ජනවාරි 3 වෙනිදා වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදන සමාගම කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරිමට මුල්ගල තබන බවට රටපුරා පුලුල් ප්‍රචාරයක් ලබා දෙමින් සිදු කොට ඇත්තේ අනෙකක් යයි සාකච්චා වෙයි.
ජර්මනියේ වොක්ස්වගන් වෙනුවට කොළඹ සිටින ව්‍යාපාරිකයෙකු වන නොයෙල් සෙල්වනායගම් නැමැත්තාට මෝටර් රථ කොටස් ආනයනය කොට එවා එකලැස් කොට අලෙවි කිරීමට අවශ්‍ය වාහන අංගනයක් සඳහා රටේ පුන්‍ය සම්පත් භාරව කටයුතු කරන මහා භාරකාරත්වයට අයිති කුලියාපිටිය ලබුයායේ මහා නුගලන්ද නැමති අගනා පොල් වත්ත ශ්‍රීලංකා අයෝජන මණ්ඩලය හරහා පෑවරීමය.( video )
යහපාලන රජයේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ලොව බලවත් රටවල්වලින් විශාල ආයෝජන එන බව ආණ්ඩුවේ ප්‍රධානීන් නිතර කියයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යුරෝපයේ රටවල් කිහිපයකම විශේෂ රාජ්‍ය
අමුත්තෙකු ලෙස සංචාරය කල අතර ජර්මනියේ සිටින ලොව බලවත්ම් රාජ්‍ය නායිකාවක්
වන චාන්සලර් ඇන්ජ්ලා මාර්කෙර්ද මුණ ගැසුනි.
අගමැති රනිල් වික්‍රමසිංහ ද යුරෝපයේ මෙන්ම විශාල රටවල් ප්‍රමාණයකට
පසුගිය වසර දෙක තුල සංචාරය කල අතර රටේ සමස්ථ ජනතාව විශාල බලාපොරොත්තුවක්
ඇති කරමින් කියා සිටියේ ලෝකයේ බලවත්ම සමාගම් ඉදිරියේදී ශ්‍රීලංකාවේ විශාල
වශයෙන් ආයෝජන කරන බවත් ඒ අනුව ඉදිරි වසර 5 තුලදි රැකියා දශ ලක්ෂය බිහිවන
බවත්ය.
ඒ අනුව ශ්‍රීලංකාවේ ආයෝජන කිරීමට ජර්මනියේ වොක්ස්වගන් මෝටර් රථ නිෂ්පාදන
සමාගම එන බවත් එය ඉතා ඉක්මනින් කුරුණෑගල දිස්ත්‍රික්යේ එහි කර්මාන්තශාලාවක්
ස්ථාපිත කොට දිස්ත්‍රික්යේ තරුණ තරුණියන් ඉතා හොඳ ආදායම් සහිත රැකියා
ලබාදීමට කටයුතු කරන බවත් ආණ්ඩුවේ මැති ඇමතින් විවිධ අවස්ථාවල කීහ.
කෙසේවෙතත් ජනවාරි 3 වෙනිදා වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදන සමාගම කර්මාන්ත
ශාලාවක් ආරම්භ කිරිමට මුල්ගල තබන බවට රටපුරා පුලුල් ප්‍රචාරයක් ලබා දෙමින්
සිදු කොට ඇත්තේ අනෙකක් යයි සාකච්චා වෙයි. ජර්මනියේ වොක්ස්වගන් වෙනුවට කොළඹ
සිටින ව්‍යාපාරිකයෙකු වන නොයෙල් සෙල්වනායගම් නැමැත්තාට මෝටර් රථ කොටස්
ආනයනය කොට එවා එකලැස් කොට අලෙවි කිරීමට අවශ්‍ය වාහන අංගනයක් සඳහා රටේ
පුන්‍ය සම්පත් භාරව කටයුතු කරන මහා භාරකාරත්වයට අයිති කුලියාපිටිය ලබුයායේ
මහා නුගලන්ද නැමති අගනා පොල් වත්ත ශ්‍රීලංකා අයෝජන මණ්ඩලය හරහා පෑවරීමය.
එපමණක් ද නොව ශ්‍රී ලංකා රේගුව හරහා ශ්‍රීලංකාවට වාහන ආනයනය මගින් කෝටි
ගනනාවක් ලැබෙන ආනයනය බදු නිදහස් කිරීම මෙන්ම වෙනත් විශාල සහන රාශියක් මෙම
ජාවාරම් කරුට ශ්‍රීලංකා අයෝජන මණ්ඩලය හරහා ලබා දීම මෙමගින් සිදුවන බවද වාහන
ආනයකරුවෝ චෝදනා කරති.
එහෙත් මෙම සමාගමේ නිෂ්පාදනය කරන මෝටර් රථ වර්ගය හෝ මෝටර් රථය ගැන රහසකි.
මෙතරම් රටට වැදගත් යයි නිතරම පැවසු ජර්මනියේ විශාලතම මෝටර් රථ සමාගමේ
ශ්‍රීලංකාව කර්මාන්ත ශාලව මුල් ගල තැබිමේ උත්සවයට සහභාගි වූ ජනාධිපතිවරයා
අවසාන මොහොතේ හෝ කතාවක් නොකර මග හැරිම සැකයට තුඩු දෙන අතර ජර්මනිය නොව
මාලදිවයින නියෝජනය කරමින් හෝ එරටේ තානාපති හෝ ජරමන් රජයේ නියෝජිතවරයෙකු එම
උත්සවය සහභාගි නොවීම සැක සහිතය.