ජ.වි.පෙ. ප්ර්රචාරක ලේකම් විජිත හේරත් ...!!!
මේ බව කියා සිටියේ ඊයේ (08 දා) කොළඹදී පැවැති
මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත්,
අද ජනවාරි 08 වැනිදා. මේ ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ
වෙනවා. 2015 ජන. 08 වැනිදා මේ ආණ්ඩුව පිහිටුවන කොට රටේ
ආර්ථිකය, දේශපාලනය, ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් ජනතාවට
විශාල පොරොන්දු දුන්නා. නමුත් වසර දෙකක් ගතවන විට ජනතාව
යහපාලනය වෙනුවෙන් තැබූ සියලු බලාපොරොත්තු සුන් වෙලා. රට
ආර්ථික වශයෙන් අගාධයකට වැටිලා. ප්රජාතන්ත්රවාදය වෙනුවට
ආණ්ඩුවේ මැරකම්, චණ්ඩිකම්, ජනතා මර්දනය දියත් කරලා. රටේ
සම්පත් කුණුකොල්ලයට විකුණනවා. මහජනතාවට බදු පිට බදු බර
පටවන පනත් සංශෝධනය කරගෙන තිබෙනවා. වසර දෙකක් ඇතුළත
ජනතාවගේ බලාපොරොත්තු බොඳවෙලා ගිහින්. ජනතාවගේ බලාපොරොත්තු
කිසිවක් ඉටුකරන්න මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ. ජනතාවගේ
අතමිට සරු කරනවා කිව්වට එම ප්‍රකාශ පුස්සක් වෙලා. රටේ
සම්පත් ටික කුණු කොල්ලයට විදෙස් සමාගම්වලට දෙනවා. ජනතාවගේ
ඉඩම් බලහත්කාරයෙන් පවරගන්නවා. මෛත්‍රි - රනිල් පාලනය
ජනතාවගේ අනාගතය සංවර්ධනය කරන්න මැදිහත් වෙලා නැහැ. ඔවුන්ට
ඒ වෙනුවෙන් වුවමනාවක් නැහැ. කැපවීමක් නැහැ.
ජනතාවගේ බලාපොරොත්තු කඩවුණු නිසා තමයි අද ජනතාව පාරට
බැහැලා තිබෙන්නේ. පීඩාකාරී ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට
එරෙහිව ශිෂ්‍යයන් පාරට බැස්සා. ගොවිජනතාව පාරට බැස්සා.
රටේ ජනතාව පීඩාවට එරෙහිව වීදි බැස්සා. ආණ්ඩුව ඒ අරගල
හමුදාව, පොලිසිය යොදවලා කඳුළු ගෑස් ගහලා වෙඩි ප්‍රහාර
එල්ල කරලා මර්දනය කළා. ඊයේ හම්බන්තොට ජනතාවගේ උද්ඝෝෂණයටත්
ආණ්ඩුවේ ප්‍රතිචාරය වුණේ ඒ මර්දනයයි. හම්බන්තොට ජනතාව
තමන්ගේ පාරම්පරික ඉඩම් රැකගැනීම වෙනුවෙන් වසර ගණනාවක්
තිස්සේ කැපවීමක් කළා. එදා රාජපක්ෂ පාලනය තුළ හම්බන්තොට
ජනතාවගේ ඉඩම් අක්කර 11,000 ක් බලහත්කාරයෙන් පවරාගත්තා.
ඉරිදා සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් නාමල්
රාජපක්ෂ ඒ බව කියනවා. මිරිඡ්ජවිල කර්මාන්ත ව්‍යාපෘතියට,
මත්තල ගුවන්තොටුපළට, හම්න්තොට වරායට ඒ විදිහට ජනතාවගේ ඉඩම්
බලහත්කාරයෙන් පවරා ගත්තා. එදා රාජපක්ෂලා කරපු දේ අද රනිල්
- මෛත්‍රි හවුල් ආණ්ඩුව කරනවා. ඒ නිසා තමන්ගේ ඉඩම්
හම්බන්තොට වරායත් කුණු කොල්ලයට විකුණා දැමීමෙන් ආරක්ෂා කර
ගැනීමට හම්බන්තොට ජනතාවට වගකීමක් තිබෙනවා.
දකුණු පළාත් සභා මන්ත්‍රී සිසිර වාහලතන්ත්රී ,
හම්බන්තොට ජනතාවගේ ප්රශ්නය වෙනුවෙන් පක්ෂ පාට භේදයෙන්
තොරව ජනතාව පාරට බැස්සා. රජ කාලේ සිට පරම්පරාවෙන් ලැබුණු
ජනතාව ජීවත් වුණු ඉඩම්, වගා කරපු වගාබිම් සමඟ හම්බන්තොට
වරාය ආණ්ඩුව චීනට දෙන්න යනවා. මේ ඉඩම් පවරා ගන්න කලින්
ආණ්ඩුව කිසිදු පරිසර ඇගයීමක් කළේ නැහැ. පරිසර හානි
තක්සේරු කළේ නැහැ. රටේ නීතියට අනුව කැලෑ ඉඩම් හෙක්ටයාර්
එකක් වෙනත් කටයුත්තක් සඳහා යොදා ගන්නවා නම් ඊට අදාළව
පරිසර ඇගයීමක් කළ යුතුයි. ආණ්ඩුව ඒවා කළේ නැහැ. ආණ්ඩුවේ
නිලධාරීන් ඇවිත් ඉඩම් මනින්න පටන් ගත්තා. ජනතාව ඒවා
ප්‍රශ්න කරන්න පටන් ගත්තා. පාලකයන්ට ඒ ප්‍රශ්නවලට උත්තර
දෙන්න බැරි වුණා. අපි හම්බන්තොට ජනතා අයිතීන් සුරැකීමේ
සංවිධානය හැදුවා. සියලු පක්ෂවල පිරිස්, ස්වාමීන්
වහන්සේලා එයට දායක වුණා. මේ පිළිබඳව පළාත් සභාවේදී,
දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ප්‍රශ්න කළා.
හම්බන්තොට ජනතා අයිතීන් සුරැකීමේ සංවිධානයේ සුරංග සංජීව,
පළමුවෙන්ම ආණ්ඩුවේ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකිනවා.
වගඋත්තරකරුවන් ජනතාව නොවෙයි. 06 වැනිදා පොලිසිය හමුදාව,
හමුදා ට්‍රක් රථ හම්බන්තොට ප්‍රදේශයේ ස්ථානගත කළා. එස්.
ටී. එ. යතුරුපැදි බළකාය පවරා ගැනීමට යෝජනා කර ඇති ඉඩම්
තිබෙන ප්‍රදේශවල සැරිසැරුවා. මෙයින් ජනතාව බියට පත්වුණා.
ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට ජනතාවට ඒත්තු ගැන්වුණා.
අම්බලන්තොට නෝනාගම ප්‍රධාන පාරවල් වහලා, මාර්ග බාධක
දැම්මා. පොදු ප්‍රවාහනය පවා නතර කරලා දැම්මා. එයින් ජනතාවට
යම් පණිවිඩයක් ලැබුණා. ඒ නිසා ජනතාව උත්සව භූමිය අසලටත්
මාර්ගවලටත් ඇවිත් විරෝධය දක්වන්න පටන් ගත්තා.
හම්බන්තොට ජනතා අයිතීන් සුරැකීමේ සංවිධානයේ ලේකම් සුමිත්
කුමාර,
2017 අලුත් අවුරුද්දේ ජනවාරි උදා වුණේ හම්බන්තොට ජනතාවට
ආණ්ඩුව මැර ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ. මේ ඉඩම් පවරා
ගැනීමත් වරාය විකිණීමත් පිළිබඳව හම්බන්තොට ජනතා අයිතීන්
සුරැකීමේ සංවිධානය විසින් ජනතාව දැනුවත් කිරීමේ
ක්‍රියාමාර්ග දියත් කළා. එක ගමක ජන හමු 7-8 ක් කළා.
දේශපාලන වශයෙන්
බංකොළොත් කණ්ඩායම් එම ක්‍රියාමාර්ග දියාරු කරන්න කටයුතු කළා. මේ සටන
හම්බන්තොට බේරාගැනීමේ පොදු සටනක්. ආණ්ඩුව සමඟ හිටගෙන
ඉන්න කුමන්ත්රණකාරී පිරිස් සටන දියාරු කරන්න කටයුතු
කරනවා. මේ ආණ්ඩුව හම්බන්තොට ජනතාවට වගේම රටේ සියලුම
ජනතාවට කිව්වා, ප්රජාතන්ත්රවාදී රටක් හදනවා කියලා.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, January 9, 2017
හම්බන්තොට ප්‍රහාරයෙන් පෙනුනේ යහපාලන නිරුවතයි..!!!
Posted by
lankanews
at
January 09, 2017
Labels: attack to buddhist monks, attacked civilians, hambanthota port, jvp, jvp srilanka, lankanews, meithreepala sirisena, ranil wickramasinge, unp corruptions, unp politicians, vijitha herath, yahapalanaya
හම්බන්තොට ප්‍රහාරයෙන් පෙනුනේ යහපාලන නිරුවතයි..!!!
2017-01-09T13:43:00+01:00
lankanews
attack to buddhist monks|attacked civilians|hambanthota port|jvp|jvp srilanka|lankanews|meithreepala sirisena|ranil wickramasinge|unp corruptions|unp politicians|vijitha herath|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
