ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, January 6, 2017

අපහාසයක් වීමට තරම් ඔබට කීර්තියක් තිබේද චම්පික...!!! ..

නිළි හුටපයත් තිබෙනවා නේද.. – උසාවියේදී චම්පිකගේ පටි රෝල්...!!!



ආන්දෝලනයෙන් තුඩු තරුණයන් දෙදෙනකුට තුවාල සිදු කළ රාජගිරියේ රිය අනතුර සහ ප‍්‍රසිද්ධ නිළියක් සම්බන්ධයෙන් වන ප‍්‍රචාර පිළිබදව ඇමැති පාඨලී චම්පික රණවකගෙන් කොළඹ දිසා අධිකරණය හමුවේදී ඊයේ (05දා) ප‍්‍රශ්න කරනු ලැබීය.
මාධ්‍ය හමුවකදී කළ ප‍්‍රකාශයක් සහ එය පුවත්පතක ප‍්‍රචාරය කිරීම තුළින් තමන්ට සිදුවූ අපහාසයට රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලා ඇමැති පාඨලී චම්පික රණවක  ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට එරෙහිව පවරා තිබූ නඩුවක් ඊයේ (05දා) යළි කැදවනු ලැබිණි.
කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක  ඉදිරියේ අදාළ නඩුව කැදවූ අවස්ථාවේදී පැමිණිලිකාර ඇමැති චම්පික රණවක අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පැමිණිලිකාර ඇමැති චම්පික රණවකගෙන් විත්තියේ නීතිඥවරු හරස් ප‍්‍රශ්න අසනු ලැබූ අතර,එලෙස අසල ලද ප‍්‍රශ්න කිහිපයක් මෙසේය.
විත්තියේ නීතිඥ –  මේ සිද්ධියේදී ඔබට අපහාසයක් වුණා කියනවා.නමුත් ඔබට අපහාසයක් වීමට තරම් ඔබ කීර්තිමත් පුද්ගලයෙක් නොවෙයි නේද?
ඇමැති – පිළිගන්නේ නැහැ.
විත්තියේ නීතිඥ – විදුලිබල මණ්ඩලය ආසාර්ථක වුණ නිසා නේද තමා 2012 වසරේදී ඇමැති ධූරයෙන් ඉවත් කරනු ලැබුවේ?
ඇමැති – එය ප‍්‍රතික්ෂේප කරනවා.
විත්තියේ නීතිඥ – රාජගිරියේ රිය අනතුර,ප‍්‍රසිද්ධ නිළියක් සම්බන්ධයෙන් වන ප‍්‍රචාර ගැන බලපුවහම මේ නඩුවට අදාළ සිද්ධිය පොඩි දෙයක් නේද?
ඇමැති – මාධ්‍ය ඔස්සේ එක එක දේවල් කියනවා.පිළිගන්නේ නෑ.
විත්තියේ නීතිඥ – ඔබ ගැන බරපතළ චෝදනා සමාජයේ තිබෙන විට සුළු සිද්ධියකට මෙවැනි නඩුවක් පවරා ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීමට නේද?
ඇමැති – මේ රටේ නිදහස් මාධ්‍ය නැහැ.එවැනි මාධ්‍යවේදීනුත් නැහැ.මාධ්‍ය මාෆියාවක් තමයි තිබෙන්නේ.සමාජ ජාල වෙබ් අඩවිවලින් මඩ ගහනවා.පුවත්පත් මණ්ඩලවලට කරන පැමිණිලිවලින් ප‍්‍රයෝජනයක් නැහැ.
නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන අපේ‍්‍රල් 07 වැනි දිනට කල් තැබිණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.