කොළඹ නගරයට ජලය සපයනු ලබන කැලණි ගඟේ පෝෂක ප්‍රදේශවලට මළ ද්‍රව්‍ය එකතුවන
බව විද්‍යාත්මක පර්යේෂණවලින් ඔප්පු වී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය නිකුත්
කළ වාර්තාවක දැක්වේ.එම වාර්තාවට අනුව මේ බව තහවුරුව ඇත්තේ කැලණි ගංකාවේ ඉහල සීමාවේ සිට ඉංගිරියවත්ත ප්‍රදේශය දක්වා සිදු කළ සමීක්ෂණයකින් පසුවය.ගංගා ජලයට මළ මුසුවීමත්, ගංගා දෙපස බොහෝ නිවෙස්වල වැසිකිලි ගංගාවලට හරවා
තිබීමත් නිසා ගංගා ජලය අපිරිසිදු බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ
ජනරාල් කේ.එච්. මුතුකුඩආරච්චි කියා සිටී.
මේ පිළිබඳව නිතිමය පියවර ගැනීමේ බලය ඇත්තේ ඒ ඒ පළාත්පාලන ආයතන බවට බවද පවසන
මුතුකුඩආරච්චි , කැලණි ගඟ දෙපස පිහිටි කර්මාන්ත හාලාද සිය අපද්‍රව්‍ය
කැලණි ගඟට එක්කරන බවද සඳහන් කළේය.
පසුගිය කාලයේ පර්යේෂණ සිදුකළ බොහෝ පරිසර සංවිධාන ඇතුළු ඒ විෂය සම්බන්ධ අය
කැලණි ගඟ ගංඟාවලින් අපිරිසිදුම ගඟ බවට තහවුරු කර ඇති බවද ඔහු පැවසීය.