පූජ්‍ය අතුරලියේ රතනහිමියන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීම අගය කරන
බව ජාතික හෙළ උරුමයේ උත්තරීතර සංඝමණ්ඩලයේ සභාපති, ආචාර්ය, පූජ්‍ය ඕමල්පේ
සෝභිත හිමි පවසයි.
එහෙත් මෙම ස්වාධීනවීම වඩාත් ඵලදායිවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද,
ඉල්ලා අස්වීමෙන් බව සෝභිත හිමියන් කියා සිටියේ ඇඹිලිපිටිය බෝධිරාජ
විහාරස්ථානයේ (18) පැවති මාධ්‍ය හමුවකදීය.
එලෙස මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්නොවී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමෙන් පමණක්
රතන හිමියන්ගේ අරමුණ අර්ථවත් නොවන බව සෝභිත හිමියන් අවධාරණය කළේය.
එසේ වුවද අතුරලියේ රතනහිමියන් යනු 2015 ජනවාරි 08 ජයග්‍රහණයේ පුරෝගාමියෙකු
බවත්, රජයේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් උන්වහන්සේට පවත්නා විවේචනය සාධාරණ
බවත් සෝභිත හිමියන් සඳහන් කළේය.
ආර්ථික අංශයේ ක්‍රියා මාර්ග, සිදුවීමට නියමිත ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන්
රජයේ වැරදි වළක්වාලීම රතනහිමියන්ගේ අරමුණ බව උන්වහන්සේ වැඩිදුරටත් කියා
සිටියේය.