ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 19, 2017

කොස්‌ කොළ වෙනුවට පුන්නක්‌කුම කමු...!!!

වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත් පවුල් සංඛ්‍යාව පසුගිය 17 වැනිදා වන විට එක්‌ලක්‍ෂ දහතුන්දහස්‌ හාරසිය තිස්‌ හයක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබෙන බව වාර්තා වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය එදිනට නිකුත් කළ දෛනික වාර්තාවට අනුව දිස්‌ත්‍රික්‌ක 12 කින් එම පවුල් සංඛ්‍යාව වාර්තා වේ.
ඉඩෝරය පෑවිල්ල ගැන අංක එකේ පෙර සූදානමක්‌ ගැන කතා කරන වගකිව යුතු හැම කෙනෙකුටම අපට කියන්නට ඇත්තේ මේවා අලුත්ම අලුත් නිව්ස්‌ නොවන බවය. 2016 ඔක්‌තෝබර් මාසයේදී මේ ''නියං'' කතාව ඉඩෝරය, පෑවිල්ල ගැන සරල කතාවලට ලඝූකරමින් කරළියට එනවිට අප මෙවැනිම සටහනකින් සඳහන් කළේ උග්‍ර ජල හිඟයකට මුහුණ දීමට ඉක්‌මන් සැලසුම් අවශ්‍ය බවය. ඒ වනවිටත් රටේ විවිධ ප්‍රදේශවලට උග්‍ර ජල ප්‍රශ්නත් ඇතිව තිබිණි. අද වන විට උද්ගතව ඇත්තේ බරපතළ තත්ත්වයකි. වියළි කාලගුණය රටට බලපෑම් කරන්නට පටන්ගෙන මේ වන විට මාස හතරක්‌ පමණ ගතවී තිබේ.

අපට ''ක්‍රෝටන් කොළත්'' ''කොස්‌ කොළත්'' කෑමට වැඩ පිළිවෙලක්‌ සකස්‌ කළ යුතු බව හෝ ආණ්‌ඩුවට තේරී ඇත්තේ දැන්ය. මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන කියන ආකාරයට වියළි කාලගුණයෙන් සිදුව තිබෙන පීඩාවන් මැකීමට ඇමරිකානු ඩොලර් මිලියන එක්‌දහස්‌ පන්සීයයක මුදලක්‌ අවශ්‍ය වේ. මීට අමතරව පානීය ජල අවශ්‍යතාවන් සපුරාලීමට අමතරව ජල බවුසර් 600 ක්‌ද අවශ්‍යව තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙවැනි ප්‍රශ්න සඳහා සැලසුම් සකස්‌ කළ යුත්තේ මාස හතරකට පෙර සිට නොව වසර ගණනාවක සිට බව අපේ අදහසය.''නොට්‍රඩාමුස්‌'' පන්නයේ අනාවැකියක්‌ නොවුණත් ඉදිරියේදී මෙවැනි තත්ත්වයක්‌ උද්ගතවීමට නියමිත බව ''කාලගුණ ප්‍රවීණයන්ට'' ඉඟියක්‌ හෝ ලැබී නොතිබිණි යෑයි සිතිය නොහැක.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හෝ කුමන අන්aදමේ කන්තෝරුවක්‌ මේ රටේ පිහිටුවා තිබෙන්නේ මොකකටදැයි කවුරුන් හෝ ඇසුවොත් උරණ නොවන්නැයි අපි වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමු. වහින විට ගම් බිම් ජලයෙන් යටවේදැයි නිසි තක්‌සේරුවකට එන්නට බැරි, පොඩ්ඩක්‌ පායන විට, ඉඩෝරය අල්ලා සිටින විට වැව් ඇළ දොළ සිඳී යන විට පෙර සූදානමකින් හිඳින්නට බැරි ආයතන වලින් රටට ඇති වැඩේ මොකක්‌ද?

මේ අවුරුද්දේ ''ගංවතුර'' ගැන ඊළඟ අවුරුද්දේ ගංවතුර එනතෙක්‌ම කල්පනා කරන ආයතනවලට නියඟයත් කඡ්ජක්‌ දැයි ගමේ ගොඩේ උදවිය අහන්නේ කට කහනවාට නොවේ. ජනතාව කන්නේ බත් නොව තණකොළ හා පුන්නක්‌කු යෑයි සිතා සිටින උදවිය ක්‍රෝටන් කොළත් කවන්න උත්සාහ දැරීම ගැන අපිට පුදුම හිතෙන්නේ නැත. අපට පුදුම හිතෙන්නේ වියළි කාලගුණයකට නොව දැඩි නියඟයකට වුව මුහුණ දීමට ධන ධාන්‍යයෙන් සපිරි ශ්‍රී ලංකාවට සිදු වුණේ කුමක්‌ද යන්න ගැනය. මේ නියඟය වැඩිකල් අල්ලා සිටින එකක්‌ නොවේ. පෑවිල්ලක්‌ නොව බැමිණිතියා සාය, කරකොළ සාය වැනි දිගුකාලීන නියං තත්ත්වයන් සමඟ ද සටන් වැදිමට තරම් වාරි කෘෂි තාක්‍ෂණයෙන් පොහොසත් රටක්‌ වූ අපට මාසයක්‌ දෙකක්‌ අල්ලන නියඟය ඇමරිකානු ඩොලර් වලින් තක්‌සේරු කරන විට ඉබේම හීල්ලේ. වරින් වර වෙනස්‌ වන කාලගුණික තත්ත්වයකට මුහුණ දීමට අපට සැලසුම් නැත. අපට විශ්වාසය තිබෙන්නේ වතුර බවුසර්, වතුර බෝතල් රැගෙන ආපදාවට ලක්‌වූ ප්‍රදේශවලට යන විනෝද ගමන් ගැන පමණය.



තේ දලුත් කෑමට සුදුසුයි
- කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්


තේ දලුත් කෑමට සුදුසු බව තමාට දැන ගැනීමට ලැබුණු බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විඡේකෝන්  (18වැනිදා) ප්‍රකාශ කළේය.
කොස්‌දලු - ක්‍රෝටන් දලු පවා කෑමට හැකි බවට තමා කළ ප්‍රකාශනයෙන් පසු කෑමට ගත හැකි කොළ හා දලු වර්ග පිළිබඳව මහජනතාව තමාට වරින් වර දැනුම් දෙන බව පැවසූ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තේ දලු මෙන්ම කොස්‌ගෙඩිය නාරටිය පවා හතරැස්‌ අතට කපා දමා කෑමට හැකි බවද කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.