ඩඩ්ලි සහ හැරිසන්
ඉහළ යන හාල් මිලට වගකිව යුත්තේ කවුද? ආණ්ඩුවද, ඩඩ්ලි ද,
හැරිසන් ද? ආණ්ඩුව යනු මේ රටේ ජනයා ලාබෙට බත් කන්නට පත් කරගත්
පරිපාලන දේහයය. හැරිසන් යනු ඒ පරිපාලන දේහයේ වී නිෂ්පාදනය සහ
බෙදාහැරීමට වගකියන ඇමැතිය. ඩඩ්ලි යනු සුප්‍රකට ඩඩ්ලි
සිරිසේනය. ( වත්මන් ජනාධිපතිගේ සොයුරාය ) ශ්‍රී ලංකාවේ හාල් ව්‍යාපාරිකයන් අතුරින් ඉහළින්ම
ඉන්නේ ඔහුය. තරාදියක් ගෙන (මේ සඳහා විශාල තරාදියක් තැනිය
යුතු අතර එය තැනීමේ කොන්ත්‍රාත්තුව චීනයට දුන්නොත් ඉන්දියාවත්,
ඉන්දියාවට දුන්නොත් චීනයත් හරහා වන නිසා වෙනත් රටකට බාර දිය
යුතුය) එහි එක පැත්තකට ඩඩ්ලි සිරිසේනගේ අරලිය හාල් මෝලත්,
අනෙක් පැත්තට රටේ සෙසු සියලු හාල් මෝල් සමූහයත් දැමූ විට යට
යන්නේ ඩඩ්ලි සිරිසේනගේ පැත්තය.
ඒ කාරණය වූ කලී හාල් මිලය. කොහොමටත් දකුණු ආසියානු රටවල් ගත්
කල හාල් මිල වැඩිම රට ලංකාවය. අද වන විට දකුණු ආසියාවේ පමණක්
නොව ලෝකයේත්, බත් ප්‍රධාන ආහාරය වූ රටවල් අතුරින් හාල් මිල
වැඩිම රට වන්නේත් ලංකාවය.
ඉහළ යන හාල් මිලට වගකිව යුත්තේ කවුද? ආණ්ඩුවද, ඩඩ්ලි ද,
හැරිසන් ද? ආණ්ඩුව යනු මේ රටේ ජනයා ලාබෙට බත් කන්නට පත් කරගත්
පරිපාලන දේහයය. හැරිසන් යනු ඒ පරිපාලන දේහයේ වී නිෂ්පාදනය සහ
බෙදාහැරීමට වගකියන ඇමැතිතුමාය. ඩඩ්ලි යනු සුප්‍රකට ඩඩ්ලි
සිරිසේනය. ශ්‍රී ලංකාවේ හාල් ව්‍යාපාරිකයන් අතුරින් ඉහළින්ම
ඉන්නේ ඔහුය. තරාදියක් ගෙන (මේ සඳහා විශාල තරාදියක් තැනිය
යුතු අතර එය තැනීමේ කොන්ත්‍රාත්තුව චීනයට දුන්නොත් ඉන්දියාවත්,
ඉන්දියාවට දුන්නොත් චීනයත් හරහා වන නිසා වෙනත් රටකට බාර දිය
යුතුය) එහි එක පැත්තකට ඩඩ්ලි සිරිසේනගේ අරලිය හාල් මෝලත්,
අනෙක් පැත්තට රටේ සෙසු සියලු හාල් මෝල් සමූහයත් දැමූ විට යට
යන්නේ ඩඩ්ලි සිරිසේනගේ පැත්තය.
ශ්‍රී ලංකාව යනු බත් කන ජනතාවගේ රටකි. රටක ප්‍රධාන ආහාරය යනු ඒ
රටේ ජනයාට ආවේනික ආහාරයයි. ඒ අනුව සිංහලය එදා සිටම කෑවේ බත්ය.
බත් නිකම් නොඑයි. ඒ සඳහා මහන්සි විය යුතුය. කුඹුරු කෙටිය
යුතුය. වතුර බැඳිය යුතුය. පොහොර දැමිය යුතුය. උදේ සවස රැය
නොබලා වගාව බලාගත යුතුය. කුඹුරක් කර බත් කන මනුස්සයාගේ සිරුර
ගල්ගෙඩි මෙන් සවිමත්ය. එක්දහස් පන්සිය ගණන්වලදී ලංකාව අල්ලා
ගැනීමට පැමිණි විදේශික ආක්රමණිකයා සිංහලයාගේ යෝධ ඇඟපත සහ
සුවිශේෂ ශක්තිය දැක පුදුමයට පත්විය. මේ රට අල්ලා ගැනීමට නම්
සිංහලයාගේ කාය ශක්තිය විනාශ කළ යුතු බව තීන්දු කළ ඔවුහු බත්
වෙනුවට පාන්ද, රා වෙනුවට අරක්කුද, රණවරා සහ බෙලිමල් වෙනුවට තේ
හා කෝපිද සිංහලයාට පුරුදු කළේය.
එහෙත් බත් කෑමේ පුරුද්ද අත්හැර ගැනීමට සිංහලයන්ට බැරි විය. මේ
නිසා සුද්දා පිටරටින් හාල් ගෙන්වා අපට කැවුවේය. වෙනදා කුඹුරු
කොටා ඇඟ මහන්සි කර කමින් සිටි සිංහලයා එතැන් පටන් වැඩක් නොකර
ඇඟ මහන්සි නොවී බත් ගිලීමට හුරු වී පාපතරයන් විසින් මසට හදන
ඌරන් මෙන් මහත් විය. වවන්නන් වෙනුවට ලියන්නන් නොහොත් ලියන
මහත්තයලාගේ රාජ්‍යයක් මේ පොළව මත බිහි වන්නේ ඒ අයුරිනි. එසේම
දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය යන රෝගවලින් ලංකාව
ස්වයං පෝෂණය වීමට පටන් ගන්නේද මේ සමගිනි.
අප ඇඟ මහන්සි කර වැඩ කළ යුගයේ බත් කෑම ශරීරයට ඉතා ගුණය. අප එසේ
නොකර බත් ගිලින විට ඒ බත අසනීපවලට මුලය. එහෙත් දැන් ඒ කතා
එකක්වත් වලංගු නැත. ඩඩ්ලි සිරිසේන කවර චෝදනා කළද, එයින්
ගැලවීමට පී. හැරිසන් කවර උත්තර දුන්නද, මිනිසුන්ට අවශ්‍ය වන්නේ
අඩු මිලට සහල්ය. ශ්‍රී ලංකාවේ කුඹුරු ඉඩම්වලින් හෙක්ටයාර්
708000 ක් වත් අවුරුදු පතා අස්වද්දනු ලැබේ. ඒ මුළු
ප්‍රමාණයෙන් ලැබෙන සහල් තොගය හරියාකාරව වෙළෙඳපොළට ගියොත් සහල්
මිල ඉහළ යන්නේ නැත. එහෙත් වගා පාලුව ඇතුළු වෙනත් හේතු රැසක්
නිසා පසුගිය කන්නයේදී සහල් තොග නිසි ලෙස වෙළෙඳපොළට ආවේ නැත. මේ
නිසා ඩඩ්ලි සහ හැරිසන්ගේ කතා වලින් පලක් නොවේ. මේ යන වේගයට
හාල් මිල ඉහළ ගියොත් තව මාස කිහිපයකින් හාල් කිලෝවක් ගන්නා
මිලට කුඹුරකින් කොටසක් මිලට ගැනීමට හැකි බව කෙනෙක් කීවොත්
පුදුම නොවන්න.
දිවයින
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, January 3, 2017
බත් බුදින ජනතාවට කෙළවා තමුන් ගොඩ යන මීමා...!!!
Posted by
lankanews
at
January 03, 2017
Labels: dudley sirisena, food price, increase rice, lankanews, meithreepala family, yahapalanaya
බත් බුදින ජනතාවට කෙළවා තමුන් ගොඩ යන මීමා...!!!
2017-01-03T10:50:00+01:00
lankanews
dudley sirisena|food price|increase rice|lankanews|meithreepala family|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
