ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, January 22, 2017

සමන් මන්චනායක අප අතරින් සමුගෙන ඇති වගයි....!!!

වසර ගණනාවක්   විමසුම ,සන්නස,කෝපිකඩේ වැනි ඵකළ ජනප්‍රිය නිර්මාණ වලට කැමරාකරණයෙන් දායකත්වය සැපයූ සමන් මන්චනායක අප අතරින් සමුගෙන ඇති වගයි.ඵම අවසන් කටයුතු මෙම 24 වන දිනට යොදා ඇත.පිළිකා රෝගී තත්වයකින් දුක්පීඩා විඳි මන්චනායක සිය අවසන් දින කිහිපය මහරගම පිළිකා රෝහලේ ගත කොට ඇති බවද දැන ගැන්මට ලැබුණී.ඔහු

ඔහු පිළිබඳ රසවත් මතකයන් බොහෝ ඇත ඒවා ඔබ හා බෙදා හදා ගැනීමට සිතා සිටිමි.
මංන්චාගේ මතක සටහන් කිහිපයක් අද මාහට මෙනෙහිවිය .ඒවා ලිවීමට සිත් වූයේ ඔහුට උපහාසයක් හෝ අපහාසයක් කිරීමේ අදහසින් නොවන බව කිව මනාය.මගේ පැරණි සගයන් කිහිප දෙනෙකුම ඒවා මතක් කොට ලිපියක් නොලියන්නේ මන්දැයි ඇසූහ. ඵබැවින් මේ ලිපිය අපේ හුරු භාවිත භාෂාවෙන්ම ලිවීමට සිතා ගතිමි.
මන්චා ගැන ලියනවානම් ඊට ඵක ලිපියක් නොසෑහේ ඌට ඒ තරම් කාඩ් කන්දරාවක් ඇත. මා "විමසුම" කාලීන සංවාද වැඩසටහන ආරම්භ කළ දින සිටම වැඩි වාරයක් මා සමගම සිටි අයෙකී. මන්චලා සිටියේ නුගේගොඩය .
ඵවකට මන්චාගේ පියා රජයේ රැකියාවක් කළද ඉන් ඉවත්ව නාගරික මන්ත්‍රී කෙනෙකුවී දේශපාලනයට සම්බන්ධව සිටියේය.නුගේගොඩ මංචනායක ඇවනිව් පාර ඉදිරියේ මහපාර ඉදිරියේ ඵකළ වූයේ සරුසාර කීර කොටුවකී .ඵකලදී නුගේගොඩ දී පැවති විශාල උද්ඝෝෂණයකී හේතුව අහිංසක පවුල් රැසක් ජීවත් කරවූ ඵම කීර කොටුවට කවුද ඵකෙක් දේශපාලන බලයෙන් අත තබලාය .ඒ මිනිසුන්ව ඉන් ඵළවා දැමීමට ප්ලෑනක් සාදා ඇත .මේ උද්ඝෝෂණය ගැනත් මේ අහිංසකයන් ගැනත් සොයා බලන ලෙසට ඵකළ අයි.ටී.ඵන් ඵකේ සමහරුන්ම මා පෙළඹවීය. විමසුම රූ ගත කිරීමේදී මා අනුගමනය කළ පිළිවෙත නම් ඵදින අප යන එන තැන් රූපගත කරනු ලබන මාතෘකාව කිසිවෙකුට නොකීමයි.ඵදින වැඩසටහනේදී නිෂ්පාදන කළමනාකරු වූයේ මන්චායී ...ඵම තනතුරට නිතරම ඔහුවම ගත්තේ පොඩි රහසක් නිසයි.ඵනම් තරමක් මසුරු චරිතයක්වූ ඔහු මුදල් කළමනාකරණයේ දක්‍ෂයෙකී. කෙසේ හෝ ඵදින කැමරා ශිල්පියාට ඔහුවම ගත් මා මහරගම ප්‍රදේශයේ රෙදි වෙළඳාමේ නිරත සුළු වෙළඳුන්ගේ ප්‍රශ්ණ කිහිපයක් සොයාබලා කෙළින්ම නුගේගොඩට යාමට මා අපේ රියැදුරු පළිහක්කාරට කියූ විට මන්චා මා දෙස බැලුවේ සැකයෙන් මෙනි.නමුත් කිසිවක් ඇසුවේ නැත.උද්ඝෝෂණ කරුවන් රැස්ව සිටි

තැනට ළඟාවූ අප වාහනයෙන් බැසීමට යද්දී මංචා මා ලඟට කෙඳිරිය .

මේ සුමිතා මුන් මේ කෑගහන්නේ බොරුවට .අපි යමු ...

පිස්සුද බන් මේක ගන්නම වෙනවා .මම කීවෙමි .මන්චාගේ කන් දෙක බිමට පාත් වී ඇත .ඉනික්බිති නිහඩවම කැමරාව ගෙන එලියට බැස ගත් අප කණ්ඩායම එම උද්ඝෝෂණය රු ගතකරන්නට විය ..මා කිහිපදෙනෙකු ගෙන් මේ කලබගැනිය ගැන ප්‍රශ්න කලෙමි .මංචා රුගත කරයි ." අනේ බලන්න මේ මංචනායක කියල එකෙක් අපේ ඉඩම් බලෙන් අල්ල ගන්න හදනවා ..දුප්පත් අපි කොහේ කියල යන්නද ? " ඔවුන් පවසයි .එහෙන් බෝර්ඩ් උස්සගෙන සිටින්නේ " මංචනායක නෙවි ඌ වන්චනයක " වැනි සටන් පාඨය.ඒ කිසිවෙක් මේක මන්චනයකගේ ලොකු පුතා බව හොඳ වෙලාවට අඳුන ගත්තේ නැත .අඳුන ගත්ත නම් සම්බෝලය ....කෙසේ හෝ නැවත අප වාහනයට ගොඩ වූ පසුව ලොකු කලබගැනියක් ඇතිවිය ." මොනාද බන් උඹ කලේ , අපිට විරුද්ධව පාරට බැහැපු එවුන්ව මාව දාලා camera කෙරෙව්වා .ඒ අස්සේ අපේ තවත් එකෙක් " මංචා අයි අවුල් වගේද ..? ඇසිය ...එයින් තවත් තරහ වූ මංචා ඉදිරියේ හන්දියක අප වාහනයෙන් බැස ගියේය ..කෙසේ හෝ ඊට කාලෙකට පසුව ඒ අහිංසකයන්ගේ ඉඩම් මන්චාගේ පියා අත්පත් කරගෙන ඇත්තේ හොර ඔප්පු ලිවිමෙන්ය .ඒ ඉඩමේ ඊටත් මාස ගණනාවකට පසුව මංචනායක ගාර්ඩන්ස් යනුවෙන් සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිවිය .එම මංචනායක ගාර්ඩන්ස් නාමපුවරුව නිතිපතාම අලුත් කිරීමට සිදු වී ඇත්තේ කොයි මොකා වුව මුල් අකුර වෙනස් කරන බැවින් බව දන්නෝ දනිති .එසේ වෙනස් වුයේ " වන්චනයක ගාර්ඩන්ස් " ලෙසිනි .

මංචනායක තරමක් මසුරු වූ නිසා ඔහුට නමක් පට බැඳී තිබුණි ඒ " මට්ට කුණ්ඩලි " යනුවෙනි .

ඊට පසුව මන්චාට තවත් කාර්ඩ් එකක් සෙට් විය .ඒ මන්චාගේ පියා විසින් සිනමා පටයක් නිෂ්පාදනයට පිවිසීම පිළිබඳවයි .එකල ඉතා ජනප්‍රියවූ දමිල සිනමපටයෙකි "ගුණා " දැන් මා මේ ගෙතු කතාවට අනුව මන්චාගේ පියා විසින් නිර්මාණය කර ඇත්තේ "කුණා " නම් සිනමා පටයෙකි.එහි මුල් අදියර වර්ණවත්ය .දෙවන අදියර කළු සහ සුදුය ,මුල් අදියරේ නළු නිලියන් අතිශය ක්‍රියශිලිය. නමුත් දෙවන අදියරේදී ඔවුන් රඟපාන්නේ හාමතේය .වීරයෝ තැන තැන ඇද වැටි ඇත .මන්ද මුල් අවදියේ මංචාගේ පියා සිය සිනමාපටයට අත දිග හැර වියදම් කළද පසුව මසුරු කමට මුදල් වියදම් නොකිරීම මේ ඛේදවාචකයට මුල් වී තිබුණී. මේ මා ගෙතු කාර්ඩ් එක සිනහවෙමින් භුක්ති විඳින්නේ ,ආලවකයා ඇතුළු එකල අලුත් සෙට් එකය . තවත් දවසක අප විමසුම පටිගත කොට නැවත ITN බලා එද්දී පොලිසියෙන් අප වහනය නවතා ඉදිරි අසුනේ සිටි මංචාගෙන් නම විමසීය .ඔහු එක්වරම මමද මම තමයි එස් .පි.මංචනායක ....නිමේෂයකි පොලිසියෙන් සැලියුට් දෙකක්ද ගසා අපට යන්නට ඉඩ දුනි .එවිට මා නම් කිව්වේ මුට නමේ මුලට " ඒ " අකුරක් තිබුනානම් .කී පාරක් සැලියුට් ගහයිද පොලිසියෙන් කියායි.

මේ තවත් එක කතාවකි .ඉස්සර ITN එකේ ලංකාවේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ පී.එල් .ඒ .සෝමපාල මහතාද සේවය කළේය .ඒ මහතා විධායක නිෂ්පාදකයෙකු විය .මධු රසාංග යන ජනප්‍රිය වැඩසටහන ඇතුළු බොහෝ සංගීත වැඩසටහන් ඔහු අතින් නිම විය .ඔහුව අප ඇමතුවේ මාස්ටර් යන අදර නමිනි .එකලම මාද විවිධවූ සංගීත වැඩසටහන් නිෂ්පාදනය කළේය .විශේෂයෙන් වෙළඳ වැඩසටහන්ය ..එකල නිෂ්පාදන අංශයේ සිටි අපහට සියලු අංශයකම කටයුතු කිරීම අනිවාර්ය විය .කැමරාකරණය ,සංස්කරණය ,ආලෝකකරණය ,නිෂ්පාදන සහය ,පටිගත කිරීම ,යනාදී වශයෙන් ....ඇතැම් විට වේශ නිරුපන කටයුතු ,පවා කල යුත්තේ අපමය .එකල අප ටීම් එක වුයේ , චන්දන ෆොන්සේකා ,චන්දන වැලිකල ,එම්.කේ .ලක්ෂ්මන් ,ඩෙනිස් රොඩ්රිගෝ ,සමන් මන්චනායක ,එස් .කේ .විතාන ,ජි .එන්.අජිත් ,රොහාන් අනුරජිත් ,සහ නිලන්ත වනසිංහය .අප 1985 බැජ් එකය .මාස්ටර් සතුව තිබු 4 ශ්‍රී කාණ්ඩයේ සුදු පැහැති මොරිස් මයිනර් වර්ගයේ රථයක් තිබුණි .එය ඉතා කදිමට නඩත්තු කොට තිබුණි ,එය පැදවීමට අයි .ටි .එන් එකේ අයගෙන් දුන්නේ උපාලිට සහ මන්චාට පමණි. ම එකල ෆිලික්ස් ඇන්ටන් සමග "විගර් ගීත මිහිර " නමින් සංගීත වැඩසටහනක් කලෙමි .එහි නිවේදකයා වුයේ ෆිලික්ස් ය .මෙයට අවශ්‍ය ගීත පුස්තකාලයෙන් ගත්තද ඒ සඳහා සංගීත ලොක්කා වන මාස්ටර් ගෙන් අනුමැතිය ගත යුතු විය ,මධු රසංග ගීත නිසා ඒවාට වෙනම දර්ශන යොදා ඇතුල් කළෙමි.
එකල මාස්ටර් ගේ උරණවීම් එතරම් ගණන් ගත යුතු නොවේ .එය සෝදා බෝතලයක් විවර කලක් මෙන් ස්වල්ප මොහොතකි .කෙසේ හෝ දිනක් ම හට මාගේ ප්‍රථම ශිෂ්‍යත්වයේ කටයුතු සඳහා විදේශ අමාත්‍යංශයට යාමට උවමනා විය .බසයෙන් ගියොත් නියම වෙලාවට යාගත නොහැකිය මාස්ටර් ගේ කර එකෙන් ගියොත් වැඩේ ටක්කෙටම වෙලාවට කරගත හැකි බව කිව්වේ නිලන්ත වනසිංහය .මම මන්චාට කිව්වේ මගේ වුවමනාවක් නොකියා උඹගේ හදිසි වැඩක් කියා කාරය පන්නා ගන්න ලෙසය ,"හැබැයි උඹ පෙට්රෝල් ගහන්න ඕනේ " මන්චා කියුවේ නැත්නම් මිනිහට පෙට්‍රල් ගහන්න වෙයි කියා බියවීය. "හරි බන් මම පෙට්රෝල් ගහන්නම් .උඹ ගානට වැඩේ කරපංකෝ ".මම කියුවේ ය .මම ITN ප්‍රධාන දොරටුවෙන් එහාට ගොස් සිටියේ .බැරිවෙලාවත් මාස්ටරය දැක්කොත් මම එයාගේ කාර් එකට නගිනවා වැඩේ එතනම අල වන නිසාය . කෙසේ හෝ මම මංචා සමග ගොස් වැඩේ කරගෙන අවා කියමුකෝ.මාස්ටරයා ITN එකේ ප්‍රධාන ගේට්ටුව ගාවය.
මාස්ටර් කාරය ලඟට ආ විගසම මංචා ගොත ගසා කීවේ "ම..මා..මාස්ටර් .. මට සුමිත් මඟදී හම්බ වුණේ.ඉතින් දා ගෙන ආවා." මාස්ටර් එවිට " ආ එකට කමක් නැහැ .. ගනින් යතුර මට පොඩ්ඩක් ඩිකිය බලන්න ඕනේ" කියා ඩිකිය ඇර එහි තුළ බැලිය.මන්චාට සහ මා හට මෙය ප්‍රහේලිකාවකි... මාස්ටර් නැවත යතුර මංචාට දී "ගිහින් කාරය පාක් කරනන " යැයි කිවේය.පසුව වී ඇති දෙය අපට ආරංචි විය.කවුරු හරි වහුටෙකු මාස්ටර්ට ගතුවක් කියා ඇත.එය කියා ඇත්තේ මෙසේය.
"මාස්ටර් මංචයා නම් අනුන්ගේ වැඩකට ගිහින් ජිවිතේට පැට්‍රොල් ගහන් නැහැ.ඔය ගමන ගිහින් තියෙන්නේ සුමිතා එක්ක.අන්න එතැනයි ප්‍රශ්ණේ, ඌ ඇම්ඩ නේ.මාස්ටර්ගේ කාරකේ අමතර ටයරේ විකුණලා මුන් පෙට්රෝල් ගහන්න ඇති ෂුවර් එකටම." ඔන්න ඔය කේළම නිසාවෙනි. මාස්ටර් මඟ බලා සිටියේ.ආයෙම නම් උන්ගේ කේළාම් හින්දා මාස්ටර් මට කාරෙක නම් දෙන එකක් නැහැ.මංචා නිතරම මට කිවූ කථාවකි....

අප කුමන ලෙසින් විහිළු තහළු කලද මංචා සිය ජීවිතයේදී ඉතා නිහතමානී අයෙකු විය .මා කල විහිළු කෙතරම් සැර වැඩි වුවද ඒවා විහිළු ලෙසම ඔහු පිළිගති.වරක් ඔහු ගෙන ආ පහණක් මුළු රටම දේශයම අවදි කරන්නට සමත් විය .ඒ ගරුතර සෝම හිමිපාණන්ය .මා එම සිදුවීම මිට කලින් මගේ වෙබ් පිටුවක ලියු අතර එය දුටු මංචා මට ස්තුති කලේ " උඹට තාමත් ඒක මතකයි එහෙනම් කියමිනි .එකල ඉරිදා දිනයන්හිදී පැයක ධර්මදේශනයක් සඳහා ස්වාමින් වහන්සේ නමක් ඔහු යෝජනා කරන ලදී " මචන් මට ඔස්ට්‍රේළියාවේදී මෙල්බර්න් පන්සලේදී මුණ ගැහුණා නියම හාමුදුරු කෙනෙක් . මේ දවස් වල ලංකාවේ ඉන්නේ .මම එයට එකගවිය .එකල මෙම සති අන්ත ඉරුදින සජීවී ධර්මදේශනය එවකට අපේ සාමාන්‍යධිකාරී වූ අසෝක මාලිමගේ මහතාණන්ගේ අදහසක් අනුව ක්‍රියාත්මක විය.මා ඔහුගෙන්ද ලිඛිත අවසරයක් ගෙන ගරුතර සෝම හිමියන්ගේ ධර්මදේශනය විසුරුවා හැරීය. ඒ පටන් "අඳුරෙන් එලියට " නම් වැඩසටහනකින් උන්වහන්සේ ජාතිය අභියසට ආවේය .ඉතින් ඒ සෝම හිමියන් ලංකාවට හඳුන්වාදීමේ ගෞරවයද මන්චනායකනට හිමිවේ .

එකල තේවිස් ගුරුගේ මහතා නිසිබලධාරී ලෙස සිටි 1986 වසරේදී හෝ 1987 දී කාලිංග ඔබේවංශ මහතා ( 1925 - 2004 ) විසින් ස්වකිය ධන ,ශ්‍රම දායකත්වයෙන් " අපේ බෙර "නමින් අපගේ දේශීය පාරම්පරික බෙර වර්ග පිළිබඳව කළ වාර්තා වැඩසටහනක කොටසක් රූපගත කරන්නට අපව යොදවා තිබුණි .මෙහි කැමරා ශිල්පියා වුයේ උපාලි රන්ජිතය .ආලෝකකරණය සමන් මංචනායක ය .මා ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ ශිල්පියා විය .අප ඒ දිනවල නැවතී සිටියේ නුවර පිහිටි එතුමාගේ " තම්බපන්නී" නම් නිවාස සහ සබැඳි මධ්‍යස්ථානයේය.උපලිය කරුවලට පණ බයය .( තාමත් එසේමද නොදනී ..) මංචා සහ අප එදා ඇඟ රත්වීමට

අරිෂ්ඨ වගයක් ගෙනවිත් තිබුනේ ,කාලිංග මහතා අමධ්‍යප වාදියෙකු නිසාය .මංචා රැගෙන විත් තිබුනේ එකල තිබු වතුරෙන් කලවම් කොට බොන තරළසාරේ නම් බෙහෙතකි .මෙය පසුව තහනම් කලේ ඩෝප් වීම සඳහා මිනිස්සු ඔය බෙහෙත භාවිතා කළ නිසාවෙනි .

ඒවා බි ගත් අප තිදෙනා ගෙන් ,මන්චට ටිකක් වෙරි වැඩිවිය .පිස්සු කෙලින්න පටන් ගති ,මංචා මත්පැන් පානය නොකරන චරිතයකි .මහා රෑ දෙගොඩහරි යාමයේ මේකා හිටු ගමන් යට්ගිරියෙන් "තරළේ "යනුවෙන් යටි ගිරියෙන් කෑ ගැසීමට විය. එසේ කෑගසද්දී මන්චාගේ කට වසා දැමීමට මා හට මාරාන්තික මෙහෙයුමක් කරන්නට වුනි, උපාලියා හෙමින් නමුත් බියවූ දෑසින් ම අසලට විත් අපි සේරම එකට බාගයයිනේ බන් බිව්වේ එත් මේකාට වැඩි උනේ කොහොමද යැයි ඇසීය ...තව ටිකක් උපාලිද බියගන්වනුවස් මා "මචන් මේක භූත දෝෂයක් වගේ මූට යකෙක් වැහිලා වගේ "

කියූ පමණින් උපාලියද බියෙන් ගැහෙන්නට විය .කෙසේ හෝ එළිවෙනකම් මාරාන්තික යුද්දයක් මෙන් කෑගසන වාරයක් පාසා මංචා ගේ කට වැසිමටත් නහුතෙට බියවී සිටි උපාලිගේ බිය නැතිකිරිමටත් සිදු විය..

මෙම සිදුවීම කිසි කලෙක අයි .ටි .එන් ,එකේ එවුන්ට නොකියන බවට උපාලි මගෙන් දිව්රුම් ගත්තද ...දැන් එය පරණ රසවත් කතාවක් බැවින් උරණ නොවේ යයි සිතමි .

වරෙක කෝපිකඩේ 250 වන සංවස්තරය සඳහා කතරගම ගිය වාරයේදීද මංචා කල කි දේවල් තාමත් මතකය.ලිවීමට බොහෝ දේ ඇත.එය කියවීමට ඔබට කාල අවකාශය ඇත්දැයි මා නොදනිමි.එසේම ම හටද මේ අවස්ථාවේදී බොහෝ දේ මතක් වුවද ලිවීමට සිත් නොදේ.ජීවිතය දුම්රියක් වැනියැයි මට සිතේ.පළමුවන දුම්රිය පොළෙන් ගමන ආරම්භ කොට ගමනාන්තය දක්වා දිවෙන විට විවිධ දුම්රිය ස්ථාන වලින් පුද්ගලයන් බැස යති.අවසානය දක්වා ඉතිරි වන්නන් එකෙකු හෝ දෙකෙකි.සමහර විට එකෙක්වත් නොමැත.ඊයේ මංචාද අප දුම්රියෙන් බැස ගියේය.මේ ජිවිත දුම්රිය පුරාවට අප සියළු දෙනාම බැස යනු ඇත.මිතුර , ඔබට සුභ ගමන්...!!!
සුමිත් ජයන්ත ඩයස්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.