ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන චැනල් 4 රූපවාහිනියේ කැලම් මැක්රේගේ නෝ ෆයර් සෝන් චිත්‍රපටය යළි මතුවී ඇත.
මේ චිත්‍රපටය ගැන විදේශ ඇමැති මංගල සමරවීර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර
චැතම් හවුස් මන්දිරයේදී ඊළාම් ඩයස්පෝරා ක්‍රියාකාරීන් නැඟූ ප්‍රශ්නයකට
ප්‍රතිචාර දක්වමින් හමුදාවේ පිරිසකට එම නෝ ෆයර් සෝන් චිත්‍රපටය ප්‍රදර්ශනය
කළ බවත් ඔවුන් එය නරඹා හැඬූ බවත් ඉන්පසු මේ වගේ අපරාධ සිදුවූයේ ද යන්න ගැන
ප්‍රශ්න කළ බවත් සඳහන් කරුණු ලැබීය.
මෙයට මාස ගණනකට පෙර සමරවීර පැවසුවේ කැලම් මැක්රේගේ චිත්‍රපටයේ සිදුවීම් පිළිගන්න බවත්ය.
මෙම පසුබිම මත නැඟෙන බරපතළ ප්රශ්නය නම් කොටි සංවිධානය යුද අපරාධ සිදුකිරීම ගැන නිහඬවීමයි.
කොටි යුද අපරාධ 300 කට අධික සංඛ්‍යාවක් සිදුකළා. මම ඒ ගැන චිත්‍රපට
නිර්මාණය කළේ නැහැ යෑයි මා ජිනීවාහිදී කැලම් මැක්රේගෙන් ප්‍රශ්න කළෙමි.
මම කොටි කළ අපරාධ ගැන චිත්‍රපටයක් කරනවා යෑයි මැක්රේ පැවසුවත් 2017 වසර ආරම්භය දක්වාම ඔහු එවැනි චිත්‍රපටයක් කළේ නැත.
මේ පසුබිම මැද ප්රභාකරන්ගේ මස්සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් ශ්‍රී
ලංකා රජය යුද අපරාධ චෝදනා විමර්ශනයට ජාත්‍යන්තර විනිසුරුවන් සහිත
හයිබ්‍රිඩ් අධිකරණයක් ස්ථාපිත කිරීමට ක්‍රියා නොකළ බවට පැමිණිලි කිරීම
සඳහා ජිනීවා යන බව පවසා ඇත.
ඔහුට පෙර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධානි පාති්යසෝක සරවනමුත්තු
හෙවත් පියරා ලේකම් ධුරය දැරූ ජාතික සංහිඳියා කර්ය සාධක බළකාය ජාත්‍යන්තර
විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බව දක්වමින්
භයානක නිර්දේශයක් ඉදිරිපත් කළේය.
එවන් අධිකරණයකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එරෙහිවී ඇත.
එහෙත් ජාත්‍යන්තර ජූරි සභිකයන්ගේ සංවිධානය සහ මෙරට රාජ්‍ය නොවන සංවිධාන ද
මානව හිමිකම් කොමසාරිස්ගෙන් හයිබ්‍රිඩ් අධිකරණයක් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ සිට ක්‍රියාත්මක වන හියුමන් රයිට්ස් වොච්
සංවිධානය තම 2017 වාර්තාවේ සඳහන් කළේ ශ්‍රී ලංකා රජය සංක්‍රාන්ති අධිකරණ
හතරකට එකඟ වූ බවයි.
එය වැරදි ද නිවැරදි ද යන්න ගැන රජය අද වන තුරු ප්‍රකාශ කර නැත.
මේ තත්ත්වය මත ලන්ඩන් නුවර චැතම් හවුස් මන්දිරයේදී විදේශ ඇමැති මංගල
සමරවීර මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ආපසු හැරෙන්නේ නැතිව ජිනීවා යෝජනාව
ක්‍රියාත්මක කරන බවයි.
එහෙත් ඊට පෙර රැඳවුම් භාරයේ සිටින බිහිසුණු අපරාධ සිදුකළ කොටි
ත්රස්තයන් ද්‍රවිඩ සන්ධානය මාර්ගයෙන් නිදහස් වීමට උත්සාහ කරන බව වාර්තා
වී ඇත.
අත්අඩංගුවට පත්නොවූ 300 ක කොටි උතුරේ සිටී. ඔවුන් සම්බන්ධව රජය මෙතෙක්
පියවර ගෙන නැත. එසේ නම් යුද හමුදාවට පමණක් චෝදනා එල්ල කරන්නේ කෙසේද?
ජිනීවා යෝජනාව තුළින් යුද හමුදාවට පමණක් දඬුවම් දිය යුතුද?
ලබන ජනවාරි 31 දා කොටුවේ මහ බැංකු බෝම්බය පිපිරීමේ දිනයයි.
මේ බිහිසුණු සිද්ධිය නිසා විපතට පත්වූ බැංකු නිලධාරීන් හා නිලධාරිනියන්
අදටත් දුක්විඳී. එක් බැංකු නිලධාරිනියකගේ දැස් අහිමි වී ඇත. එහෙත් ඇයට
යුක්තිය ඉටුවේද?
කොටුවේ මහ බැංකු බෝම්බ සිද්ධිය ගැන අද කිසිවෙක් කතාකරන්නේ නැත. එය යුද අපරාධයක් නොවේද?
1996 ජනවාරි 31 දා සිදුවූ මහ බැංකු සිදුවීමෙන් 91 කට අධික සංඛ්‍යාවක්
මරුමුවට පත්විය. තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. ඇස් අන්ධවූ සංඛ්‍යාව
රැසකි.
එහෙත් මේ සිද්ධිය මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් වූයේ නැත.
එසේම කොටි නායක ප්රභාකරන්ට එරෙහිව කිසිදු රටක් දැඩි පියවරක් ගැනීමට ක්‍රියා නොකළේය.
නෝ ෆයර් සෝන් චිත්‍රපටය ගැන හඬ නඟන ඊළාම් ඩයස්පෝරාව මේ සිදුවීම් සාධාරණීකරණය කර ඇත.
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

Saturday, January 28, 2017
මෝංගලයා... ලන්ඩන් ඊළාම් ඩයස්පොරාව ඉදිරියේ නැවතත් හමුදාව පාවා දෙයි !
2017-01-28T19:27:00+01:00
lankanews
former media Minister Mangala Samaraweera|gay mangala samaraweera|kallam maklare|LTTE agenda|no fire zone fake movie|unp deals|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
