ආදරයෙන් කරුණාවෙන් දිවා රෑ නොබලා රැකබලා ගත් එළ ගව වැස්සිය හා පැටියා
යම්කිසි පිරිසක් විසින් සොරාගෙන ගොස් මස් කිරීම සම්බන්ධයෙන් කනගාටුවට පත්
ගව හිමියෙක් සිය නිවෙසේ ධර්ම දේශනයක් පවත්වා (29දා) අලුයම සඟසතු දානයක්
පිරිනමා සත්දින පින්කමක් සිදුකළ පුවතක් පිළිබඳ කෑගල්ල නගරයට ආසන්න ගමකින්
වාර්තා වෙයි.
කෑගල්ල නගරයට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි දෙවෙල්දෙණිය ග්‍රාමයේ
පදිංචි එල්.ඒ. චන්ද්‍රසේන (අවු. 70) මහතාට 2009 වර්ෂයේදී අසල ග්‍රාමයේ
පදිංචිව සිටින ඩේවිඩ් නමැති මහතකු විසින් එළ වැස්සියක් රැකබලා ගැනීමට ලබාදී
ඇත.
එම එළ වැස්සියට පසුව මඩුවක් තනා අසල කුඹුරේ බඳිමින් දිවා රෑ නොබලා රැක
බලාගෙන තිබේ. මෙම වැස්සිය කීප අවස්ථාවකදීම පැටවුන් 4 - 5 බිහිකර තිබුණු
අතර එම පැටවුන්ද මස් පිණිස අලෙවි නොකරන පුද්ගලයන් හට රැකබලා ගැනීමට ලබාදී
තිබිණි. අවසානයට මීට මාස 7කට පමණ ඉහතදී එළ වැස්සිය යළි ගැහැනු සතකු බිහිකර
තිබුණු අතර එම ගැහැනු සතාට චන්ද්‍රසේන මහතා 'රතු' යැයි නමක්ද තබා තිබේ.
වැස්සියට එරෙන සියලුම කිරි රතු පැටියා වෙනුවෙන් වෙන්කර තිබිණි. චන්ද්‍රසේන
මහතා වැස්සියගෙන් කිරි දෙවීම පවා සිදුකොට නොමැත.
එම නිසාම පැටවා හොඳින්
වැඩෙමින් සිටි බවද චන්ද්‍රසේන මහතා පැවැසීය.
ඉකුත් ජනවාරි 22දා මේ එළ ගව දෙන සහ පැටවා සුපුරුදු පරිදි ගව මඩුවේ බැඳ
සිටියදී රාත්‍රි 11.30ත් අලුයම 1.10ත් අතර කාලය තුළ වෑන් රථයකින් පැමිණි
පිරිසක් එළ වැස්සිය සහ පැටවා පටවාගෙන ගොස් ඇතැයි දැන ගන්නට ලැබී ඇත. පසුව
චන්ද්‍රසේන මහතා ගව මඩුවේ සහ කුඹුරේ සුදු කොඩි ඔසවා තිබූ අතර පින්කමදා
නිවෙසේ බෞද්ධ කොඩි ඔසවා තිබිණි. මස් පිණිස රැගෙන ගිය එළ වැස්සිය හා පැටවා
සිහිකර ඉකුත් 28දා රාත්‍රියේ චන්ද්‍රසේන මහතාගේ නිවෙසට ස්වාමීන් වහන්සේ
නමක් වැඩමවා ශබ්දවාහිනී යන්ත්‍ර ඔස්සේ ධර්ම දේශනයක් පවත්වා ඊයේ (29දා)
අලුයම වැලිමන්නාතොට, අශෝකාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ
දස නමකට අටපිරිකර දෙකක් සහිතව පිරිකර පූජා කර පැන් වඩා අතුරුදන් වූ එළ
වැස්සිය හා පැටවාට පින් අනුමෝදන් කිරීමේ සත්දින පින්කමක්ද පැවැත්විණි. එය
ප්‍රදේශයේ කාගේත් නෙත් සිත් පහන් කරවීය. මේ පිළිබඳ අදහස් දක්වමින් එල්.ඒ.
චන්ද්‍රසේන මහතා මෙසේ පැවැසීය.
වල්දෙණියේ ඩේවිඩ් මහතා මට මීට වසර 8කට පමණ ඉහතදී එළ වැස්සියක් ලබා
දුන්නා. මම උෟට ගෙයක් හදලා දීලා කුඹුරේ බඳිමින් දිවා රෑ රැකබලා ගත්තා.
පස්සේ පැටව් කිහිප දෙනෙක් ලැබුණා. එම පැටව් මස් පිණිස අලෙවි නොකරන
කීපදෙනකුට රැකබලා ගැනීමට දුන්නා. අදත් ඒ සත්තු ජීවතුන් අතර ඉන්නවා. අවසානයට
මීට මාස 7ට පමණ ඉහතදී වැස්සිය ගැහැනු සතකු බිහිකළා. ඊට පස්සේ මම
වැස්සිගෙන් කිරි ෙදාවා ගත්තේ නැහැ. පැටියාටම බොන්න දුන්නා. හැමදාම රෑට
තුන් හතර පාරක් ගව මඩුව දිහා බලනවා. එදා 22දා රෑ මම 11.30ටත් ගව මඩුව දිහා
බැලුවා. පසුදින අලුයම 1.10ට යළි බැලුවා. එතකොට සතුන් දෙදෙනා හිටියේ නෑ.
දවල් වෙලා අපේ නිවෙසට යාබද තිබෙන සී.සී.ටී.වී. කැමරාව පරීක්ෂා කර බැලුවා.
ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් ඇවිල්ලා හරවාගෙන සත්තු දෙන්නා පටවාගෙන යන අයුරු
තිබුණා. මට මේ ගැන හරිම කනගාටුයි. මේ වගේ දෙයක් මේ ප්‍රදේශයේ සිදුවෙලා නෑ.
මට මේ දුක උහුලගන්න අමාරුයි. ඒ නිසා මම පසුගිය 28දා ගමේ ඔක්කොටම කියලා
රාත්‍රි ධර්මදේශනයක් පවත්වලා (29දා) උදේ විහාරස්ථානයට ගිහින් අටපිරිකර
දෙකක් සමඟ පිරිකර පූජා කරලා පැන් වඩා පින් අනුමෝදන් කළා. මම ගවමස් කන්නේ
නැහැ. ගවමස් කන සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා මේක නතර කරන්න කියලා. ඒ
වගේම කෑගල්ල නගරයේ ගවමස් වෙළෙඳසල් දෙකක් තියෙනවා. ඒ මුදලාලිලාටත් මම කියනවා
ඔය වෙළෙඳාම නතර කර වෙන වෙළෙ¼දාමක් කරන්න කියලා. වෙන වෙළෙඳාමක් කරනවා නම්
මමත් ඔවුන්ට උදවු උපකාර කරනවා.
දමුණුපොළ - චමින්ද ජයලත්
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, January 30, 2017
මරා දමා තිබූ වැස්ස හා පැටවා සිහිකර සාංඝික දානයක් පිරිනැමූ අපූරු මිනිසෙක්...!!!
Posted by
lankanews
at
January 30, 2017
Labels: animal rights, animal slaughters, cow, cow killer, good human, human value, humanity, lankanews, muslim agenda, muslim animal killer
මරා දමා තිබූ වැස්ස හා පැටවා සිහිකර සාංඝික දානයක් පිරිනැමූ අපූරු මිනිසෙක්...!!!
2017-01-30T15:08:00+01:00
lankanews
animal rights|animal slaughters|cow|cow killer|good human|human value|humanity|lankanews|muslim agenda|muslim animal killer|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
