මෙම සියලූ අදහස් යහපත් සිතින් ප්‍රකාශ කෙළේ නම් ඒවා තුළ ඇති එක් පොදු බවක් වන්නේ ලංකාව යහපත් රටක් ලෙස ගොඩනැංවීම සහ ලෝකය ඉදිරියේ ශීලාචාර රටක් ලෙස ඉස්මතු කිරීමේ කි‍්‍රයාවලියයි. මෙය ලෙහෙසි පහසු ඉලක්කයක් නොවේ. මෙය තවත් එක් හිස් දේශපාලන ප්රලාපයක් නොවේ නම්, එය ජාත්‍යන්තරයේ සිටින කෘතහස්ත රාජ්‍යතාන්ති‍්‍රකයින්, දේශපාලඥයින්, ව්‍යාපාරිකයින් සහ විද්වතුන් සමග ඉතා කල්පනාවෙන් කළයුතු ගනුදෙනුවකි. ඒ සඳහා මෙම පිරිස් සමග ගනුදෙනු කිරීමට හැකියාවක් සහ පළපුරුද්දක් ඇති පිරිසක් මෙම කාර්යය සඳහා යෙදවිය යුතුබවට විවාදයක් නැත.
එහෙත් රාජපක්ෂ යුගයේදී දක්නට ලැබුණු විචක්ෂණශීලිත්වයෙන් තොර බව නැවත නැවතත් ප්‍රදර්ශනය කරමින් යහපාලන රජය කරවන්නෝද අම්බරුවන් සේ කටයුතු කරන බව දැකීම කණගාටුවට කරුණකි. අද ඇමතිවරුන්ගේ සිට නිලධාරීන් දක්වා කරන ලද සියලූ පත්වීම්වලින් පෙන්නුම් කෙරෙන එක් පොදු ලක්ෂණයක් වන්නේ වැඬේ කිරීමට සුදුසු කෙනාට වඩා තමන්ගේ නෑදෑ හිතවතුන් පිනවීමට කෙරෙන පත්වීම්ය. මෙම ධර්මතාවය විදේශ අමාත්‍යංශයටත් පොදු බව මෙම රජය විසින් කරනු ලැබූ පත්වීම්වලින් පැහැදිළිවේ. එහෙත් රජය පිහිටුවීමට පෙර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ තානාපති පත්වීම් සඳහා සුසුදුකම් ලත් විදේශසේවා නිලධාරීන් හට ප්‍රධාන තැනක් දෙන බවයි. රජය මෙතෙක් එම ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන බවක් දක්නට නැත. මේ නිසා මහල්ලන්, ලෙඩුන්, පරාජය වූ දේශපාලඥයින්, පැන්ෂන්ගිය හමුදා නිලධාරීන්, නඩුනැති හඩු නීතිඥයින්, තේ කොළ වෙළෙන්දන්, බංකොළොත් බිස්නස්කාරයින්, පැන්ෂන් ගිය රජයේ නිලධාරීන්, දේශපාලනඥයින්ගේ නෑදැයින් තානාපති තනතුරුවලට මෙන්ම තානාපති කාර්යාලයන්හී අවශේෂ තනතුරු සඳහා පත් කර ඇති ආකාරය පෙනේ. ජනාධිපතිවරයා පිරිනමන ලද තානාපති පත්වීම සංගක්කාර විසින් ප්‍රතික්ෂේප කළ නිසා ඉහත ලැයිස්තුවට කි‍්‍රකට් කී‍්‍රඩකයෙක් ඇතුලත්වීමට තිබූ අවස්ථාව නැති විය. අද මෙම ලැයිස්තුවට එකතුවී සිටින නවතම චරිතය නම් දේපළ වෙළඳාමේ යෙදෙන මුදලට ආචාර්ය උපාධියක් ලබාගත් ගොබ්බ මෝලෙක් වන ඒ එස් පී ලියනගේය. ඔහු පත්කර ඇත්තේ මැදපෙරදිග රටවල් අතරින් ලංකාවට වඩාත් සමීප සහ ලංකාවට විශාල ලෙස ආධාර කරන කටාර් රාජ්‍යයටයි. මොහු පත් කර ඇත්තේ මීට පෙර එහි සේවය කළ මහාචාර්ය කරුණාරත්න වෙනුවටයි. මහාචාර්යවරයෙක් හට කරන්නට නොහැකි තානාපතිකමක් කටුචාර්ය කෙනෙක්හට බාරදීම එරට වෙසෙන ලාංකිකයින්ට කරන ලද බලවත් අපහාසයකි. ඒ මන්ද යත් මහාචාර්ය කරුණාරත්න ඉවත් කෙළේ ඔහු ලාංකිකයින්ට කිසිදු සේවයක් නොකළ නිසාවෙනි. එසේ නම් වංචාවක් නිසා බන්ධනාගාර ගතවී සිටි ලියනගේ හට එහි කුමක් කළ හැකිද? අනෙක ඔහුගේ දේශපාලන භාවිතය කුමක් වුවත් දිනක් හෝ බන්ධනාගාර ගතවී සිටීම මෙම තනතුර දැරීමට නුසුදුසුකමකි. උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කරන කථානායක කරු ජයසූරිය තමන්ගේ දේශපාලන කෘතහස්ත බව හා තමන්ට කොන්දක් ඇති බව පෙන්වීමට මෙය අවස්ථාවක් කර ගනීද නැතහොත් ඔහුත් මෙම ජරාජීර්ණ දේශපාලන මඩගොහොරුවේ එරී සිටින්නෙක් බව මෙම පත්වීම ස්තිර කිරීම මගින් සනාථ කරයිද යන්න අපි බලා සිටිමු. මහාචාර්ය කරුණාරත්නලංකාවට කැඳවීම තුළ මෙම රජය විසින් තානාපතිවරුන් ලෙස පත්කරන ලද අය එම තනතුරු සඳහා නුසුදුස්සන් බවට කදිම සාක්ෂියකි. මෙවන් බොහෝ දෙනෙක් සිටිති.
අපට දැන ගන්නට ඇති අන්දමට ඒ එස් පී ලියනගේගේ පත්වීම තනිකරම විදේශ ඇමතිවරයාගේ සහ ඔහුගේ අගුටුමිටි ගෝලයාගේ උවමනාවට කෙරුණකි. මෙම ගෝලයා විවිධ දුෂණ සඳහා සම්බන්ධ වූවෙක් වන අතර තානාපති සහ අවශේෂ පත්වීම් ලබාදිම පිණිස විවිධ අකාරයේ සන්තෝෂම් ලබා ගන්නෙක් බවට ප්‍රසිද්ධය. ඔහු මෑතකදී කටුනායක ගුවන් තොටුපළ හරහා රුපියල් කෝටි එකහාමාරකට ආසන්න විදේශ මුදල් ප්‍රමාණයක් හොර රහසේ පිටකිරීමට ගොස් නීතියට අසුවූ ඇමතිවරයාගේ උපකාරයෙන් බේරුණු අයෙකි. මේ නිසා ඒ එස් පී ලියනගේ නැමැත්තාගේ මෙම පත්වීම ලබාදීම පිණිස අතයට ගනුදෙනුවක් සිදුවී තිබෙන බව දැන ගන්නට ඇත. ඇමතිවරයාගේ ගෝලයාගේ අඩක් නිම කර ඇති සුවිශාල නිවසක් නොමිලේ සම්පූර්ණ කරදීමට ද ඒ එස් පී ලියනගේ පොරොන්දුවී තිබේ. මෙය අල්ලස් දී ලබාගත් තානාපතිකමකි.
මේ තත්ත්වය තුළ පෙන්වන තවත් කරුණක් නම් ඇමතිවරයාට සහ අගමැතිවරයාට වැටහෙන පරදි එක්කෝ මෙවන් රටක තානාපති තනතුරක් දැරීමට තරම් සුදුසු නිලධාරීන් විදේශ සේවය තුළ නොමැති බවකි. එසේත් නැති නම් විදේශ සේවයේ නිලධාරීන් ගැන මේ දෙපළට කිසිදු විශ්වාසයක් නැති බවක්ය. එසේම විදේශ සේවයේ නිලධාරීන්ගේ හැකියාවන් ගැන වැටහීමක් මෙම දෙපලට නොමැති බවක් මෙන්ම විදේශ සේවයේ නිලධාරීන් අතරින් සුදුස්සෙක් තෝරා ගැනීමට තරම් දැනුමක් හෝ ඕනෑකමක් මොවුන්ට තිබෙන බවක් ද නොපෙනේ.
මෙම නොදැනුවත්කම ගැන බොහෝ සාක්ෂි තිබේ. ඇමතිවරයාට අනුව ඉතා කාර්යක්ෂම යැයි පෙනෙන සමහර විදේශ සේවා නිලධාරීන් සහ තානාපතිවරු ලෙස කටයුතු කරන බොහෝ හිටපු විදේශ සේවා නිලධාරීන්ට නියමිත උපාධියක් හෝ තම විෂය සම්බන්ධ පශ්චාත් උපාධියක් හෝ නැත. ඔවුන් ප්‍රගුණ කළ එකම ශාස්තී‍්‍රය විෂය නම් නම් එහෙයිවාදයයි. එවන් එක් අයෙක් වන්නේ දැනට ඇමෙරිකාවේ තානාපති වශයෙන් කටයුතු කරන ප්‍රසාද් කාරියවසම්ය. එහෙත් තම පෙම්වතියට පින්සිදුවෙන්න ඔහුට තවත් වසරක සේවා දිගුවක් ලබාදී තිබේ. මේ අනුව හැට පැනපු මොහු පිටපිට වසර නවයක් තානාපති තනතුර හොබවයි. යම් විදිහකින් මොහු මිය පරළොව ගියහොත් අපේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වසා දැමීමට සිදුවෙන තරම්ය. තවත් කෙනෙක් වන්නේ ජර්මනියේ තානාපති වශයෙන් කටයුතු කරන දූෂිත ගනුදෙනුවක් සඳහා අත්අඩංගුවට ගැනීමට නියමිත කරුණාතිලක අමුණුගමයි. ඔහු ලේකම්වරයෙක්ව සිටින විට ඉතා අසාර්ථක චරිතයකි. චීනයට ලංකාව විකිනීම පිණිස දරදිය ඇද්ද දේශ ද්‍රෝහියෙකි. වසර අටක් තානාපතිකම් කරන වත්මන් ජිනීවාහි තානාපති රවිනාථ ආරියසිංහ ලංකාව වෙනුවෙන් එහි සේවය කළ දුර්වලතම තානාපතිවරයා බව ජිනීවාහි සිටින විදෙස් රාජ්යතාන්ති්රකයින්ගේ අදහසයි. ලංකාවට විරුද්ධව පසුගිය කාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා පැමිණි කිසිදු යෝජනාවකට සාර්ථකව මුහුණදීමට මොහුට නොහැකි විය. ජේ ආර් ජයවර්ධන යුගයේ රූපවාහිනී නිවේදකයෙක්ව සිටි මොහුට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගන්නා උපාධියක් නැත. විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ගවලට අනුව මෙම තනතුරට පත් කරන්නට සුදුසු කිසිවෙක් නැති බව ඇමතිවරයා නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ. ඒ අතර නාමල්ට ජනාධිපතිවීමට සුදුසුකම් සපිරෙන තෙක් කල් මැරූ ආකාරයට තම හිතවතියක් තානාපතිවීමට සේවා කාලය සපුරන තුරු විදේශ ඇමතිවරයා රවිනාථ ආරියසිංහට සේවා දිගුවක් ලබාදී තිබේ. රවිනාථගේ ඇවෑමෙන් මෙම තනතුරට පත් වන්නේ ඇමතිගේ මේ සමීප හිතවතියයි. මේ අතර විස්කි විකුණන කුවේටයේ තානාපතිට විරුද්ධව තානාපති කාර්යාලයේ රැකවරණය පතා පැමිණ සිටින කාන්තාවන් අපහරණය කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයක් ලාංකිකයින් අතරින් මතුවී ඇතත් විදේශ ඇමතිට ඒ ගැන වගක් නැත. ඇමතිවරයා ඇමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය හිරේ දමන්නට කටයුතු කෙළේ ප්‍රධාන වශයෙන්ම දේශපාලන හේතු මත බව පෙනී යයි. එහෙත් වංචාවක් කළ හිටපු විදේශ ලේකම් ෂේනුකා සෙනවිරත්න බේරා හැරියා පමණක් නොව ඇයට තානාපති තනතුරක් පවා බංදේසියේ තබා පුද කෙළේය. සුදුසුකම් නොසපුරා හොර පාරෙන් උසස්වීම් පමණක් නොව වංචා සහගත ලෙස රුපියල් ලක්ෂ තිස් පහක් වැටුප් සහ දීමනා වශයෙන් ලත් අවිවාහකයෙක් වන මජින්ත ජයසිංහට කරුණාව පා මැලේසියාවේ නියෝජ්‍ය තානාපති වශයෙන් පත් කෙළේ වෙනත් හේතුවක් නිසායි. ජපානයට පත් කළ මහාචාර්ය පිස්සා නිසා රටට ලැබෙන දේද නොලැබෙන බව එරට සිටින ලාංකිකයින් ප්‍රකාශ කර සිටිති.
මෙම ජරාජීර්ණ තත්ත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය ගලවා ගැනීමට අගමැතිවරයාට අවශ්‍යතාවක් නැත්තේ ඒ තුළින් ඔහුට තමන්ගේ නෑදෑයන් සහ “රෝයල් මිතුරන්ට” තානාපතිකම් පිදීමට හැකිවීම නිසායි. වර්තමානයේ විදේශ කටයුතු අමා්‍යංශයේ නීතියක් නැති බවත් එහි ඇත්තේ අගුටුමිට්ටාගේ නීතිය පමණක් බව නිලධාරීන් අප සමග ප්‍රකාශ කර සිටියහ. මේ නිසා බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ අගුටුමිට්ටා සරණ යෑමටයි. මේ තත්ත්වය වෙනස් කිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණි. ඔහු මෙය දකින්නේ කුමන ආකාරයටදැයි අප විමසිල්ලෙන් සිටිමු.
විශේෂ ලියුම්කරුවෙකු විසිනි