ප්රවෘත්ති
සහ වැඩසටහන් අංශවල ඔහු කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකළා. දිවංගත ජනාධිපති
රණසිංහ ප්‍රේමදාසගේ යුගයේ ගම්උදාව, ජනපති ජංගම සේවය ඇතුළු ජනාධිපති
මාධ්‍ය ආවරණ රැසක ප්රමුඛ නිෂ්පාදකවරයා වූයේ රූපසිංහ මහතායි.
ප්‍රවීණ සාහිත්‍යවේදියෙකු වූ ඔහු කෘතහස්ත ලේඛන සයිමන් නවගත්තේගම මහතා සමග එක්ව නිර්මාණය කළ "සයිමන් සමග"
වැඩසටහන ප්‍රේක්ෂක, විචාරක සම්භාවනාවට පාත්‍ර වුණා. පිටපත් රචනයෙහි
විශිෂ්ට කුසලතා පළ කළ ප්‍රේමචන්ද්‍ර රූපසිංහ මහතා කෙටිකතා, විද්‍යා
ප්‍රබන්ධ සහ කාව්‍ය ද නිර්මාණය කළා. 2014 වසරේ හොඳම විද්‍යා ප්‍රබන්ධයට
හිමි රාජ්‍ය සම්මානය හිමිවූයේ ද රූපසිංහ මහතාටයි.
1990 වසරේ ඕ.සී.අයි.සී. සම්මාන උළෙලේ දී ද ඔහු සම්මානයට පාත්‍ර වුණා. "සමරූපියා" , "මිගුමි" සහ තවත් විද්‍යා ප්‍රබන්ධ හා ජන සන්නිවේදන ක්ෂේත්රයට අදාළව තවත් කෘති පෙළක් ඔහුගේ නිර්මාණවලට ඇතුළත්.
ප්‍රේමචන්ද්‍ර රූපසිංහ මහතා මුල් කාලයේ ප්‍රවීණ මාධ්‍යවේදි ධර්මසිරි ගමගේ මහතාගේ "යොවුන් පහන්වැට"
නිර්මාණ සංසදය නියෝජනය කළා. පසුගිය වසරේ විශ්‍රාම ලබන විට ප්රවෘත්ති
අංශයේ සේවය නියුතුව සිටි රූපසිංහ මහතා දියණියන් දෙදෙනෙකුගේ පියෙක්.
ප්‍රේමචන්ද්‍ර
රූපසිංහ මහතාගේ අවසන් කටයුතු බාදුරාගොඩ, ගස්පේ, පොසු සුසාන භූමියේදී හෙට
සිදු කෙරෙනවා. දේහය, මීරිගම, ගස්පේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර
තිබෙනවා.