රවි සජිත්ට එරෙහි වෙලා
යෝජනා අංක 45 යටතේ විවාදයට ගත්තේ ජාතික මානව හිමිකම්, ක්‍රියාකාරී
සැලැස්මයි. රජය වෙනුවෙන් එය සැකසීම විදේශ අමාත්‍යාංශයට භාරවී තිබිණි. විදේශ
ඇමැති මංගල සමරවිර වෙනුවට වැඩබලන විදේශ ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා
ඉදිරිපත් කොට තිබිණි. 2017 - 2021 මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම අනුව
ප්‍රධාන ලෙසම උණුසුම් කතාබහට ලක් වූයේ "ලිංගික අනුහුරුව සහ ස්ත්‍රී
පුරුෂභාවය මත පදනම්ව වෙනස්කම්වලට භාජන වීම වැළැක්වීම තහවුරු කිරීම සඳහා
ලිංගික හැසිරීමට අදාළ නීතිමය වැරැදි යළි විමසා බැලීම" නමැති යෝජනාවය.
එමඟින් වසර 175ක් පැරැණි 1842 අදාළ ආඥා පනත සංශෝධනය කිරීමට යෝජනා කොට
තිබිණි. පසුගිය පොහෝ දින අගමැතිවරයා සහ වැඩ බලන විදේශ ඇමැති හර්ෂ ඇතුළු
පිරිසක් එම යෝජනාව සකස් කොට තිබිණි. විදේශ ඇමැතිවරයා විදේශගතවී සිටීම නිසා
හර්ෂ ඊට මැදිහත් වී තිබිණි.
සමලිංගික යන වචනය යෝජනාවේ සඳහන් නොවුණත් Sex Freedom යනුවෙන්
සඳහන් කොට තිබිණි. එහෙත් එම කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගැනීමත් සමඟ ඊට
ශ්‍රී ලනිප ඇමැතිවරු සම්පූර්ණයෙන්ම විරෝධය පළ කරමින් අදහස් දක්වන්නට වූහ.
එම නිසා කැබිනට් මණ්ඩලය ගාලගෝට්ටියක් බවට පත් වුණේය. "මේකට කිසිසේත් එකඟ
වෙන්න බැහැ. ආගමික නායකයොත් උද්ඝෝෂණය කරාවි. රජයටත් හොඳ නැහැ" මහින්ද
අමරවීර කීවේය. "මේකෙන් සමලිංගිකයන් සමඟ විතරක් නෙවෙයි, සත්තු එක්කත් එකතු
වෙන්න නිදහස දීල තිබෙනවා. මේවා අපි වගේ රටකට කොහෙත්ම ගැළපෙන්නෙ නැහැ. තවත්
අවුරුදු තිහ හතළිහකින් ඕන නම් කෙනකුට මේවා ගෙනාවට කමක් නැහැ" නියෝජ්‍ය
ඇමැති සුජීව කීවේ වැඩබලන ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති ලෙස සහභාගි වෙමින්ය. "මේ
වැඩ අනවශ්‍ය දේවල්. නැති ප්‍රශ්න ඇති කරන්න එපා. බදු සහන ඕන වුණු පලියට
මේවට එකඟ වෙන්න බැහැ" රාජිත කීවේය.
මේ අදහස්වලට වෙනස් අදහසක් ඉදිරිපත් කරමින් "මේ වගේ ලිහිල් කොන්දේසි
යුරෝපා රටවල තිබෙනවා" යැයි පැවැසීය. "ඒ වුණාට සංස්කෘතියට, සභ්‍යත්වයට
නොගැළපෙන ඒවාට එකඟ වෙන්න බැහැ" ජනාධිපතිවරයා කීවේය.
ඒ අනුව මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මෙන් 6 (1) සිට 6 (8) දක්වා
වගන්ති ඉවත් කිරීමට තීරණය කෙරිණි. එම සංශෝධන සිදු කොට යළි ලබන සතියේ
කැබිනට් මණ්ඩලයට එම ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කිරීමට එහිදී තීරණය
කෙරිණි. "නිවාස අමාත්‍යාංශයට අය වැයෙන් බිලියන 6ක් වෙන් කරල තිබුණත් ඒක
බිලියන 2ට අඩු වෙලා." නිවාස ඇමැතිවරයා ආවේගයෙන් කීවේය.
ඒ වෙනුවෙන් පිළිතුරු දුන්නේ වැඩ බලන මුදල් ඇමැති ලක්ෂ්මන් යාපාය. මේ
කතාබහට මැදිහත් වී එය පසුව නිරාකරණය කරන බව ජනාධිපතිවරයා කීවේය. හොරණ ටයර්
කම්හල ඉදිකිරීම තාවකාලිකව නතර කිරීමටද මෙහිදී තීරණයක් ගත්තේය. ඒ අගමැතිවරයා
දිවයිනට පැමිණ විසඳුමක් දෙනතුරුය. එය ඉදිකිරීමට ඉඩම නියම තක්සේරුවට වඩා
අඩුවෙන් දීම නිසා ගැටලුවක් මතුවීම ඊට හේතුවයි. "මෙහෙම කුණුකොල්ලයට
චන්ද්‍රිකාත් ඉඩම් දුන්නා. මහින්දත් දුන්නා. ඉඩමක් ගන්නව නම් හෝ විකුණනවා
නම් ඒකෙ තක්සේරු වටිනාකම ගෙවිය යුතුයි" රාජිත කීවේය. ලොතරැයි පතක මිල
රුපියල් 30 සිට 20 දක්වා අඩු කිරීමටද මෙහිදී තීරණය කෙරුණේ තිබූ මුදල ඉහළ
දැමීම කැබිනට් මණ්ඩලයේ දෝෂ දර්ශනයට ලක්වූ නිසාය.
සෝල්හයිම් යළිත් ශ්‍රී ලංකාවට මැදිහත් වීමකට සැරසෙයි
ස්විස්ටර්ලන්තයේ ඩවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම
සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ දිවයිනෙන් පිටත්ව ගියේ සඳුදාය. ඔහු සමඟ රවි,
හරීන්, මලික් හා මෛත්‍රි වික්රමසිංහද වෙති. අඟහරුවාදා කොලොම්බියා
විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර හා මහජන සම්බන්ධතා අංශයේ මහාචාර්ය ජෝසප්
ස්ටිග්ලිට්ස් හමුවී සාකච්ඡා කිරීමට අගමැතිවරයාට හැකි විය. ශ්‍රී ලංකාවේ
ඉදිරි ආර්ථික සැලසුම් නිරීක්ෂණය කර අවශ්‍ය උපදෙස් දීමට පැමිණෙන ලෙස ඔහුට
අගමැතිවරයා ඇරැයුම් කළේය.
චීන ජනාධිපති ෂිංජින්පිං, බංග්ලාදේශයේ
අගමැතිනි හසීනා වජීඩ්, සර්බියාවේ අගමැති ඇලෙක්සැන්ඩර් ව්යුසික්,
ස්විස්ටර්ලන්තයේ ජනාධිපතිනි ඩොරිස් ලෙනාඩ්, පාකිස්තාන අගමැති නවාෆ් ෂරීෆ්
ඇතුළු රාජ්‍ය නායකයන් සහ නිලධාරීන් පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට එහිදී
අගමැතිවරයාට හැකි විය. පාකිස්තානය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අස්සන්
කිරීමටද නායකයෝ දෙපළ එකඟතාවකට පැමිණියහ.
එහි පිහිටි මාධ්‍ය ගම්මානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකටද අගමැතිවරයා
එක්විය. "ලෝකයේ විශාලතම වෙළෙඳපොළ හතරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන විවර කරලීම
සඳහා ළඟදී අවස්ථාව උදාවන බවත් ඒ සඳහා ආයෝජනයට පැමිණෙන ලෙසත්" අගමැතිවරයා
එහිදී ඇරැයුම් කළේය. එමෙන්ම ඉදිරියේදී ස්විස්ටර්ලන්තයේදී ශ්‍රී ලංකා ආයෝජන
සමුළුවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද ඔහු එහිදී කීවේය.
එරික් සෝල්හයිම් ලංකාවට හුරුපුරුදු නමකි. ඒ සාම ක්රියාවලියේම
පාර්ශ්වකරුවකු ලෙස සහභාගි වීම නිසාය. ඔහු මේ වනවිට එක්සත් ජාතීන්ගේ පරිසර
වැඩසටහනෙහි අධ්යක්ෂ ලෙස කටයුතු කරයි. ඔහු හා අගමැති වික්‍රමසිංහ අතර හමුව
බ්‍රහස්පතින්දා පැවැත්විණි. හරිත ආර්ථිකයක් හා හරිත මූල්‍ය පරිසරයක් සඳහා
විශේෂඥ දැනුම ලබාදීමට හැකි බව එහිදී සෝල්හයිම් සඳහන් කළේය.
මහින්දගේ ලන්ච් එක
මීට සති දෙක තුනකට ඉහතදී ජනාධිපති සහ ප්‍රධාන අමාත්‍යවරුන්ගේ හමුවක්
පැවැත්විණි. එහිදී ශ්‍රී ල.නි.ප. සමඟිය ගැනද කතා බහක් ඇතිවිය. මහින්ද
පාර්ශ්වය ශ්‍රී ල.නි.ප.යට සම්බන්ධ කර ගැනීම ඉන් ප්‍රධාන යෝජනාවකි. ඒ අනුව
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමඟ සාකච්ඡා කිරීමට මහ ඇමැතිවරු
ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා සිටියහ. "මගේ විරුද්ධත්වයක් නැහැ. කොහොමත්
බෙදිලා ගියොත් ඔයගොල්ලන්ටයි පාඩු. මම නම් 2020 වෙනකම් තනතුරේ ඉන්නවා."
ජනපතිවරයා කැමැත්ත ප්‍රකාශ කළේ එලෙසින්ය.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට සාකච්ඡාවකට ඇරැයුම සබරගමුව මහ ඇමැති මහීපාලට
භාර විය. එය සාර්ථක වී ඇත. අද ඉරිදා පෙ.ව 11ට විජේරාම නිල නිවෙසට පැමිණෙන
ලෙස මහින්ද ඔවුන්ට ඇරැයුම් කොට තිබේ. ඒ දිවා ආහාරයටත් එක්කය.
පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි ආසියා කාලාපීය දේශපාලන පක්ෂ
නියෝජිතයන්ගේ අන්තර්ජාතික සම්මේලනයේ මහලේකම් ඛ්ඩභදඨ ඡ්භඪ කධද
සහ කොරියා පාර්ලිමේන්තු මන්ත්‍රිනි අඟහරුවාදා හිටපු ජනපති
මහින්ද රාජපක්ෂ මුණ ගැසුණාය. ඒ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ නිල
නිවසේදීය.
පසුගිය වසරේදී මැලේසියාවේ පැවැති එම දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ 9 වැනි
සමුළුවේ සභා වාර්තාවද ඔවුහු මහින්දට පිළිගැන්වූහ. මැලේසියාවේ පැවැති එම
සමුළුවට සහභාගි වූ අය අතර මහින්දද විය. එදින ඊළාම්වාදීන් විසින් එල්ල කරන
ලද විරෝධය පිළිබඳ ඔවුහු හිටපු ජනපතිවරයාට කනගාටුව පළ කළහ.
කලාපීය
දේශපාලනය උදෙසා මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ අදහස් වාර්ෂික වාර්තාවට
ඇතුළත්කොට ඇති බවත් ඒවා ත්‍රස්තවාදය මැඬලීමට සහ කලාපීය ආර්ථික වර්ධනයට පාදක
කොට ගන්නා බවද සඳහන් කළහ.
"යුද්ධයෙන් පරාජය වුණු නිසා කොටි හිතවාදීන් තාමත් මෙතුමා එක්ක තරහින්
ඉන්නෙ." එම හමුවට එක් වූ මහාචාර්ය ජී.එල්. කීවේය. ආණ්ඩුව විරුද්ධ පක්ෂයට
හිරිහැර කරන බවටත් මර්දනයට දියත්කොට තිබෙන වැඩපිළිවෙළක් ගැනත් මෙහිදී එම
නියෝජිතයන්ගේ අවධානයට ලක් කෙරිණි. සාකච්ඡාවෙන් පසු පිටත්ව යන අවස්ථාවේ මහ
ලේකම්වරයා "දැන් නිදහසේ ඉන්නවාද..?" යි විමසීය. "මේ ආණ්ඩුව කරන වැඩත් එක්ක
කොහොම නිදහසේ ඉන්නද..?" මහින්ද ප්‍රශ්නයකින්ම පිළිතුරු දෙද්දී ජී.එල්.
"මෙතුමා නිදහසේ ඉන්න හැදුවත් රටේ ජනතාව ඒකට ඉඩ දෙන්නේ නැහැ" යි සිනාසෙමින්
පිළිතුරු දුන්නේය.
දිනේෂ්ට නව තනතුරක්
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සහ නියෝජිතයන්ගේ සතිපතා රැස්වීම පැවැතියේ
එදින සවසයි. විජේරාම නිල නිවසේදී පැවැති එම රැස්වීමේදී වැඩි අවධානයක්
යොමුවූයේ 27 වැනිදා සවස නුගේගොඩදී පවත්වන "පෙරළියක ඇරඹුම" ජනහමුව
පිළිබඳවයි. ඊට ජනතාව සහභාගි කරවීමේ වගකීම මන්ත්‍රිවරුන් ඇතුළු සියලු දෙනාටම
සමසේ භාර කෙරිණි. යුරෝපා සංගමයෙන් ජී.එස්.පී. බදු සහනය ගැනීමට ආණ්ඩුව රටට
අහිතකර කොන්දේසිවලට එකඟ වී ඇතැයිද එහිදී සාකච්ඡාවට බඳුන් විය. ඒ පිළිබඳ
මහජනතාව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක අවශ්‍යතාවද එහිදී ඉස්මතු කෙරිණි. "
පෙරළියක ඇරඹුම රැස්වීම් මාලාව ගැන ප්‍රචාරය වුණාට පස්සේ ආණ්ඩුවේ ඉන්න ශ්‍රී
ල.නි.ප. ඇමැතිවරුන් කිහිපදෙනෙක්ම මට කතා කරලා එදාම එන්නද ඇහුවා. මම කිව්වා
ඒක අවශ්‍ය වෙලාවෙදි කියන්නම් කියලා" මහින්ද කීවේය. "කවුද සර් ඒ..?" ඒ
පිළිබඳව පවිත්‍රා විමසුවේ මහින්දගෙන්ය. "වෙලාවට දැනගන්න ලැබෙයි" මහින්ද
සිනාසෙමින් පිළිතුරු දුන්නේය. මේ අතර වෙල්ගම ඉල්ලීමක් කළේය. "සර් මම තමයි
දැන් පාර්ලිමේන්තුවේ ඉන්න පරණම ශ්‍රී ල.නි.ප. සංවිධායකවරයා" වෙල්ගම කියත්ම
"ඔව් ළඟදි ඔයාට සංවිධායකකම ලැබිලා අවුරුදු 35ක් පිරෙනව නේද..?" යි මහින්ද
කීවේය. "ඔව් සර් ඒක තමයි මම මේ කියන්න හැදුවෙ. ඔය නුගේගොඩ රැස්වීමෙන් පස්සෙ
ඊළඟ රැස්වීම මට දෙන්න" වෙල්ගම ඉල්ලා සිටියේය. "හරි හරි ඔබතුමාට ඉක්මනට හොඳ
දිනයක් දෙන්නම්" ඩලස් උත්තර දුන්නේය. ටික වෙලාවක් යද්දී වෙල්ගම නැවත එම
ඉල්ලීම කළේය. "හරි ඇමැතිතුමා එහෙනම් ඔබතුමා මාර්තු 8 ගන්න" ඩලස් ඔහුගෙන්
බේරෙන්නට සිතා දිනයක් දුන්නේය. "නෑ... නෑ... මම නම් ඕකට විරුද්ධයි. ඒ දිනය
ඔබතුමාට දෙන්න බැහැ." පවිත්‍රා කියද්දී " ඒ මොකද..? ඒ මොකද..? ඔබතුමිය මට
විරුද්ධ වෙන්නෙ" වෙල්ගම විමසීය. "මාර්තු 8 අපේ දවස. කාන්තා දිනය. ඒක ඔයාට
දෙන්න බැහැ." පවිත්‍රා කියද්දී "අපොයි සර් මට කාන්තාවො තරහ කරගෙන බැහැ.
වෙනත් දිනයක් දෙන්නයි" වෙල්ගම බැගෑපත් විය.
ඒකාබද්ධ කොළඹ දිස්ත්‍රික් සංවිධානයට නිලධාරීන් පත්කිරීමද එහිදී සිදුවිය.
සභාපති දිනේෂ්, උප සභාපති විමල්, ලේකම් බන්දුල ගුණවර්ධන, සහකාර ලේකම්
සුනිල් ජයමිණි, භාණ්ඩාගාරික උදය, සංවිධායක ලොකුගේ, සාගර කාරියවසම්, යදාමිණි
ගුණවර්ධන, ඒ.ජේ.එම්. මුසම්මිල්, මහේෂ් අල්මේදා. සුජිත් හපුආරච්චි, මහින්ද
කහඳගම, ඇතුළු පිරිසක්ද නිලධාරි මණ්ඩලයට තේරී පත්වූහ.
නව ව්‍යවස්ථාවකට සුළු ජන පක්ෂ නව ස්ථාවරයකට
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ රවුෆ් හකීම්, නිශාන් කාරියප්පර්, දමිළ
ප්රගතිශීලී පෙරමුණේ මනෝ ගනේෂන්, ඊ. පී. ඩී. පී.යේ දේවානන්දා, ද්‍රවිඩ
ජාතික සන්ධානයේ තිලකරාජා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිත පිරිසක් බදාදා රාත්‍රි
විශේෂ සාකච්ඡාවක් සිදු කළහ. ඒ කොල්ලුපිටිය දාරුසලම්හි ශ්‍රී ලමුකො
කාර්යාලයේදීය.
සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ බදුර්දීන් සහභාගි වීමට නියමිතව සිටියද හදිසි
රාජකාරියක් නිසා ඔහුට ඊට සහභාගි වීමට අවස්ථාවක් නොලැබිණි. ඔවුන්ගේ ප්‍රධාන
අවධානය මාතෘකා දෙකක් ඔස්සේ යොමුවී තිබිණි. එකක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ගැනයි. අනෙක පළාත් පාලන සීමා නිර්ණය ගැනයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සුළු
ජන පක්ෂ ලෙස එක් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට එහිදී ඔවුහු එකඟතාවක් ඇති කර
ගත්හ. ඒ ප්‍රධාන කරුණු 07ක් යටතේය. විධායක ජනාධිපති ක්‍රමය, රාජ්‍ය භාෂාව,
රාජ්‍ය ආගම, පාලන ක්‍රමය, රාජ්‍යයේ ස්වභාවය, බලය බෙදීම හා මැතිවරණ ක්‍රමය
එහිදී සාකච්ඡා කෙරුණු මාතෘකාය. බුදු දහමට ප්‍රමුඛස්ථානය දීම, රාජ්‍යය ඒකීය
නොවීම හා ෆෙඩරල් ක්‍රමයකට බලය බෙදීම, උතුරු - නැඟෙනහිරට වෙන්වීම සඳහා ජනමත
විචාරණයක් පැවැත්වීම ආදී කරුණුද එහිදී සාකච්ඡා විය. එහෙත් අවසන් එකඟතාවක්
ඇති කර ගැනීම සඳහා ඔවුහු ලබන අඟහරුවාදා යළි රැස්වීමට නියමිතය. එම යෝජනා
ඉදිරියේදී ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ඉදිරිපත් කිරීම ඔවුන්ගේ අදහසයි. පළාත්
පාලන මැතිවරණයට සීමා නිර්ණය කිරීම අනුව සුළුජන පක්ෂවලට සහ සුළු දේශපාලන
පක්ෂවලට අසාධාරණයක් වන බව ඔවුන්ගේ අදහසයි. ඒ නිසා මෙය ගැසට් කිරීමට පෙර යළි
දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවට පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා
මුණගැසී සාකච්ඡා කිරීමටද ඔවුහු එකඟ වූහ.
විශාඛා දියණිවරුන්ගේ සමත්කම් ගැන කතානායක කියන කතාව
ථෙරවාද, මහායාන, වජ්රයාන ආදී වශයෙන් වූ සකලවිධ බෞද්ධ මතවාද ඉතා
ගැඹුරින් හැදෑරීමට ලොවපුරා විද්‍යාර්ථයන්ට ඉඩ සැලසෙන සුවිසල් ජාත්‍යන්තර
විශ්වවිද්‍යාලයක් කැලණිය මානෙල්වත්ත විහාර පරිශ්‍රයේදී ඉදිවෙමින් පවතී.
විශාල වපසරියක් සහිත රමණීය භූමියක් වූ මානෙල්වත්ත සසුනට පූජා කළේ හිටපු
ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසිනි. එලීනා විජේවර්ධන රූපසිංහ මෙනෙවිය විවාහ
කර ගැනීමේදී එතුමියගේ දෙමහල්ලන් විසින් දුන් විවාහ තුටු පඬුරක් වූ මෙම
භූමිය ඔහු මෙලෙස දන් දුන්නේය.
පසුගිය සතියේ මෙම සුවිශේෂී ස්ථානයට
කතානායක කරු ජයසූරිය, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ,
බස්නාහිර මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික, වරාය හා නාවුක අමාත්‍ය
අර්ජුන රණතුංග, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය
රුවන් විජේවර්ධන යන අය ඇතුළු පිරිසක් ගොස් සිටියේ එහි ඉදි කෙරුණු ශ්‍රී
ලංකාවේ විශාලතම ස්වර්ණාලේපිත ලෝකඩ බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීම සඳහාය.
ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය ඇතුළු මේ සියලු ආගමික ඉදිකිරීම් සඳහා
මූල්‍ය අනුග්‍රහය සලසනුයේ ලොව පුරා කෝටි 50කට අධික දායක දායිකාවන් පිරිසක්
සිටින චීන බෞද්ධ සමාජයේ ඉහළම පිළිගැනීමක් ඇති චින් කොන් මහා නාහිමියෝය.
ඒ හිමියන් නියෝජනය කරමින් වැඩම කළ චී උෟ දාවෝ නායක හිමි, තායිලන්තයේ
ශ්‍රී ලංකා ප්‍රධාන සංඝනායක බෝදාගම චන්දිම හිමි ඇතුළු බෞද්ධ නියෝජිත පිරිස
සමඟ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා
කළ කතානායකවරයා පිරිස වෙනුවෙන් සිය නිල නිවෙසේ දානයක් ද පිරිනැමීය.
කොළඹ
විශාඛා විදුහලේ සියවස් සැමරුම් උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේද
කතානායක කරු ජයසූරියය. විශාඛා විදුහල වෙනුවෙන් ජෙරමියස් දියෙස් දානපතියාණන්
හා ඔහුගේ පවුලේ සාමාජිකයන් කළ උතුම් පරිත්‍යාගය පිළිබඳ ඉතිහාස මතකය
සිහිපත් කළ කතානායකවරයා දේශීය බෞද්ධ ආකල්ප මුදුනෙහි තබාගෙන සියලු
ක්ෂේත්රයන්හි අද්විතීය ලෙස සිය නාමය සටහන් කරන්නට විශාඛා දියණිවරුන් සමත්ව
ඇති බවද සඳහන් කළේය.
මෙහිදී විශාඛා සියවස් සැමරුම වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ මුද්දරය සහ මුල් දින කවරය ද කතානායකවරයා වෙත පිරිනැමිණි.
මේ අතර, කතානායකවරයා ලෙස වැදගත් රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් කිහිපයක් ද
පසුගිය සතියේ කරු ජයසූරියට යෙදුණු අතර, ජපානය, කැනඩාව මෙන්ම යුරෝපා සංගමයේ
නියෝජිතයන් මේ අතර වූහ. යුරෝපා සංගම් තානාපති තුන්ග්ලයි මරිගියු සහ
කැනේඩියානු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෙලී වයිට් සමඟ සාකච්ඡාවේදී මෑත කාලීනව
පාර්ලිමේන්තු ක්‍රියාදාමය ශක්තිමත් කිරීම සඳහා තබන ලද ඉදිරි පියවර පිළිබඳව
කරු ජයසූරිය පැහැදිලි කළේය.
ඊසි කෑෂ් ඔස්සේ පාසල් සිසුන් මතට ඇබ්බැහි වෙලා
දෙබරවැව ජනාධිපති විද්‍යාලයට රංග කලා ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා
මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වීමට ගිය සජිත් ප්‍රේමදාස '( මිටි නම් කම්කරු අපතයා ) අමාත්‍යවරයාට
දැනගැනීමට ලැබුණේ විද්‍යාලයේ ගුරුවරුන් හා මවුපියන් දෙපිලකට බෙදී
විදුහල්පතිවරයාට පාසල පවත්වාගෙන යෑමට බාධා පමුණුවන බවය. පසුගිය සාමාන්‍ය
පෙළ විභාගයෙන් පසුව එක්තරා ගුරුවරුන් පිරිසක් ළමයින් ලවා පාසලේ ඇතැම් ඩෙස්
පුටු කඩා බිඳ දැමීමට කටයුතු කර ඇති බවත් සජිත් ඒ වන විට දැන සිටියේය. සිය
කතාවේදී සජිත් කීවේ "කට්ටියක් මගෙන් ඉල්ලීමක් කළා, විදුහලට අවුරුදු 15කට
මෙපිටින් ඩෙස් පුටු ලබාදී නැති නිසා අලුතින් ඒවා ලබා දෙන්න කියලා. ඒවා ලබා
දෙන්න පුළුවන්. එකම දේ මේවා විනාශ කරන්නට පෙලඹවීම් කරන කණ්ඩායම් ගැන වහාම
විනය පියවර ගන්න ඕනෑ. නැත්නම් පොදු දේපොළ විනාශ කිරීම පිළිබඳ පරීක්ෂණයක්
කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්න වෙනවා. "ඊසි කෑෂ්"
මුදල් හුමවාරු ක්‍රම හරහා මේ වන විට පාසල් ළමුන් මත් ද්‍රව්‍ය භාවිතයට
පෙලඹිලා. ඒ දරුවන්ට උරුමකර දෙන්නේ 'කුඩු අනාගතයක්ද', එහෙම
නැත්නම් 'සෞභාග්‍යවත් අනාගතයක්ද' කියලා තීරණය කරන්න" සජිත් කීවේය.
තිස්සමහාරාමයේ හා ලුණුගම්වෙහෙරේ යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 2ක්
ඉදිකිරීම සඳහා සජිත් අතින් මුල්ගල් තැබීමද ඉකුත් සතියේ සිදුවිය. මෙම
මධ්‍යස්ථාන දෙකම ප්‍රධාන ගොඩනැඟිලි 6 කින්, ක්‍රීඩාංගණයකින්,
ක්‍රීඩාගාරයකින්, සම්මන්ත්රණ ශාලාවකින් හා එකවර තරුණ තරුණියන් 300 දෙනකුට
නේවාසිකව පුහුණුව ලැබිය හැකි නේවාසිකාගාරයකින් සමන්විතය. "මේ වැඩේට ලක්ෂ
2,000ක් හොයා ගත්තෙ කොහෙන්ද සර්" කියා පළාත් සභා මන්ත්‍රි ලාල් චන්ද්‍ර
විමසද්දී සජිත් කීවේ "මගේ ඉල්ලීමට අගමැති ලබා දීපු සහයෝගය තමයි මේ. ප්‍රතිපාදන ලබා දුන්නේ ජාතික
ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන්" කියාය.
කැබිනට් මණ්ඩල රැස්වීම් අවසාන වූ වහාම සජිත් සිය අමාත්‍යාංශය හා ආයතන
ප්‍රධානීන්ගේ විශේෂ රැස්වීමක් කැඳවූයේ අමාත්‍යාංශයේදීය. "රටේ පවුල් ලක්ෂ
25ක් මුහුණ දී සිටින නිවාස ප්‍රශ්නයට විසඳුම් සපයන්නට අපි සුපුරුදු
රාමුවෙන් පිටට පනින්න ඕනෑ. ඒක රට හොල්ලන ජනතා ව්‍යාපාරයක් වෙන්නත් ඕනෑ.
සියලු ගම්මාන ආවරණය වන විදියට ඒ වැඩපිළිවෙළ දියත් කිරීමට අරමුදල් සොයා
ගන්නත් වෙනවා. මගේ තාත්තා නිවාස සංවර්ධනය වෙනුවෙන් අරමුදල් සොයා ගන්නට
දියත් කරපු ව්‍යාපාරවලට නොදෙවැනිව අපට වැඩ කරන්න සිදුවෙනවා. ඒක මේ
අවුරුද්දේ විශේෂ ඉලක්කයක් විය යුතුයි" සජිත් සිය නිලධාරීන්ට පැහැදිලි කළේය.
දේශපාලන අනාගතය ගැන හර්ෂට ප්‍රශ්නයක්
තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩය විසින් සංවිධානය කෙරුණු
රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ සැ¼දෑ හමුවක් පසුගියදා පැවැත්විණි. ඒ සඳහා නියෝජ්‍ය
විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ද සහභාගි වී සිටියේය. මෙහිදී ඔහු හා
ජර්මන් තානාපති යොන් රෝඩ් අතර කතාබහක් ඇති විය.
"වොක්ස්වැගන් සමාගම ලංකාවට ආයෝජනය කළේ නැහැ කියලා ඔබලා කියලා
තියෙනවා මේ කතාවලින් අපේ දේශපාලන අනාගතය නැති වෙනවා. එහෙම කරන්න එපා." හර්ෂ
ආයාචනා ස්වරූපයෙන් කීවේය. එහෙත් ඊට තානාපතිවරයාගෙන් සතුටුදායක පිළිතුරක්
ලැබුණේ නැත. "ඉතිං අපිත් එක්ක රජයේ කිසිම ඇමැති කෙනෙක් කතා කළේ නැහැ. ඒකයි
අපි කිව්වේ" තානාපතිවරයා කීවේය. මේ ගැන කතා කරන්න "මට ඔබ හමුවෙන්න
පුළුවන්ද, හෙට උදේ 8ට වුණත් එන්න පුළුවන්." හර්ෂ කීවේය.
ටෙලිකොම් මෑන් පවර් සේවකයන් ස්ථීර කරන ලෙස ඉල්ලා උපවාස කරන ස්ථානයට
සෞඛ්‍ය ඇමැතිවරයා සඳුදා හදිසියේම ගියේය. ඒ රජයේ පණිවුඩයක්ද රැගෙනය. කාණ්ඩ
වශයෙන් ඔවුන් ස්ථිර කිරීමට රජය තීරණය කොට ඇති බව ඔහු පැවසීය. මේ අතර සුජාතා
සහ චතුර අම්මයි පුතයි දෙන්නා එකතු වී මෑන්පවර් සේවකයන්ට රාත්‍රි ආහාරය ද
යැවීමට පියවර ගෙන තිබිණි.
ජවිපෙන් දිස්ත්‍රික් මෙහෙයුම්
ජනතා විමුක්ති පෙරමුණ සෘජු ලෙසම පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් ගම්
මට්ටමින් සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට කටයුතු යොදා තිබේ.
"ජනබලය ගොඩනඟන දිස්ත්‍රික් මෙහෙයුම" ලෙස එය හැඳින්වෙයි. මෙහිදී පක්ෂ
නායකයන් කණ්ඩායමක් එක් දිස්ත්‍රික්කයක් තුළ දින හතරක කාලයක් ගත කරමින්
ගමින් ගමට පත්‍රිකා බෙදාහැරීම, ජනහමු, සාකච්ඡා, සම්මන්ත්රණ, විද්වත්
කථිකාවන්, සංස්කෘතික වැඩසටහන් ආදිය සිදු කිරීමට බලාපොරොත්තු වෙයි. ඒ යටතේ
පළමු දිස්ත්‍රික් මෙහෙයුම අනුර කුමාර, ලාල්කාන්ත, හඳුන්නෙත්ති සහ වසන්ත
සමරසිංහ යන අයගේ සහභාගිත්වයෙන් ජනවාරි 27 සිට 30 දක්වා අනුරාධපුර
දිස්ත්‍රික්කයෙන් ඇරැඹෙයි. ටිල්වින් සිල්වා, විජිත හේරත්, බිමල් රත්නායක සහ
වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සහභාගිත්වයෙන් පෙබරවාරි 16 සිට 19 දක්වා
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදු කෙරේ. ඒ ආකාරයට අප්‍රේල් දක්වා දිස්ත්‍රික්
රැසකද එම මෙහෙයුම් දියත් කිරීමට ජවිපෙ කටයුතු යොදා තිබේ.
සෑම ගමකටම සමිතියක් යන තේමාවෙන් පසු ගිය වසරක පමණ කාලයක් පුරා ජවිපෙ ගම්
මට්ටමින් ගොඩනඟන ලද දිරිය පුරවැසි සමිතිවල නියෝජිත සමුළුවක් ඉරිදා මහරගමදී
පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. එම සමිතිවල සභාපති, උප සභාපති, ලේකම්,
උප ලේකම් සහ භාණ්ඩාගාරික නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් එම ජාතික සම්මේලනය
පැවැත්වෙයි. "ගමට දිරියක් රටට බලයක්, දිරිය පුරවැසි ජාතික නියෝජිත
සම්මේලනය" නමින් එය හඳුන්වයි.
එම දිරිය පුරවැසි සමිති මඟින් ගම තුළ ශ්‍රමදාන, දරුවන් සඳහා චිත්‍ර තරග,
ගීත රසවින්දන, වෛද්‍ය සායන, ඇස් කණ්ණාඩි බෙදීම ඇතුළු සහන සේවා රැසක්
ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව මේ දිරිය පුරවැසි සමිතිවල ක්‍රියාකාරිත්වය
තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් මේ ජාතික සමුළුව පැවැත්වෙයි.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් පැනනැඟී ඇති නීතිමය ගැටලුව පිළිබඳ වෛද්‍ය
සභාවේ ස්ථාවරය දැන ගැනීමට එහි සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා හමුවීමට අනුර
කුමාර ඇතුළු ජවිපෙ නියෝජිත පිරිසක් පසුගියදා ගියහ. 'මෙතැන ප්‍රශ්නයක්
තිබෙනවා. මේ ආයතනයට නීතිමය පිළිගැනීමක් දුන්නොත් අපේ රටේ අනෙක්
වෛද්‍යවරුන්ගේ තත්ත්වය ගැනත් ප්‍රශ්නයක් මතුවෙනවා. අපේ රටේ වෛද්‍යවරු
ඉදිරියේදී පිළිගන්නේ නැති තත්ත්වයක් මතුවෙන්නත් පුළුවන්."
එම හමුවේදී කාලෝ කීවේය. එමෙන්ම මේ සම්බන්ධයෙන් පත්කළ අනුකමිටු වාර්තා
පිළිබඳ විවිධ කරුණු ගණනාවක්ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. පැය දෙකකට ආසන්න
කාලයක් පැවැති එම හමුවෙන් පසුව වමේ දේශපාලනයේ ජේයෂ්ඨයකු ලෙස කටයුතු කළ
කාලෝ අනුර කුමාර සමඟ සුහද කතාබහකද නිරත වූහ. ඒ වමේ දේශපාලන ක්‍රියාකාරකම්
ගැනයි. "කෙනෙක් මගෙන් ඇහුව ලීක්වාන් යූ සිංගප්පූරුව හැදුවා, කස්තේරා්
කියුබාව හැදුවා. ඉතිං මෙතැන තියෙන්නෙ සමාජවාදයේ හෝ ධනවාදයේ ප්‍රශ්නයක්ද
නැත්නම් පුද්ගලයන්ගේ ප්‍රශ්නයක්ද කියලා. මගේ ක්ෂේත්රය සෞඛ්‍යය නිසා මම
ඒකෙන් උදාහරණයක් දුන්නා. මම කියනවා කියුබාවේ ඕනෑම කෙනකුට රජයේ රෝහලකින්
සෞඛ්‍ය සේවාව නොමිලේ ලබා ගන්න පුඵවන්. ඒත් සිංගප්පූරුවේදී එහෙම බැහැ.
සමාජවාදයේ වෙනස ඒකයි කියල මම කීවේ." කාලෝ අතීත කතාවක් එසේ මතක් කළේය.
විමල්ගේ 6 වැනි පොතේ නම කුමක්ද?
ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ
පසුගිය 10 වැනිදාය. එදා සවස සිටම ඔහුගේ සුවදුක් විමසීම පිණිස දේශපාලනඥයෝ,
කලාකරුවෝ විද්වත් වෘත්තිකයෝ ඇතුළු පිරිස් පැමිණෙමින් සිටිති.
මේ පිරිසට අමතරව විමල් වීරවංශගේ සුවදුක් විමසීම සඳහා පැමිණි අය අතර
රාජ්‍ය අමාත්‍යවරයකු සහ රාජ්‍ය අමාත්යවරියකද විය. ඒ ඩුලිප් විජේසේකර සහ
සුමේධා ජී. ජයසේනයි. එසේම පසුගිය කාලය පුරා තම දේශපාලන හිවතුන් සිරගත වුවද ඒ
කිසිවකුත් බැලීමට නොපැමිණි එක්තරා විද්වත් වෘත්තිකයකුද විමල් වීරවංශගේ
සුවදුක් විමසා බැලීමට පැමිණ තිබිණි. ඒ අන් කිසිවකු නොව හිටපු අගවිනිසුරු
සරත් නන්ද සිල්වාය.
මේ අතර විමල් වීරවංශ රක්ෂිත බන්ධනාගාර ගත වූදා සිටම රැඳී සිටින්නේ සිර
මැදිරියකය. පසුගිය දිනවල ඔහු පරීක්ෂා කර බැලූ බන්ධනාගාර වෛද්‍යවරුන්
පැවසුවේ රුධිර පීඩන මට්ටම වැඩිවී ඇති නිසා රෝහල්ගත වන ලෙසය. එම ඉල්ලීම
ප්‍රතික්ෂේප කළ විමල් වීරවංශ රෝග තත්ත්වය සඳහා වෛද්‍ය ප්‍රතිකාර පමණක්
ඉල්ලා සිටියේය. ඒ අනුව ඔහු මේ දිනවල බෙහෙත් බොමින් සිර මැදිරිය තුළම කාලය
ගෙවමින් සිටී. අසනීප තත්ත්වය හේතුවෙන් ඔහුගේ සුවදුක් විමසීමට පැමිණි ඇතමකුට
ඒ අවස්ථාව අහිමිව ගොස් තිබිණි.
කෙසේ නමුත් දීර්ඝ කාලයකට පසුව තමන්ට ලැබුණු මේ විවේක කාලය වඩාත් අර්ථවත්
ලෙස ගත කිරීමේ එක් පියවරක් ලෙස විමල් වීරවංශ මේ දිනවල පොතක් ලිවීමේ
කටයුත්තකද නිරතව සිටී. විමල් මේ සිරකුටියේ සිට ලියන්නේ සිය 06 වැනි
ග්‍රන්ථයයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, January 26, 2017
කපටි දේශපාළු අපතයන්ගේ පුවත් සමාලෝචනය ...!!!
2017-01-26T03:03:00+01:00
lankanews
accept gay rights in srilanka|gay mangala samaraweera|gay rights|gay rights srilanka|lankanews|ranil gay partner|sex freedoms|unp corruptions|unp politicians|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
