ප්රජතත්ත්රවාදය බලපවත්වන රටක පැවැතිය යුතු දේශපාලන, ආර්ථික හා
සිවිල් යන නිදහස අතරින් සිවිල් නිදහස වඩා වැදගත් තැනක් ගනී.
මේ අනුව යම් රටක ජීවත්වන සියලු ම වැසියන්ට තම රටේ තමන් කැමැති
තැනක ජීවත්වීමටත්, කැමති රැකියාවක් කිරීමටත්, කැමති ආගමක්
ඇදහීමටත් වැනි මූලික මිනිස් අයිතිවාසිකම් සඳහා නිදහස තිබිය
යුතුය.මෙම ඉඩම්වල සින්නක්කර හිමිකම පිළිබඳ චාරිත්‍ර නීතිය උතුරේ
දමිළ, ජනයා අනෙකුත් ජනවාර්ගිකයින්ගෙන් වෙන් ව තැබීමට බැඳි උපාය
මාර්ගික වැට කඩොල්ලකි. රටවල් බෙදා වෙන් කර පාලනය කිරීම අරමුqණු
කරගත් බටහිර යටත් විජිත පාලකයින්ගෙද සහාය මේ සඳහා ලබාගෙන ඇත.
කෙසේ වෙතත් ඔවුන් ද මෙම චාරිත්‍ර නීතිය ඉතාම සංකිර්ණ බව පවසා
බොහෝ අවස්ථාවල එහි සංශෝධන ඇතිකර එය සාධාරණ එකක් විය යුතු බව
ද සඳහන් කර ඇත. කෙසේ වෙතත් වර්තමානයේ මෙරට තුළ පවතින දමිළ
බෙදුම්වාදය මෙම වාර්ගවාදී හා බෙදුම්වාදී චාරිත්‍ර නීතිය මත
පිහිටා ඇති බව ඉතා පැහැදිලි කරුණකි. වෙන ලෙසකින් කියනවානම්
බෙදුම්වාදයේ බීජය මෙය වේ.
එහෙත් මෙම සිවිල් නිදහස මෙරට ජීවත්වන සියලුම ජනයාට එකසේ
බුක්ති විඳීමට නොලැබෙන බව පැහැදිලි කරුණකි. යාපන අර්ධද්වීපයේ
පවත්වාගෙන යනු ලබන''තෙසවලාමෛ'' නමැති චාරිත්‍ර (වාර්ගික) ඉඩම්
නීතිය මේ සඳහා මූලිකව බලපාන බව පෙනේ. මෙම චාරිත්‍ර නීතිය අනුව,
මෙම ප්‍රදේශයේ ජීවත්වන දමිළ ජනයාට හැර වෙන ලාංකික
ජනවාර්ගිකයෙකුට කොපමණ කලක් මෙහි ජීවත් වූවත් මෙම ප්‍රදේශයෙන්
ඉඩමක් හෝ නිවසක් සින්නක්කර ලෙස මිලට ගෙන ස්ථිර පදිංචියක්
ලබාගත නොහැකිය. මේ බව දමිළ ත්රස්තවාදීන් විසින් පසුගිය යුද
සමයේ යාපන ප්‍රදේශයෙන් පළවා හැරී සිංහල ජනයා ඔවුන් සිටි තැන්වල
නැවත පදිංචි කිරීම සඳහා ඉල්ලීම් කළ විට, ඔවුන් එසේ පදිංචිව
සිටි බව ඔප්පු කිරීමට පිළිගත හැකි සාක්ෂි නොමැති බව මේ
පිළිබඳව කටයුතු කළ වගකිවයුතු දමිළ දේශපාලකයින් කළ ප්‍රකාශ
වලින් ද තහවුරු වේ.
මෙම ඉඩම්වල සින්නක්කර හිමිකම පිළිබඳ චාරිත්‍ර නීතිය උතුරේ
දමිළ, ජනයා අනෙකුත් ජනවාර්ගිකයින්ගෙන් වෙන් ව තැබීමට බැඳි උපාය
මාර්ගික වැට කඩොල්ලකි. රටවල් බෙදා වෙන් කර පාලනය කිරීම අරමුqණු
කරගත් බටහිර යටත් විජිත පාලකයින්ගෙද සහාය මේ සඳහා ලබාගෙන ඇත.
කෙසේ වෙතත් ඔවුන් ද මෙම චාරිත්‍ර නීතිය ඉතාම සංකිර්ණ බව පවසා
බොහෝ අවස්ථාවල එහි සංශෝධන ඇතිකර එය සාධාරණ එකක් විය යුතු බව
ද සඳහන් කර ඇත. කෙසේ වෙතත් වර්තමානයේ මෙරට තුළ පවතින දමිළ
බෙදුම්වාදය මෙම වාර්ගවාදී හා බෙදුම්වාදී චාරිත්‍ර නීතිය මත
පිහිටා ඇති බව ඉතා පැහැදිලි කරුණකි. වෙන ලෙසකින් කියනවානම්
බෙදුම්වාදයේ බීජය මෙය වේ.
මෙරට එක් එක් ජනවර්ග සඳහා ඔවුනට ආවේනික වූ චාරිත්‍ර වාරිත්‍ර
ඇත. උදා - ලෙස උඩරට ජනයා අතර පවතින විවාහ නීති හා මුස්ලිම්
ජනයා අතර ඇති චාරිත්‍ර නීති දැක්විය හැකිය. එහෙත් ඒවා මෙම
''තේසවලාමෛ'' චාරිත්‍ර නීතිය මෙන් සෙසු ජනවර්ගවල මානව හිමිකම්
වලට හෙවත් සිවිල් නිදහසට බාධා ඇති නොකරයි. මේ රට කෑලිවලට
කඩාගැනීමට පදනම් කර නොගනී.
වවුනියාව නගරයෙන් ඔබ්බට සිංහල ජනයාගේ පදිංචියක් නැත්තටම නැති
තරම්ය. සිටියත් සිටින්නේ ඉතාම සුළු සංඛ්‍යාවකි. දේශීය අයෙකුට
මෙන් ම විදේශිකයෙකුට වුව ද මෙම තත්ත්වය දකින විට හැඟී යන්නේ
මෙම ප්‍රදේශ දමිළ ජනයා සතු බවත් බහුතර සිංහල වර්ගයා විසින් එය
බලහත්කාරයෙන් පාලනය කරන බවත්ය. සිංහල වැසියෙකු මෙම ප්‍රදේශයේ
පදිංචි වුවහොත් ඔහුද බලහත්කාරයෙන් හෝ වෙනත් උපාය මාර්ගයන් යොදා
හෝ පළවා හැරීමට මෙහි පාලකයෝ කටයුතු කරති. මේ බව 2015 අප්‍රේල්
මස 26 වන දින ''ඔබ්සර්වර්'' පුවත්පතේ පළවූ පුවතක් ද සාක්ෂි
දරයි.
උතුරු හා නැඟෙනහිර පෙදෙස් දමිළ ජනයාගේ නිජබිමි ලෙස මෙරට ඇතැම්
දේශපාලකයින් තම දේශපාලන වාසි තකා ප්‍රකාශ කළ අවස්ථා ඇත. එය
එසේ වන්නේ නම්, මෙරට ඒකීය රාජ්‍යයක් ලෙස ව්‍යවස්ථාගත කිරීම
හෝ දහස් ගණන් මිනිස් ජිවිත බිළිදෙමින් යුද්ධ කර එය රැක
ගැනීමේ හෝ අවශ්‍යතාවක් ඇති නොවන්නේය. මෙම රට වැසි සියලු
දෙනාගේම ජන්ම භුමිය වේ.
තත්ත්වය මෙසේ වෙතත් යාපන අර්ධද්වීපයේ (උතුරේ) දමිළ ජනයාට
දිවයිනේ ඕනෑම තැනකින් සින්නක්කර ලෙස ඉඩම් හෝ ගේදොර මිලට
ගැනීමටත් කැමැති තැනක ජීවත්වීමටත්, කැමැති රැකියාවක් කිරීමටත්
පූර්ණ නිදහස හා ආරක්ෂාව ඇත. වෙනත් ලෙසකින් කියනවානම් ඔවුන්
මෙරට අන් ජනවර්ගවලට වඩා පූර්ණ ලෙස ප්රජාතත්ත්රවාදය භුක්ති
විඳින ජන කොටසකි. (කොළඹ නගරයේ මුළු ජනගහනයෙන් 65% ක් දමිළ
ජනයා ඇතුළු සුළු වාර්ගිකයින් බව කවුරුත් දන්නා කරුණකි)
ඉඩම් පාලනය පිළිබඳ බලතළ පළාත් සභාවලට පැවරීමක් සිදුවුවහොත්
ඉහත කී ''තේසවලාමෛ'' නමැති චාරිත්‍ර නීතිය උතුරු ප්‍රදේශයේ
ජනයා වාසය කරණ දිවයිනේ සෙසු පෙදෙස් දක්වා ද ව්‍යාප්ත වීමට ඉඩ
ඇත. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් එය අනෙකුත් ජනවර්ගවල සිවිල්
නිදහස තවදුරටත් සීමාවනු ඇත.
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ වැඩ දැන් ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙමගින් මහවැලි ජලය උතුරු ප්‍රදේශයේ ඉරණමඩු වැව දක්වා ගෙන
යාමට යෝජිතය. සියලුම ජනවර්ග සඳහා මෙම රට එකක් ලෙස
නොපැවතුනහොත් අනාගතයේ දී මෙහි ජලය බෙදා ගැනීම පිළිබඳව බරපතළ
ගැටලු ඇතිවනු නොඅනුමානය. දැනුදු යල කන්නයේ තබා මාස් කන්නයේ
වත් ප්‍රමාණවත් තරම් ජලය නොලැබීමෙන් මහවැළි ගොවිහූ දැඩි
අසීරුතාවට පත්වෙති. මෙවැනි තත්ත්වයක් දැන් දකුණු ඉන්දියාවේ
තමිල්නාඩු ප්‍රාන්තය හා කර්නාටක රජය අතර ඇති වී ඇත.
මෙතෙක් කල් මෙරට පාලනයේ යෙදී සිටි දකුණේ දේශපාලන නායකයින්
උතුරුකරයේ මෙවැනි තත්ත්වයක් ඇති බව දැනගෙන සිටි නමුත්
එවැන්නක් නැති ලෙසට වෙන අතක් බලා කටයුතු කළහ. මෙයින්
සිදුවූයේ දහස් ගණන් මිනිස් ජීවිත හා අසීමිත ලෙස ජාතික ධනය
විනාශ වීමත්, ජාතික සමඟිය වෙනුවට සැකය හා වෛරය දියුණු වීමත්,
ජාත්‍යන්තර ප්‍රජාව නමැති බටහිර නව යටත් විජිතවාදීන්ට මෙරට සෑම
කටයුත්තකටම මෙන් බලපෑම් කිරීමට ඉඩ සැලසීමත්ය.
හමුදා කඳවුරු කොපමණ ස්ථාන ගත කළත් ඒවා මඟින් ස්ථිර සාමයක්
ඇතිකළ නොහැකි බවත් මේ සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත් එකල
යුද පෙරමුණේ සිටි හමුදා නායකයෝ පවා ප්‍රකාශ කළහ. හමු¹ කඳවුරු
වැඩි වැඩිය පිහිටුවීම තුළින් මෙරට හමුදා පාලනයක් ඇති බවක්
හුවා දැක්වීමටද බෙදුම්වාදීන්ට අවස්ථාවක් සැලසේ.
මේ සඳහා ඇති එකම දේශපාලන විසඳුම වන්නේ ''තේසවලාමෛ'' නමැති
වාර්ගික චාරිත්‍ර නීතිය මුළු රටේම ඒකීයභාවය ආරක්ෂා වන පොදු
නීති ක්‍රමය මඟින් බලරහිත කර දිවයිනේ කුමන තැනක හෝ සෑම ජන
වාර්ගිකයෙකුටම නිදහසේ ආරක්ෂාව සහිතව ජීවත්වීමට ඉඩ සැලසීමය.
මෙම භයානක උවදුරින් රට හා ජනතාව මුදා ගැනීමට වෙනත් කිසිදු
මාර්ගයක් නැත. එසේ කළහොත් පළාත් සභා බල තල කුමන ලෙසකින්
විමධ්‍යගත කළත් රටට හානියක් සිදු නොවේ. එසේ වන්නේ එහි
ප්රතිලාභ සියලුම ජනයාට එකසේ බුක්ති විඳීමට ලැබෙන බැවිනි.
මෙම භයානක විනාශයේ බරපතළකම තේරුම් ගෙන වෙනත් ප්‍රශ්න පසෙකලා
පොදු අරමුණක පිහිටා, සියලුම දේශප්‍රේමී, දේශපාලන පක්ෂ, ආගමික
සංවිධාන, බුද්ධිමතුන් හා රටට ආදරය කරණ සියලුම ජනයාගේ
සහභාගීත්වය ලබා ගැනීම සඳහා අප්‍රමාදව කටයුතු කළ යුතු වේ. ඊට
අමතරව
අතරමඟ නවතා දමා අති මහවැලි සංවර්ධන යෝජනා ක්රමයේ මාදුරු ඔය
දකුණු ඉවුරු සංවර්ධන කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කිරීම හා
නැගෙනහිර පළාතේ ඇති ජනවර්ග අනුපාතයට අනුව සියලුම ජන කොටස්
මිශ්‍ර වන ලෙසට එහි පදිංචි කටයුතු ආරම්භ කිරීම.
එක් එක් ඇමැතිවරුන්ගේ ඇති පුද්ගලික හැකියාව මත පදනම් නොකර
උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ සියලුම පළාත් සමබර ලෙස
දියුණු කිරීම මඟින් රැකියා විරහිත තරුණයින් රැකියාවල යෙදවීමට
කඩිනම් පියවර ගැනීම, මේ සඳහා දේශීය හා විදේශීය තනාපති සේවා,
වෙළෙඳ අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා අයෝජන
මණ්ඩලය වැනි අංශ දැනට වඩා ඒකාබද්ධව කටයුතු කිරීමට සැලැස්වීම,
මෙමගින් කෘෂිකර්මය හා ධීවර කර්මාන්තය පදනම් කරගත් කර්මාන්ත හා
සංචාරක ව්‍යාපාරය අනුබද්ධ කර්මාන්ත වඩා යෝග්‍ය වනු ඇත.
දැනට වසා දමා හෝ අඩු මට්ටමකින් ක්‍රියාත්මක වන ආයෝජන මණ්ඩලයේ
ලියාපදිංචි ඇඟළුම් කම්හල් වලින් සුදුසු ඒවා තෝරාගෙන ඒවායේ
නිෂ්පාදන, මිලට වඩා තත්ත්වය අගයන වෙළෙඳපොළවල් ඇති, ඇමෙරිකාව,
යුරෝපය, ඔස්ටේ්රලියාව හා ජපානය වැනි රටවල ඇති ඉහළ වෙළෙඳපොළ
සඳහා යෑවීමට කටයුතු කිරීම.
උතුරු හා නැගෙනහර පළාත්වල රජය මගින් හා පෞද්ගලික අංශය මඟින්
සිදුකරණ සංවර්ධන කටයුතුවලදි ඒවායේ සේවය සඳහා සියලුම ජන කොටස්
මිශ්‍ර වනසේ යෙදවීම.
උතුරු හා නැගෙනහිර පළාත්වල ජීවත්ව සිට ත්රස්තවාදීන් විසින්
පළවා හැරී සිංහල, මුස්ලිම් ඇතුළු සියලුම ජනයා ඔවුන් වාසය කළ
ස්ථානවල ස්ථිර පදිංචියක් ඇතිවන ලෙසට අප්‍රමාදව නැවත
පදිංචිකිරීම හා ඔවුනට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම.
උතුරු හා නැගෙනහිර පළාත්වල රජයේ කාර්යාලවල සේවය සඳහා සියලුම
ජනවර්ග මිශ්‍ර වන ලෙසට සේවයේ යෙදවීම. මෙහි දී දමිළ හා සිංහල
භාෂා ප්‍රවීණත්වය ලබා ගැනීම අනිවාර්ය කිරීම.
මෙසේ පදිංචි කරණ හා සේවයේ යොදවන ජනතාවගේ ආරක්ෂාව, එම පළාත්වල
වෙසෙන ජනතාවගේද සහභාගීත්වය ඇතිව සංවිධානය කිරීම.
මෙහිදී බහුතර සිංහල ජනතාවට හා අනෙකුත් ජන කොටස්වලට
අසාධාරණයක් නොවන ක්‍රියාදාමයක් සඳහා අවංක ලෙස මැදිහත්වන්නේ
නම් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගේ ද සහාය මේ සඳහා ලබා
ගැනීම.
මෙම රට එකම රටක් ලෙස පිළිගෙන සියලු දෙනා සමඟියෙන් ජීවත් වීම
අවශ්‍ය යෑයි පිළිගන්නා දමිළ ජාතික උගතුන්,දේශ පාලකයින් හා
අනෙකුත් දමිළ ජනයාගේද සහාය මේ සඳහා ලබා ගැනීමට වහාම කටයුතු
කිරීම.
ජාතික ප්රශ්නය අප්‍රමාදව විසද ගැනීමකින් තොරව මෙරට දියුණුවක්
ඇති කිරීම හෝ බියකින් හා සැකයකින් තොරව මිනිසුන්ට ජීවත් වීමක්
කිසිසේත් ම බලාපොරොත්තු විය නොහැකිය. රටේ හා ජාතියේ යහපත්
අනාගතය පවතින්නේ මෙය විස¹ ගැනීම තුළය.
පී.බී.හේරත්
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, January 31, 2017
තේසවලාමෛ නීතිය අහෝසි කර ජාතික ප්රශ්නය විසඳා ගැනීම....!!!
Posted by
lankanews
at
January 31, 2017
Labels: elam tamil, jafna lands, lankanews, racisit tamils, racist tamil politician, racist vigneshvaran, sanhidiyawa, Thesawalamai, yahapalanaya
තේසවලාමෛ නීතිය අහෝසි කර ජාතික ප්රශ්නය විසඳා ගැනීම....!!!
2017-01-31T20:50:00+01:00
lankanews
elam tamil|jafna lands|lankanews|racisit tamils|racist tamil politician|racist vigneshvaran|sanhidiyawa|Thesawalamai|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
