ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, January 30, 2017

තව ඉත්තෝ දෙක තුනක් ඇද්ද ගමන් ආණ්ඩුව කපෝතියි...!!! රන්ජන්ට පුළුවන්ද අර්ජුන් මහේන්ද්‍රන්ගේ කනේ එක මයිල් ගහක් ගලවලා පෙන්වන්න...!!!

ඒකාබද්ධ විපක්ෂයේ නායක මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන
ජනවාරි 8 වැනිදා ජාත්‍යන්තර හා දේශීය කුමන්ත්‍රණකරුවන්ගේ කුමන්ත්‍රණයකින් මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වැළකුවත් මහජනතාවගේත්, ජාතියේත් ජනාධිපති ලෙස ඔබතුමා දිගටම හිටියා කියන එක මම මතක් කරන්න කැමැතියි. නීතියෙන් ජනාධිපතිවරු, නීතියෙන් අගමැතිවරු ඉන්න පුළුවන්. ජනතාවගේ ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ රටපුරා හිටියා. ඒ නිසා තමයි රටේ යන යන හැම තැනම මහින්ද රාජපක්ෂ මහතාව පිළිගනිමින් දහස් සංඛ්‍යාත ජනතාව රොක් වෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතාව යළි බලයට පත්කිරීම වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙනුත්, මාතෘ භූමියේ ඒකීය භාවය වෙනුවෙනුත් අප ගෙන ගිය ව්‍යාපාරය මාස කිහිපයක් ඇතුළතදී මහා ජන ව්‍යාපාරයක් බවට පත්වුණා. මේ පාර්ලිමේන්තුවේ රනිල්ට බලයක් නැහැ. කුමන කුමන්ත්‍රණයක් මඟින් අපේ ජයග්‍රහණය පස්සට ඇද්දත් ජනතා තීන්දුව වෙනස් කරන්නට බැහැ. ඒ නිසයි ජනතාවගේ නායකයා විදියට මහින්ද රාජපක්ෂව මේ රටේ ජනතාව ලක්ෂ ගණන් ප්‍රාර්ථනා කරන්නේ. ඔබට අපට අහිමි වෙන්න ගිය රටක් බෙදෙන්න නොදී මහින්ද සේනාධිනායකයා විදියට වගකීම කරට අරගෙන කිව්වා ජයභූමියෙන් මෙහා අපි නවතින්නේ නැහැ කියලා. ඒ නිසා තමයි අවුරුදු 30ක් තිස්සේ ජනාධිපතිවරු 4 දෙනෙක්ට කරන්නට බැරි වුණු වැඩේ මහින්ද රාජපක්ෂ ජනාධිපති නිම කරලා අවසන් කෙළේ.එක්සත් ජාතික පක්ෂයේ දූෂණ හොයන්න ඉන්නේ රන්ජන් රාමනායක කියලා මහත්තයෙක්. අපි කියනවා රන්ජන්ට පුළුවන් නම් අර්ජුන් ඇලෝසියස්ගේ හරි අර්ජුන් මහේන්ද්‍රන්ගේ හරි හක්ක පනින්න ගහනවා වෙනුවට කනේ එක මයිල් ගහක්වත් ගලවලා පෙන්වන්න කියලා

අසාර්ථක බංකොළොත් ආණ්ඩුවක් විදියට මේ ආණ්ඩුව පත්වෙලා ඉවරයි. කොයි ආණ්ඩුවද මහ බැංකුවෙන් හොරකම් කළේ. එක පැත්තකින් කියනවා මේක සිවිල් නඩුවක් කියලා. අනෙක් පැත්තෙන් කියනවා මේක අපරාධ නඩුවක් කියලා. මහ බැංකුවත් කන්නේ නැතිව දැන් ඉතින් පලයන් කියලා ජනතා පීඩනය මේ ආණ්ඩුවට එල්ල කළ නිසා තමයි මෙහෙම කියන්නේ. රනිල්ගේ කට්ටිය කියනවා FCID  එක හොඳයි කියලා. මේක විගඩම් ආණ්ඩුවක්. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ඇතුළු සියලු බලවේග මේ ආණ්ඩුව ගෙදර යවන්න එකතු වෙලා ඉවරයි. අපි අවුරුදු 2ක් දාම් ලෑල්ලේ ඉත්තෝ ඇද ඇද බලාගෙන හිටියා. තව ඉත්තෝ දෙක තුනයි තිබෙන්නේ අපිට අදින්න. එදාට මේ ආණ්ඩුව කපෝතියි.
පිවිතුරු හෙළ උරුමයේ නායක හා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල
එදා අපේ නායකයෝ සිරිසේනගේ සිරා ලණුවක් ගිලලා සන්ධානයෙන් ඡන්දෙ ඉල්ලුවේ නැත්නම් 2016 අගෝස්තු මාසයේ මේ ආණ්ඩුව අපට ගෙදර යවන්න තිබුණා. එදා අපි එන්න කිව්වේ ලක්ෂ 58ට විතරයි. මෙගා ඩීල්වලට රැවටුණු ලක්ෂ 62කටත් අපි අද එන්න කිව්වා. බුදුන් වැඩිය රට අවුරුදු දෙකක් කෑවා ඇති, දෙයියන්ගේ නාමෙට පලයල්ලා කියලා කියන්ඩයි අපි අද නුගේගොඩට ආවේ.
මේ සටනට වංගු, බේ්‍රක්, රිවර්ස් නැහැ. මේ පරගැති බටහිර රූකඩ ආණ්ඩුව ගෙදර යවන තුරු අපි මේ සටන නතර කරන්නේ නැහැ. කන්න දෙයක් නැති වුණහම මේ අය අපිට කියනවා කේ‍රා්ටන් කොළ, කොස් කොළ කාපල්ලා කියලා. අපි ජනාධිපතිගෙනුත් අගමැතිගෙනුත් ඉල්ලනවා සජීවී මාධ්‍ය හමුවකට සියලුම මාධ්‍ය ජනාධිපති මන්දිරයට කැඳවන්න. විකාශය ආරම්භ කරන්න. මේසේ උඩ කොස් කොළ, කේ‍රා්ටන් කොළ ගොඩ ගහන්න.
සහායට හරක් පැටව් ටිකක් දෙපැත්තේ තියාගෙන ජනාධිපතියි අගමැතියි කේ‍රා්ටන් කොළ කාලා අපිට පෙන්නන්න කියලා අපි ඉල්ලනනවා. එතකොට ජනාධිපතිට ජාතියට පණිවුඩයක් දෙන්න පුළුවන් 'උදේට බොමු අපි කොස්කොළ කැඳ හදලා' කියලා. එතකොට අගමැති මොකද කියන්නේ එයා කියනවා 'දවල්ට කමු අපි කේ‍රා්ටන් හොදි හදලා' කියලා.
පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන
ලංකා ඉතිහාසයේ මහ දවල් මහා කොල්ලයක් කරලා මහ බැංකුව කොල්ලකාපු පළමුවැනි ආණ්ඩුව ලෙස ඉතිහාස ගත වුණා. අපේ ආණ්ඩු කාලේ මහජනතාවයි ණය ඉල්ලුවේ රාජ්‍ය බැංකුවලින්. දැන් බැංකු මහජනතාවගෙන් ණය ඉල්ලනවා. මහ බැංකු බැඳුම්කර හොරකම නිසා මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන්ට සහනදායී පොලියකට ණයක් ගන්නට තිබූ අවස්ථාවත් මේ ආණ්ඩුව නැති කෙරුවා.
ලංකාව ලෝකයේ අවදානම් ආර්ථික තත්ත්වයක ඇති රටවල් 20න් 1ක් බවට පරිවර්තනය කිරීමේ කාලකණ්ණි ජයග්‍රහණය තමයි මේ ආණ්ඩුව මේ රටට අත් කරලා දුන්නේ. එක අවුරුද්දක් තුළදී දූෂණ වැඩියෙන්ම සිදුකළ ආණ්ඩුව ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මේ ආණ්ඩුව නම් කරලා හමාරයි.
එක්සත් ජාතික පක්ෂයේ දූෂණ හොයන්න ඉන්නේ රන්ජන් රාමනායක කියලා මහත්තයෙක්. අපි කියනවා රන්ජන්ට පුළුවන් නම් අර්ජුන් ඇලෝසියස්ගේ හරි අර්ජුන් මහේන්ද්‍රන්ගේ හරි හක්ක පනින්න ගහනවා වෙනුවට කනේ එක මයිල් ගහක්වත් ගලවලා පෙන්වන්න කියලා. අපි කියනවා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට ඔබතුමා වංචාවට විරුද්ධ නම් හොරකමට විරුද්ධ නම් හොරු දඬුකඳේ ගහනවා නම් ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම කරපු අර්ජුන් මහේන්ද්‍රන්වයි, ඇලෝසියස්වයි හෙට අත්අඩංගුවට අරගෙන ජාතියට අලුත් ආදර්ශයක් ලබා දෙන්න කියලා.
පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර
ජනතා සන්තක දේපළ නිදහස් අධ්‍යාපනය මේ සියල්ල කොම්පැනිකාරයන්ට පාවා දෙන මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියට විරුද්ධව අරගල කරන ක්‍රියාදාමය ඒකාබද්ධ විපක්ෂය අරඹලා තිබෙනවා. සෑම තැනකම දැන් මේ ආණ්ඩුවට විරෝධතා මතුවෙලා තිබෙනවා. අවසන් විරෝධතාව මතු වුණේ පසුගියදා හම්බන්තොටදී.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා නොගිය එකම කෙනා මහින්ද රාජපක්ෂ මහත්තයා විතරයි. අනෙක් උන් ඔක්කොම ගියා. දැන් ඉන්න ලොක්කත් ගියා. දැන් මේ අලුත් ආණ්ඩුවේ ඉන්න උන් සමලිංගයක් ගැන කතාකරනවා. යකෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමලිංගය තියෙන උන් නැහැ. ඉන්නෙ මං වගේ විරුද්ධ ලිංගිකයන්ට ආස උන්. සමලිංගයට ආස එකෙක් හිටියා අපේ පක්ෂයේ අපි උෟව එළෙව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසහනකාරයෝ නැහැ.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන  -
මේ ආණ්ඩුවට අවුරුදු 2යි දින 19යි. අවුරුදු 2යි දින 19ට අපේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච අපමණ අගය හොඳට දුන්නා දෙයියන්ගේ පිහිට ලැබෙන්න. අඩුවක් නැතිව දුන්නා අපමණ අගය. හම්බන්තොටදී මහා සංඝරත්නයට මහ පාරෙදි පහරදීලා අපමණ අගය ලබා දුන්නා. ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී ආබාධිත රණවිරුවන්ට පහරදීලා ඔවුන්ට අපමණ අගය ලබා දුන්නා.
පාර්ලිමේන්තුව නියෝජනය කරන යූ. ඇන්. පී. පඟර නැට්ටෙක් කියනවා 15,000ක් පුළුවන් නම් ගේන්න කියලා නුගේගොඩට. අපි කියනවා ඒ පඟර නැට්ටට 15,000ක් නෙමෙයි මේ මොහොත වන විට නුගේගොඩට ජන ගඟ ගලල ඉවරයි කියලා.
2017 මේ ඊනියා යහපාලන ආණ්ඩුවේ ඩබලම ගෙදර යවන අවුරුද්දයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.