"දෙමළුනි නැගිටිව්" හෙවත් "එළුග තමිල්" ව්‍යාපාරය ආරම්භ කළේ
අන් කවරකුවත් නොව උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්
විසිනි. පුරා වසර 65 ක් කොළඹ සිංහලයන් හා එක්ව ජීවත් වූ
විග්නේෂ්වරන් උතුරු පළාත් මහ ඇමැති ධුරයට පත්වීමත් සමඟ
සිංහලුන් වහකදුරු විය. උතුරේ සිංහල ජනපද ඇති කිරීමට විරෝධය
පෑමටත් බුදු පිළිමවලට එරෙහි වීමටත් 2016 සැප්තැම්බර් 24 වැනිදා
යාපනයේදී "එළුග තමිල්" පළමු වැඩසටහනත් පවත්වන ලදී. එම වැඩසටහන
යහපාලන ආණ්ඩුවේ සංහිඳියා වැඩපිළිවෙළට වැදුනු හොඳ කනේ පහරක්
විය. නමුත් රජය නිල වශයෙන් මේ ක්‍රියාව විවේචනය කළේ නැත. ඒ
විග්නේෂ්වරන්ගේ සිත තැලේ යෑයි බිය නිසාදැයි අපි නොදනිමු. නමුත්
මීට මාස ගණනාවකට පෙර පැවැති "දෙමළුනි නැගිටිව්" වැඩසටහන ගැන
නැවත සිහිකරන්නට සිදුවූයේ මන්ද? ඊයේ දිනයේදී එනම් 21 වැනිදා
මඩකලපුව මහනගර සභාවට අයත් පාටාලිපුරම් ක්‍රීඩාංගණයේදී තවත්
"එළුග තමිල්" වැඩසටහනක් සංවිධානය කර තිබීමයි. මේ සටහන
ලියෑවෙන්නේ 21 වැනිදාට පෙර වුවත් මේ නව පොංගු තමිල් ව්‍යාපාරය
හරහා නැගෙනහිර පළාත් නැවතත් අස්ථාවර වන බව නොකියාම බැරිය.
මඩකලපුවේ "එළුග තමිල්" වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස
සහභාගිවීමට නියමිතව සිටියේ ද උතුරු මහ ඇමැති විග්නේෂ්වරන්ය.
මෙම වැඩසටහන පිළිබඳව ඉකුත් 14 වැනිදා මඩකලපුවේදී පුවත්පත්
සාකච්ඡාවක් පැවැත්වූ දෙමළ ජාතික සන්ධානයේ එස්. වියාලේන්දිරන්
ප්‍රකාශ කළේ කුමක්ද? 21 වැනිදා නැගෙනහිර පළාතේ සියලු කඩසාප්පු
වසා දැමිය යුතු බවයි. සියලු කටයුතු අතහැර "දෙමළුනි නැගිටිව්"
ව්‍යාපාරයට සහාය දිය යුතු බව දෙමළ සන්ධාන මන්ත්‍රීවරයා මෙම
පුවත්පත් සාකච්ඡාවේදී අවධාරණය කර තිබිණි. එදා ප්රභාකරන් පොංගු
තමිල් පෙළපාලි සඳහා දෙමළ ජනතාව සහභාගී කරගත්තේ තුවක්කුවේ
බලයෙනි. දැන් දෙමළ සන්ධානය "එළුග තමිල්" ව්‍යාපාරය සඳහා
බලහත්කාරය යොදාගන්නා බව පෙණිනි. නමුත් යහපාලන ආණ්ඩුව
සංහිඳියාව වෙනුවෙන් මේ වැඩසටහන් නතර කිරීමට කිසිම උත්සාහයක්
නොගනී.
හම්බන්තොට පෙළපාලිය බරපතළ ප්‍රශ්නයක් වුව ද මඩකලපුවේ "එළුග
තමිල්" වැඩසටහන දෙස වත්මන් ආණ්ඩුව බලන්නේ කරුණාභරිතව ද? මෙය
අපට උභතෝකෝටිකයකි. උතුරේ සිංහල විරෝධය පැතිරවීමෙන් පසුව දැන්
විග්නේෂ්වරන් බළකාය නැගෙනහිරට සේන්දු වී ඇත. ඇත්තෙන්ම නැගෙනහිර
පළාතේ බහුතරය දෙමළ ජනතාව නම් නොවේ. සිංහල හා මුස්ලිම් ප්‍රජාව
එක් කළ විට නැගෙනහිර ජන සංයුතියේ 60% කට අධිකය. නමුත් සිය
නොහැකියාව වසා ගැනීම වෙනුවෙන් දෙමළ සන්ධානය සුපුරුදු ජාතිවාදී
වැඩපිළිවෙළ දියත් කරන බව පැහැදිලිය.
පසුගිය සැප්තැම්බර් මාසයේදී යාපනයේ පැවැති පළමු "එළුග තමිල්"
මහ රැලියේදී මහ ඇමැති විග්නේෂ්වරන් ප්‍රකාශ කර සිටියේ කුමක්ද?
වසර දෙදහසකට පෙර සිටම උතුරු - නැගෙනහිර දෙමළ ජනතාව වාසය කළ
බවත්, ඒ කාලයේ "සිංහල" කියා ජාතියක් ද නොසිටි බවයි. මෙය
ප්රභාකරන් පැතිරවූ ව්‍යාජ ඊළාම් මතවාදය මිස අනෙකක් නොවේ. මේ
ව්‍යාජ කතාවලින් යාපනයේ තරුණයන් උද්දීපනය කර සාහසිකත්වයට තල්ලු
කිරීමට දෙමළ ජනතා සංසදය කටයුතු කරන බව පැහැදිලිය. නැගෙනහිර
මඩකලපුවේදීත් ප්‍රකාශ කරන්නේ මෙයම නොවේද? "එළුග තමිල්"
ව්‍යාපාරය පිටුපස ප්රමුඛ බලවේගයක් වූයේ උතුරේ කතෝලික
පල්ලියයි. දැන් මඩකලපුවේ කතෝලික පල්ලිය ද මෙම ක්‍රියාවම
අනුගමනය කර ඇත.
ත්‍රස්ත අරමුණු වෙනුවෙන් නැගෙනහිර පළාත අස්ථාවර කිරීමට
කිසිවකුට ඉඩදිය යුතු නැත. මීට සති දෙකකට පමණ පෙර ත්‍රිකුණාමලයේ
පොලිස් වසම් හතරක බුදු පිළිම කඩා කළුතෙල් දමා වනසා තිබිණි. එය
රටේ සමස්ත බෞද්ධයන්ටම එල්ල කළ දරුණු නිග්රහයකි. මේ නිසා
යහපාලන ආණ්ඩුව ද සසල විය. එම නිසාම උතුර - නැගෙනහිර සියලු
විහාරස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් හමුදාව යෙදවීමට ආරක්ෂක
අමාත්‍යාංශය විසින් නියෝගයක් නිකුත් කර තිබිණි. නැගෙනහිර
පළාතේ විල්ගම්වෙහෙරදී බුදු පිළිමවල හිස කඩා බිම දමන්නේ නම්
කිසිම සංහිඳියාවක් ක්‍රියාත්මක කළ නොහැක. එය සැබවින්ම
විහිළුවකි.
නැගෙනහිර පළාතේ පවා කිසිම සිවිල් කටයුත්තකට මැදිහත්වීමට
හමුදාවට ඉඩක් ලබාදී නැත්තේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය
සතුටු කිරීමට දැයි අපි නොදනිමු. එහෙත් ත්‍රස්ත ක්‍රියාකාරකම්
නිරීක්ෂණ කරන ආකාරයටම "දෙමළුනි නැගිටිව්" ව්‍යාපාරය ගැන ද මනා
නිරීක්ෂණයක් සිදුවිය යුතුය. නැත්නම් ඉදිරියේදී දෙමළුනි
නැගිටිව් හමුදාවට පහර දියව් යනුවෙන් ප්‍රකාශ කිරීමට ද බැරි
නැත. එවිට සංහිඳියාව වෙනුවෙන් හමුදාවට ආයුධ භාවිත නොකරන ලෙස අණ
ලැබෙයිද?
තමන් අපේක්ෂා කළ විසඳුම නොලැබීම නිසා මෙලෙස "එළුග තමිල්"
වැඩසටහන ක්‍රියාත්මක කරන බව දෙමළ සන්ධාන මඩකලපු දිස්ත්‍රික්
මන්ත්‍රී වියාලේන්දිරන් අවධාරණය කර ඇත. නමුත් දෙමළ ජාතික
සන්ධානය බලාපොරොත්තු වන විසඳුම කුමක්ද...? ෆෙඩරල් ක්රමයද...?
සහසන්ධීය රාජ්‍යයක් ද...? නමුත් මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා
ප්‍රකාශ කරන්නේ ඒකීය රාජ්‍යයට කිසිදු හානියක් නොවන බවයි. නව
ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව ජනපතිවරයාගේ උනන්දුව ද
ඉතා අවම බව පැහැදිලි කරුණකි. නව ව්‍යවස්ථාවට ශ්රීලනිපය
විරුද්ධවෙද්දී එක්සත් ජාතික පක්ෂය නම් නව ව්‍යවස්ථාව
වෙනුවෙන් පෙනී සිටී. විග්නේෂ්වරන් ඇතුළු දෙමළුනි නැගිටිව් නඩය
නම් මස් රාත්තල මෙන් නව ව්‍යවස්ථාව අවශ්‍ය යෑයි කියා සිටී.
එහෙත් නව ව්‍යවස්ථාව හරහා සිදුවන්නේ රට අරාජිකවීම පමණි. කවර
තත්ත්වය යටතේ හෝ උතුර - නැගෙනහිර
ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහි රැස්වීම් සංවිධානය වීම බරපතළ
අනතුරකි. මේ අනතුර ගැන යහපාලන ආණ්ඩුව අවබෝධයෙන් සිටී ද?
චතුර පමුණුව
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, January 22, 2017
Posted by
lankanews
at
January 22, 2017
Labels: fedaral talk, jafna army, lankanews, Liberation Tigers of Tamil Eelam, LTTE agenda, pongu tamil, racist vigneshvaran, vignashvaran, vigneshwaran, yahapalanaya
2017-01-22T02:41:00+01:00
lankanews
fedaral talk|jafna army|lankanews|Liberation Tigers of Tamil Eelam|LTTE agenda|pongu tamil|racist vigneshvaran|vignashvaran|vigneshwaran|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
