ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 31, 2017

හොර කරුපයියා සිය ඇමති බලය යොදා මහබැංකුව අල්ලේ නටවන අයුරු....!!!

අවිධිමත් ක්‍රියා වැළැක්‌වීමට මහ බැංකුවේ පාලන ක්‍රම ප්‍රමාණවත් නෑ...!!!  නවතම විගණන වාර්තාවක්‌ කියයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජය වෙනුවෙන් ණය ගැනීමේදී අනුගමනය කරන අභ්‍යන්තර පාලන ක්‍රම ප්‍රමාණවත් නොවන බවත් එම පාලනයන් අභිබවා කටයුතු සිදුවී ඇති බවත් රජයේ විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ නවතම විගණන වාර්තාවකින් අනාවරණය කර ඇත.
වර්ෂ 1997 සිට ආරම්භ කර තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් ක්‍රියාවලිය ගැඹුරින් පරීක්‍ෂා කළ යුතු වුවද මුදල් ඇමැතිවරයාගේ නොඉවසිලිමත් සහ ආචාරශීලීත්වයෙන් තොර සිහි කැඳවීම් හේතුවෙන් එවැනි ගැඹුරු පරීක්‌ෂාවක්‌ සඳහා ප්‍රමාණවත් කාලයක්‌ ලබාගත නොහැකි වූ බවද රජයේ විගණකාධිපතිවරයා නිකුත් කළ එම විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.වීඩියෝ සහිතයි...!!!
මුදල් නීති පනත ප්‍රකාරව මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසින් ලිපියකින් රජයේ විගණකාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීම අනුව විගණන වාර්තාව පිළියෙල කර ඇත.

මහබැංකුව විසින් කරන අරමුදල් රැස්‌ කිරීම් විනිවිද භාවයකින් තොරව සිදු නොවීමට සහ අවිධිමත් ක්‍රියා වැළැක්‌වීමට නොයෙකුත් අභ්‍යන්තර පාලන ක්‍රම හඳුන්වා දී තිබුණද ඒවා ප්‍රමාණවත් නොවන බව විගණනයේදී හෙළිදරව් වී තිබේ.

වර්ෂ 2008 සිට වර්ෂ 2016 දක්‌වා අවස්‌ථා 2136 කදී භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කර ඇති අතර ඒවාට අදාළව මුදල් ඇමැතිවරයා විමසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා වර්ෂ 1997 සිට ආරම්භ කර තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් ක්‍රියාවලිය ගැඹුරින් පරීක්‍ෂා කළ යුතු වුවද මුදල් ඇමැතිවරයාගේ නොඉවසිලිමත් සහ ආචාරශීලීත්වයෙන් තොර සිහි කැඳවීම් හේතුවෙන් එවැනි ගැඹුරු පරීක්‌ෂාවක්‌ සඳහා ප්‍රමාණවත් කාලයක්‌ ලබාගත නොහැකි වූ බවද රජයේ විගණකාධිපතිවරයා නිකුත් කළ එම විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

විගණකාධිපති ගාමිණි විජේසිංහ එම තනතුරින් ඉවත් කිරීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල  පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ සිය පක්‍ෂ කාර්යාලයේදී  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පොලිස්පතිට සහ නීතිපතිට දැවැන්ත ආදර්ශයක් වෙමින් තම ස්වාධීනත්වය සහ ආත්ම ගරුත්වය රැක ගනිමින් විගණකාධිපති කටයුතු කරනවා. ඔහු තමන්ගේ රාජකාරිය අකුරට ඉටු කරන නිසා තමයි ආණ්ඩුවේ දැවැන්ත වංචා හෙලිදරව් වෙමින් පවතින්නේ. කෝප් කමිටුවට බැඳුම්කර වංචාවක් සිදු වුණු බව සනාථ කරන්න පුළුවන් වුණේ විගණකාධිපති දුන් වාර්තාව නිසා. ඒ් වගේම ගල් අඟුරු වංචාව හෙලි කර ගන්න පුළුවන් වුණේත් විගණකාධිපති නිසා. මේ කම්බ හොරුන්ගේ ආණ්ඩුවට අද තිබෙන ලොකුම බාධකය තමයි ස්වාධීනව කටයුතු කරන විගණකාධිපතිවරයෙකු සිටීම.
රට විකුණා ඒ සල්ලි වලින් තමන්ගේ මඩි තර කර ගැනීමේ ආණ්ඩුවේ සැලසුම ඉදිරියට ගෙන යෑමට නම් විගණකාධිපති ඉවත් කිරීම හදිසි අවශ්‍යතාවයක් වෙලා තිබෙනවා. ඒ නිසා දැන් ඇමතිවරු විගණකාධිපතිට එරෙහිව විවිධ බොරු චෝදනා නගනවා. බැඳුම්කර පිලිබඳ විගණන වාර්තාව ලෝක ප්‍රමිතින්ට අනුව නෑ කියලා ලෝක බැංකුව වාර්තා කලා කියලා කිරිඇල්ල ඇමති කියා තිබෙනවා. මම නම් හිතන්නේ නෑ ලෝක බැංකුව ඒ වගේ ගොං කතාවක් කියාවි කියලා. මොකද එවැනි මතයක් ප්‍රකාශ කරන්න අවශ්‍ය විශේෂඥ දැනුම ලෝක බැංකුවට නෑ. ජාත්‍යන්තර විගණන ප්‍රමිතින් සකස් කරන්නේ ගණකාධිකාරිවරුන්ගේ ජාත්‍යන්තර පෙඩරේෂණය. යම් විගණකාධිපති වාර්තාවක් එම විගණන ප්‍රමිතින්ට අනුව තිබෙනවා ද කියන්න පුළුවන් ඒ ආයතනයට විතරයි.
ඒ අතරේ රවි කරුණානායක ( හොර කරුපයියා ) ඉල්ලූ වාර්තාවක් ඔහුට ලබා දීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබා දුන්නා කියලා ඇමතිතුමා චෝදනා කළා. විගණකාධිපති වග කියන්නේ වාර්තා කරන්නේ පාර්ලිමේන්තුවට මිස විධායකයට නොවේ කියන එක හොර කරුපයියා දැන ගත යුතුයි.
විගණකාධිපති ගාමිණි විජේසිංහ මැතිතුමනි, යමපාලන ඇසේ ඇනුනු කටුව ඔබයි. ඔබ නොබියව ස්වාධීනව මේ ලෙසම ඉදිරියටත් මේ දූෂිත ආණ්ඩුව නිරුවත් කරන්න. මේ රටේ දූෂණ විරෝධි ජනතාවට ඇති ලොකුම බලාපොරොත්තුව ඔබයි. ඔබතුමා වෙනුවෙන් පෙනී සිටින්න ඒකාබද්ධ විපක්ෂය වගේම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉන්නවා කියන එක අපි සිහිපත් කරනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.