ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 19, 2017

“මේ ව්‍යවස්ථාව ගේන්නෙම රටේ ඒකීය භාවය අහෝසි කිරීමටයි“ – රතන හිමි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පත් කළ කමිටු ඉදිරිපත් කළ වාර්තා මගින් රටේ ඒකීයභාවය අහෝසි කරන යෝජනා ඉදිරිපත් කර ඇති බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.
කොළඹ පදනම් ආයතනයේ දී  (16) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.
“මම ඉදිරි කාලයේදී මේ රටේ සියලු විද්වතුන්ට ආරාධනා කරනවා.. ජාතික සභාවක් ඇති කරන්න එන්න කියලා. ඒක විකල්ප පාර්ලිමේන්තුවක් වෙයි කියලා මම හිතනවා. මේ රට යා යුත්තේ කොතනටද කියලා ගමින් ගමට ගිහින් මහජනයා දැනුවත් කරන්න කටයුතු කරනවා.මට දැන් දේශපාලන පක්ෂයක් නැහැ. මගෙත් එක්ක කවුරුත් තරහා වෙන්න ඕන නැහැ. රටට ආදරය කරන සියලු දෙනා මම එකතු කර ගන්නවා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කිසිම බලයක් නැහැ.. ජනමත විචාරණයකට තුඩුදෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්න. මේ ව්‍යවස්ථාව වෙනස් කරන්නේම..විධායකය අහෝසි කරන්නේම..රටේ ඒකීයභාවය අහෝසි කිරීම සඳහායි.
පසුගිය කාලය තුළ බෙදුම්වාදය ගැන කතා කරපු..ත්‍රස්තවාදයට උඩගෙඩි දීපු..ත්‍රස්තවාදය පරාජය කරන්න බැහැයි කියපු..කණ්ඩායමක් විසින් තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදීමේ වගකීම භාර අරගෙන තියෙන්නෙ.” යයි එහිදී රතන හිමියන් පැවසුහ.
හම්බන්තොට වරාය අනූ නව අවුරුද්දකට බදු දීම සාහසික අපරාධයක් බවත් පළාත් පාලන ඡන්දය කල් දැමීම අනුමත කළ නොහැකි බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.