රස්සා නැති නෑයන්ට
අවභාවිතාවේ යෙදවූ වාහන 90 කෝටි 9 ක් පාඩු කළ හැටි
හිටපු ඇමැති විමල් වීරවංශ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය
සාමාන්‍යාධිකාරි සමන්ත ලොකුහැන්නදිගේ ලබන 24 වැනි දා දක්වා රක්ෂිත
බන්ධනාගාර ගතවූයේ වාහන අවභාවිතා චෝදනා යටතේය. මෙය සාමාන්‍යයෙන් ඇමතිවරුවන්
කවුරුත් කරන නොතැකිය යුතු වරදක් බවට අදහසක්ද පවතී. නමුත් වාහන 90 ක් යොදවා
කෝටි 9 ක් අපතේ හරිමින් විමල් වීරවංශ මෙම අවභාවිතාව සිදු කළ තරම නඩුවට අදාළ
බී වාර්තාවේ වාහන ලැයිස්තුවෙන් හෙළිවන්නේ ඔහු කිසිවෙකුට නොදෙවෙනි ලෙස එය
කළ ආකාරයයි. විමල්ගේ සම්මුඛ සාකච්ඡා පළකරදෙන ප්‍රසිද්ධ
පුවත්පත්වල ලේඛකයන්ටත් ඔහු වරදාන ලෙස වාහන පිරිනමා තිබීම විශේෂිතය. තමන්ගේ
පක්ෂයට හා ඥෘතීන්ට දැඩි ආදරයෙන් වාහන සංග්‍රහ කර තිබෙන ආකාරයක්ද එම
ලැයිස්තුව නිරීක්ෂණය කරන්නෙකුට පැහැදිලිවේ.වාහන ලැයිස්තුව පහතින්....
මේ වාහන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත කුලී පදනම මත ලබා දීමෙන් අනතුරුව
ඉංජිනේරු වැඩබිම් වෙත යොමුකර තිබියදී වාහන අවශ්‍ය බව එම වැඩ බිම්වලින්
ඉල්ලා ඇතත් ඔවුන්ට වාහන ලබානොදී අවභාවිතාව සිදු කළ බව පොලිසිය කරුණු දක්වා
ඇත.
සමීප ඥාතීන්ට වාහන දී ඇත්තේ එම වාහන ඇමැතිවරයාගේ ජනසෙවණ ව්‍යාපෘතියට අනුයුක්ත කර ඇති බව පවසමිනි.
පොලිසිය ලබාදුන් බී වාර්තාවට අනුව වාහන ලැයිස්තුව පහතින්
විමල් වීරවංශ ඥාතීන්ට ලබාදී තිබුණ වාහන
විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ බාල පුතා වන රිද්ම විමුක්ති
වීරවංශ (ඕෂන් වීව් ආයතනයේ ව්‍යාපෘති නිලධාරි)ට අංක GO 4894 (1) දරණ වාහනය
හා වැඩිමහල් පුතා වන ලලිත් පුෂ්පකුමාර (අමාත්‍යාංශයේ කළමණාකාර සහකාර) ට අංක
GK-5073 ((2) , KD-4049 (3) , KB-7053 (4) , KW-6956 (5) , GK-5073 (6) ,
KP-4802 (7) දරණ වාහන
විමල් වීරවංශගේ බිරිඳගේ අක්කා වන තනුජා නිශාන්තිගේ ස්වාමි පුරුෂයා වන
බෝඹුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාර (වරාය අධිකාරියේ ප්‍රධාන ආරක්ෂක)ට අංක
KB-6038 (8) , HQ-4974 (9), GR-5774 (10) , KI-4648 (11) , KA-7440 (12)
දරණ වාහන
විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශට JN-8058 (13) දරණ වාහනය හා
ඇගේ සැමියා වන පල්ලෙපේරු ගමගේ ආනන්ද ප්‍රියදර්ශන (සංස්ථාවේ කළමණාකාර සහකාර)
ට අංක GY-4635 (14) දරණ වාහනය
ඉහත නිලයන් සහිත ඥාතීන් වාහන පාවිච්චි කර ඇත්තේ එම නිලයන්ට වාහන පාවිච්චි
කිරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැතිව බව පොලිසිය කරුණු හෙළි කර තිබේ.
විමල් ගේ බාල සොයුරිය වූ නිලානි වීරවංශ කිසිදු රාජ්‍ය ආයතනයක කිසිදු
තනතුරක් දරා නොමැති අතර ඇයටත් රජයේ වාහනයක් ලබාදී තිබිණි.
විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ හිතවතුන්ට ලබා දී තිබූ වාහන
ලාල් කුලරත්නට – HK-8877 (15) , KT-2884 (16) පියසිරි විජේනායකට – JN-5767
(17) , KK-3081 (18) , 64-3225 919) , HA-2189 (20) , KA-4685 (21)
,කේ.ඩී.යූ ජයසේනට – KO-5871(22) ඩී.වී.ඒ. ජයවර්ධනට – KM-0882 (23) එල්.සී
කුමාරට – 54-5678 (24)
විරාජ් සංජීවට – KT-6089 (25) නුවන් ඉන්දික – KA-8125 (26) , 32-9390 (27)
පී.එස්.විජේසිරි හෙවත් දම්පාල – HR-7619 (28) , HN-4098 (29) චානකට –
GI-0001 (30) නිශ්ශංකට – GF-0887 (31)
කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස හඟවමින් බාහිරව සම්බන්ධවූ ඇතැම් අයට හා තනතුරු ඇති අයට නියමිත ප්‍රමාණයට වැඩියෙන් දුන් වාහන
ඒ.එන්.එස්. මෙන්ඩිස් (මහජන සම්බන්ධතා සහ වෘත්තීය සමිති ලේකම්) – KQ-0976
(32), KA-9447 (33), KP-3768 (34), KD-0158 (35), KQ-9762(36)
යූ.ඩී.සංජීව පෙරේරා -මාධ්‍ය ලේකම්/උපදේශක – JO-5953 (37) , JE-6557 (38)
සිසිර හේරත් – ප්‍රධාන ආරක්ෂකයා (අයිපී) – PC-6171 (39) , 252-4908 (40) ,
PC-8430 (41), PF-1277 (42) , EA-0260 (43), PE-3626 (44) , KD-1494 (45),
EA-0004 (46) , PF-3770(47)
බී.එම්.ජේ.ටී. මෙන්ඩිස් – කළමණාකාර සහකාර – 65-5231(48), KI-3053 (49), HR-0800 (50) , KG-2376 (51)
ජේ.එච්.ආර්.නයනානන්ද – සම්බන්ධීකරණ ලේකම් – KB-4427(52), JC-2440(53), KB-8657(54), JO-5953(55), CAB-9727(56)
අලගිය හේවගේ සුරේෂ් ඉන්දික – සංවර්ධන සහකාර – 301-2751(57), HC-2349(58), JW-3549(59), KU-9867(60), 300-2590(61)
බී.ජී.ඉන්දික ප්‍රසාද් – ගිණුම් සහකාර – PC-2896(62), PC-9097(63)
ඉෂිකා නදී පෙරේරා – කාර්යාල නිලධාරිනී -JR-5354 (64), 300-5690(65)
වෛද්‍ය අචල උපේන්ද්‍ර ජයතිලක – උපදේශක -HC-2048(66), HI-2658(67)
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි (සිහල රාවය) – අධීක්ෂණ මණ්ඩල සාමාජික –
GJ-7117(68), KO-6514(69), JS-9725(70), HN-2194(71), PD-2563(72),
CAC-3327(73)
ප්‍රසන්න සංජිව තෙන්නකෝන් (ලංකාදීප) – අමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරක – KK-8941(74)
දුෂ්මන්ත අබේසිංහ – පාර්ලිමේන්තු ලේකම් – KE-0231(75), KR-7730(76), KA-8125(77), KS-7735(78)
සම්පත් තිලකරත්න – ලිපිකරු/වැඩබිම් සම්බන්ධීකරණ ලේකම් – JR-5774(79), KT-9085(80), KI-1610(81), KS-0097(82), KQ-7961(83)
ප්‍රසාද් මංජු – අමාත්‍ය මාධ්‍ය ලේකම් – 250-4713(84), JY-0359(85)
රංජිත් එදිරිසිංහ – කළමණාකාර පුහුණු/සම්බන්ධීකරණ ලේකම් – JZ-2669(86)
කේ.එල්.එම්. සමරතුංග – පිරිස් කළමණාකරු -HM-6920(87)
රංජිත් ගාමිණී වික්‍රමසිංහ – සම්බන්ධීකරණ ලේකම් – KA-6932(88), GJ-4501(89), JN-9942(90)
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, January 12, 2017
විමල් වීරවංශ සුදනෙක් නොවේ...!!! ඌත් පට්ට හොරෙක්...!!! වාහන ලැයිස්තුව පහතින්...!!!
Posted by
lankanews
at
January 12, 2017
Labels: fake politicians, fcid, lankanews, mahinda government, wimal corruption, wimal weerawansa, wimal weerawansha, yahapalanaya
විමල් වීරවංශ සුදනෙක් නොවේ...!!! ඌත් පට්ට හොරෙක්...!!! වාහන ලැයිස්තුව පහතින්...!!!
2017-01-12T02:57:00+01:00
lankanews
fake politicians|fcid|lankanews|mahinda government|wimal corruption|wimal weerawansa|wimal weerawansha|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
