේශයේ නිවසට පැමිණ පසුව නාවලපිටිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා අද (19) රෝහලෙන් නික්ම යළි නිවසට පැමිණ තිබේ.
තමන් රඳවාගෙන තබා සිටියේ දෙල්කඳ හා කොට්ටාව අතර පිහිටි නිවසක බවටත්, තමා බලහත්කාරයෙන් රඳවා තබා ගත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා ඇය විසින් මේවන විට නාවලපිටිය පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

............................................................................................................................................
 දිවයින පුවත්පතේ වාර්තාව මෙසේය...!!!
1988-89 කාලයේ මෙරට පැවති භීෂණ සමයේදී අතුරුදන් වූ 18 හැවිරිදි තරුණියක වසර 26 කට පසු තම නිවස සොයා ගම්පොල ගිරාඋල්ල ප්‍රදේශයට පැමිණ තිබේ. පද්මා කුමාරි නමැති ඇය අද වන විට 43 වැනි වියේ පසු වෙයි.
ඇය අතුරුදන් වීමෙන් පසු ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අතුරුදන් වූවන් වෙනුවෙන් ගෙවන ලද වන්දි මුදල් පවා ඇය වෙනුවෙන් ගෙවා තිබේ.

88-89 භීෂණ සමය වන විට 17 වැනි වියේ පසු වූ ඇය යෝජිත විවාහයක බැඳීමෙන් පසු සැමියාගේ ගම වූ කොහොමඩ ප්‍රදේශයේ පදිංචියට ගොස්‌ ඇත. නමුත් ඇයට විවාහ ජීවිතය ගත කිරීමට ලැබී ඇත්තේ මාස තුනක්‌ වැනි කෙටි කලක්‌ පමණි.

භීෂණයේ ගොදුරක්‌ වූ ඇගේ සැමියා ඇස්‌ බැඳ පැමිණි සිවු දෙනකු විසින් නිවසින් රැගෙන ගොස්‌ දුර බැහැර තේ වත්තක වෙඩි තබා මරා දමා ඇත. සැමියාගේ දාන මාන කටයුතුවලින් පසු කුමාරි තම මහ ගෙදරට පැමිණ ඇති අතර, ඉන්පසු සිදු වූ දේ ඇය මෙසේ විස්‌තර කළාය.

"මම මහ ගෙදරට ඇවිත් දවස්‌ දෙක තුනයි ගියේ සැමියාගේ ලොකු අම්මා කෙනෙකුගේ දුවක්‌ මට නාවලපිටියේ තියෙන එයාලගේ ගෙදරට එන්න කීවා. වෙලා තිබුණු සිදු වීමෙන් පීඩනයකින් හිටිය මම එහෙ ගියා. එතැනදී ඒ අය මට කීවා විහාරමහා දේවි උද්‍යානය බලන්න කොළඹ යමුයි කියලා. මට අවුරුදු 18 වත් ලබලා නැහැ. මමත් යමු කීවා. නමුත් මේ අය කොළඹ අරන් ගිහින් මා ගෙදරකට භාර දුන්නා.

ඒ අය මට එන්න නොදී එහෙ මාව හිර කරගෙන වැඩ ගන්න පටන් ගත්තා. අවුරුදු 26 ක්‌ම මට නිදහසක්‌ තිබුණේ නැහැ. පාන්දර පහට නැඟිටලා වැඩ කරන්න පටන් ගත්තේ. මම මේ ගෙදරට යන කොට ළමයි දෙන්නයි, මහත්තයයි නෝනයි හිටියේ. පොඩිම ළමයාට වයස මාස තුනයි. මම ඉතින් ළමයි බලා ගන්න ඒවයි අනෙක්‌ වැඩයි හැමදේම කරන්න ඕනෑ.

ඔහොම අවුරුදු ගණනක්‌ ඉන්න කොට මගේ තාත්තා මැරුණා කියලා මේ අය කතා වෙනවා ඇහුණා. මම ගෙදර යන්න ඕනෑ කියන කොට මට බැණලා යන්න දුන්නේ නැහැ.

අපේ ගෙදර මට සහෝදර සහෝදරියෝ 13 ක්‌ ඉන්නවා. එක මල්ලි කෙනෙක්‌ නේවි එකේ හිටියා. එයත් මැරුණා. මගේ අයියා කෙනෙකුත් මැරුණා. මට මේවා මේ අය කතා වෙන කොට දැන ගන්න ලැබුණා. ඒ එකකටවත් මට යන්න දුන්නේ නැහැ.

අවුරුදු 26 ක්‌ හිටියත් මගේ නම ඡන්ද නාම ලේඛනයටවත් දැම්මේ නැහැ. ග්‍රාම සේවක මහත්තයා එන කොට මාව හංගනවා. එළියට එන්න දුන්නේ නැහැ.

මෙහෙම ඉන්න කොට අසනීප වුණු ඒ අයගේ අක්‌කලා දෙන්නකුත් මේ ගෙදරට ගෙනත් දැම්මා. එක්‌ කෙනෙකුගේ කොන්ද කැඩිලා. නැඟිටින්න බැහැ. මම ඒ හැම කැත කුණුම අත ගාලා වැඩ කරන්න ඕනෑ.

මම මේ වැඩ කරන විට පඩි ඉල්ලුවාම මට හොඳටම ගහනවා. බණිනවා. අද මේ ළමයි දෙන්නගේ වයස පොඩි එක්‌ කෙනාට 26 යි. ලොකු එක්‌ කෙනාට 30 යි. ඒ අයගේ වැඩ එදා ඉඳලා අද වනතුරුම මම තමයි කළේ.

මේ දුක විඳින්න බැරි නිසා අහම්බෙන් දුරකථන ඇමතුමකට කතා කළ අයකුට මම මේ විස්‌තර කියලා මගේ ගෙවල් හොයා ගන්න උදව් කරන්න කීවා. එයත් මාස හතරක්‌ විතර හොයලා හොයා ගන්න බෑ කීවා.

පසුගිය 16 වැනිදා මම ගෙදර අය හවස නිදා ගන්න කල් ඉඳලා රෑ හතට විතර ගෙදරින් පැන ගත්තා. ගෙදර හොයා ගෙන ගම්පොලට 17 දා එන්න පුළුවන් වුණා. ඒත් ගෙදර අයට මාවත් මට ගෙදර අයවත් හඳුනා ගන්න බැරි වුණා. අවුරුදු 26 ක්‌ නේ. අඩුම තරමේ අම්මාටවත් හඳුනා ගන්න බැරි වුණා. පස්‌සේ මගේ අයියා කෙනෙක්‌ මගේ හැඳුනුම්පත බලලා මාව හඳුනා ගත්තා.

ඇගේ සොහොයුරෙකු වන ආර්. ඩී. මුනිදාස මහතා මෙසේ පැවසීය.

"අපේ පවුලේ 13 දෙනාගෙන් පද්මා කුමාරි හත් වැනියා. එයා භීෂණ සමයේ අතරුදන් වුණාට පස්‌සේ මේ ගැන අපි නාවලපිටිය පොලිසියට පැමිණිලි කළා. පස්‌සේ අපි සියලු දෙනාම එයා හොයා ගන්න පටන් ගත්තා. දේවාල ගානේ ගියා. නමුත් හොයා ගන්න බැරි වුණා.

පස්‌සේ ගඟ ඉහළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඇය අතුරුදන් ලේඛනයට ඇතුළත් කළා. නංගිගේ මහත්තයත් භීෂණයෙන් මැරුණ නිසා අපි හිතුවේ එයාටත් මොනවා හරි වෙන්න ඇති කියලා. ඒ නිසා අපි එයාට බණ කියලා. පිරිත් කියලා දානේ පවා දුන්නා. ප්‍රාදේශීය ලේකම්තුමා ඒ දවස්‌වල එයාගේ අතුරුදන් වීම වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල පවා අපට ලබා දුන්නා.

අද නංගි අසරණ වෙලා එයාගේ හොඳම කාලේ ගෙදරක බැල මෙහෙවරට යොදවලා. අද එයාට ඉන්න තැනක්‌ නැහැ. අම්මාත් දැන් වයසයි. අපි ඔක්‌කොමත් බැඳලා ඉන්නේ. එයාගේ අනාගතය අවිනිශ්චිතයි. ඒ නිසා අපි සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඇයට සාධාරණයක්‌ ඉටු කර දෙන ලෙසයි.

මේ තරම් කාලයක්‌ වැඩ කරලත් එයාගේ නමට බැංකුවකවත් ශතයක්‌ දාලා නැහැ. මේ වගේ කුරිරු මිනිස්‌සු ගැන නීතියෙන් බලලා වැටුපක්‌ හා වන්දි මුදලක්‌ අරන් දෙනවා නම් එයාගේ අනාගතය සාර්ථක වෙයි. නැති නම් වසර 26 ක්‌ දුක්‌වින්ද ඇයට නැවතත් දුක්‌ විඳින්න වෙයි."

පද්මා කුමාරි නැවත නිවසට පැමිණීමද අපූරු ආකාරයට සිදු වී ඇත. වැටුපක්‌ ලෙස කිසිදු මුදලක්‌ ලැබී නොමැති ඇයට කොළඹ සිට ගම්පොල ගිරාඋල්ල නිවසට ඒමට මුදල් සොයා ගැනීම දුෂ්කර වී ඇත. නමුත් කුඩා කල සිට ඇය හැදූ වැඩූ නිවසේ බාල පිරිමි ළමයා තුරුණු වියට පැමිණි පසු රැකියාවක නිරත වී සිටින අතර, ඔහුගේ ඇඳුම් පැළඳුම් සේදීමේදී අමතක වී ඇති සුළු සුළු මුදල් ඇය එකතු කර ගෙන තිබේ. අවසානයේ එම මුදල රැගෙන ඇය පාරට බැස තිබේ.

පද්මා කුමාරි නිවසට පැමිණි පසු ඇය පිළිබඳව නැවතත් නාවලපිටිය පොලිසියට දැන්වීමෙන් පසු වෛද්‍ය පරීක්‌ෂණ සඳහා ඇය නාවලපිටිය රෝහලට ඇතුළත් කළ අතර ඊයේ (19 දා) ඇය යළි නිවසට පැමිණියාය.

ගඟඉහළ ප්‍රාදේශීය ලේකම් මංගල වික්‍රමාරච්චි  වෙත මේ පිළිබඳව දැන්වීමෙන් පසු වසමේ ග්‍රාම නිලධාරි නිහාල් ගුණපාල  මඟින් අවශ්‍ය කටයුතු කිරීමට උපදෙස්‌ ලබා දී ඇත.

නාවලපිටිය පොලිසිය මේ පිළිබඳව පරීක්‌ෂණයක්‌ අරඹා ඇත.

 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.