ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, January 23, 2017

ඇමරිකානුවන්ට ජාතිකත්වය මතක් කල ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මංගල කතාව...!!!

මෙතනට පැමිණි ජනාධිපති වරුන්ට.. ඇමෙරිකානු සහෘද ජනතාවට සහ ලෝකවාසී සියල්ලන්ටම ස්තුතියි !!
ඇමෙරිකානු පුරවැසියන් වන අප දැන් අප රට නැවත ගොඩනැගීමේ සහ අප ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමේ ජාතික කාර්යභාරයට සම්බන්ධ වී සිටිමු
ඉදිරි අනාගතය වෙනුවෙන් ඇමෙරිකාවේ සහ ලෝකයේම ගමන් මග අප විසින් තීරණය කරන්නෙමු. අප අභියෝග සහ අමාරු කම් වලට මුහුණ දෙනු ඇති මුත් අපගේ කාර්යභාරය ඉටුකරලන්නෙමු.
සෑම අවුරුදු හතරකට වරක්ම අප මෙහි රැස්ව සාමකාමීව සහ නියමිත ආකාරයට බලය නව ජානාධිපතිවරයාට පැවරීම සිදු කරමු. එය එසේ වන්නට ඉඩ හැරීම ගැන අප ජනාධිපති ඔබාමට සහ මිචෙල් ඔබාමට ස්තුතිවන්ත වෙමු.
කෙසේ වුවත් අද දින සිදුවන සැමරීම ඇති විශේෂ වන්නේය. අප අද හුදෙක් එක් පරිපාලනයකින් තවෙකකට හෝ එක පක්ෂයකින් තවෙකකට බලය පැවරීම පමණක් සිදු නොකරමු.. අප අද වොෂින්ටන් DC සිට නැවත බලය පවරන්නේ ජනතාව වන ඔබ වෙතය.

බොහෝ කාලයක් තිස්සේ ඉතා සුළුතරයක් විසින් අප ජාතියේ අගනුවර සිටිමින් ආණ්ඩු බලය භුක්ති විඳිමින් සිටිද්දී ජනතාවට ඔවුන්ගේ බර දැරීමට සිදු උනා. වොෂින්ටනය සමෘධිමත් වුණත් ජනතාව එය බුක්ති වින්දේ නැහැ. දේශපාලකයන් ධනවත් වෙද්දී රැකියා නැති වී කර්මාන්ත ශාලා වැසුණා.
දේශපාලන අධිකාරිය අමෙරිකානු ජනතාව රැකීම නොව තමන් රැකීම පමණයි සිදුකලේ.. ඔවුන්ගේ ජයග්‍රහණ ඔබේ ජයග්‍රහණ උනේ නැහැ. ඔවුන්ගේ සතුටෙන් පිනායාම ඔබේ සතුට උනේ නැහැ.. ඔවුන් අප ජාතියේ අගනුවර සතුටින් සමරද්දී අපගේ මුළු දේශය පුරා සිටින අගහිඟ කම් සහිත පවුල් වලට සැමරීමක් තිබුණේ නැහැ.
ඒ සියල්ල වෙනස් වීම මේ දැන් මේ මොහොතේ මෙතැනදීම ඇරඹෙනු ඇති. මෙය ඔබේ අවස්ථාවයි. මෙහි අයිතිය ඔබටයි. මේ ඔබේ දිනයයි ඔබේ සැමරීමයි . මේ ඇමෙරිකානු එක්සත් රාජධානිය ඔබේ රටයි.......
කුමන පක්ෂය ආණ්ඩු කරන්නේදැයි අපට වැඳගත් නැත. වැඳගත් වන්නේ අප රජය ජනතාව විසින පාලනය වන්නේද යන්නයි ..
ජනවාරි විසි වන දින මෙරට ජනතාව නැවත මෙරටේ පාලනය අතට ගැනීමක් ලෙස සදා සිහි කෙරෙනු ඇත. අමතක කරනු ලැබුවන් නැවත අමතක නොකරනු ඇත. ඔබේ හඬ සියල්ලන් විසින් අසනු ඇත.
ලෝකය කිසිදා නොදුටු නොවිරූ ලෙස ඔබ අද මිලියන ගණනින් පැමිණියේ මේ ඓතිහාසික අවස්ථාවට සහභාගී වීමටයි. මේ සියල්ල මධයේ ඇති අතිශයින් වැඳගත් මතක් කරදීම නම් ජාතියක් එහි පුරවැසියන්ට සේවය කල යුතු බවයි. ඇමෙරිකානුවන්ට ඔවුන්ගේ දරුවන්ට හොඳ පාසල් රැකියා සහ විශේෂයෙන් ඔවුන්ගේ පවුල් වලට ආරක්‍ෂිත වටපිටාවක් අවශ්‍ය වී ඇත. නගර වල සිටින මවු වරුන් සහ දරුවන් දුප්පත් කම තුල සිරවී සිටී. මලකඩ කෑ දිරාගිය කර්මාන්තශාලා තුන් බියක් සේ දේශය වසා සිටී. අපරාධ කල්ලි, මත්ද්‍රව්‍ය විසින් විශාල ජන ජීවිත ගණනක් බිළිගනිමින් අප රට මංකොල්ල කමින් සිටිනවා. මේ ඇමෙරිකානු පිළිලය මේ මොහොතේදී මෙතැනදී අවසන් වෙනවා.
දශක ගණනාවක් තිස්සේ අප කර්මාන්ත ශාලා අඩපණ කරමින් අනෙකුත් රටවල් පොහොසත් කළෙමු. අපගේ දේශසීමා රක ගැනීම අතපසු කරමින් අන් අයගේ දේශසීමා ආරක්ෂා කළෙමු. අපගේ මංමාවත් ගරා වැටෙද්දී අනුන්ගේ යටිතල පහසුකම් දියුණු කළෙමු. අප ජාතියේ වත්පොහොසත් කම් ඉතා අතට නොපෙනී අඩුවී යද්දී අප අන් ජාතින් පොහොසත් කළෙමු. මිලියන ගණනක් ඇමෙරිකානුවන්ගේ පැතුම් තඹයකට මායිම් නොකරමින් කරමාන්ත ශාලා එක බැගින් වැසී අප වෙරළින් ඈතට නික්මිණි.අපගේ මධ්‍යමපන්තික ධනය විනාශ කොට ලෝකය පුරා බෙදාහරින ලදී. එය ඉතිහාසයයි. නමුත් දැන් අප දකින්නේ අනාගතයයි. සියලුම නගර, රටවල් සහ අගනුවරවල් මින් පසු මේ ක්‍රියාදාමය දකිනු ඇත.මින් පසුව නව දර්ශනයක් විසින් අප දේශය පාලනය කෙරෙනු ඇත. අද සිට ඇමෙරිකාව අංක එක බවට පත් වනු ඇත..ඇමෙරිකාව පළමු ස්ථානයයි.
මින් පසු..විදේශ කටයුතු, බදු, සංක්‍රමණය ආදී දේ ගැන සෑම තීරණයක් ම ඇමෙරිකානු පවුල් වල යහපත අරමුණු කොට ගැනෙනු ඇත.
අපගේ දේශසීමා අනෙකුත් රටවල විනාශ කාරීන් ගෙන් රැක ගන්නෙමු. අපගේ රැකියා අපගේ ධනය අපගේ කර්මාන්ත ශාලා ඔවුන්ගෙන් රැකගන්නෙමු.
මගේ සිරුරේ පවතින සෑම හුස්මක් පාසාම ඔබ වෙනුවෙන් සටන් කරන්නෙමි . මා කිසිම දිනක ඔබට වැටීමට ඉඩ නොදෙමි.. ඇමෙරිකාව නැවත ජයග්‍රහණය කරා යනු ඇත. නැවත අපගේ සිහින ගෙනෙනු ඇත... මුළු දේශ පුරා අප නව මංමාවත්, වරායවල් , පාලම් ගුවන්තොටුපළවල් තනන්නෙමු.. සහනාධාර වෙනුවට ජනතාවට නැවත රැකියා ලබා දෙන්නෙමු.
ඇමෙරිකානු ජනතාවගේ අත්වලින් ඇමෙරිකානුවන් මතින් අප දේශය නැවත ගොඩනගන්නෙමු ..
අප ඉතා සරල නීති දෙකක් අනුගමනය කරමු.. 1. ඇමෙරිකානු නිෂ්පාදන ගන්න. 2. ඇමෙරිකානුවන් රැකියා සඳහා යොදවන්න..
අප අනෙකුත් ලෝක වාසීන්ගේ මිත්‍රත්වය පතමු. එහෙත් අප ඔවුන්ගේ ජාතික අවශ්‍යතා පළමුවෙන් සැලකීමට ඉඩ ලබා දෙමින් එසේ කරන්නෙමු. අප කිසිදිනෙක අපගේ ජීවන රටාව අනෙකුත් රටවල් වෙත බලෙන් පටවන්නේ නැත. එහෙත් අප හොඳ මාවතේ යන්නේනම් ඔවුන් නිතැතින්ම අප පසුපස එනු ඇත.
ඉස්ලාමිය ත්‍රස්තවාදයට එරිහිව මුළු ලෝකයම පෙළගස්වන්නෙමු. ඉස්ලාමිය ත්‍රස්තවාදය මුළු ලෝ තලයෙන්ම සදහටම අතුගා දමන්නෙමු . පළමුව අපගේ දේශයට අවංක පක්ෂපාතිත්වය දැක්වීම මගින් අප එකිනෙකා තුලද පක්ෂපාතිත්වය අලුතෙන් ඇතිකර ගන්නෙමු.
ඔබ ඔබේ හදවත ජාතිමාමකත්වය වෙනුවෙන් විවෘත කරනවිට ද්‍රෝහීන් ට අවස්තාවක් නොලැබෙනු ඇත.
දෙවියන්ගේ දරුවන් එකට ජිවත් වනවිට ඇති සුන්දරත්වය බයිබලය අපට කියාදෙනවා. අප අපගේ හිතේ ඇතිදය ඇත්ත ඇතිසැටියෙන් කිව යුතුයි. අපගේ විවේචන විවෘතව කල යුතියි.
අප අපගේ රණවිරුවන් විසින් ඔවුන්ගේ ලෙය මතින් රැකගනු ඇත. ඉතා වැඳගත් දෙයනම දෙවියන් විසින් අප රකිනු ඇත. අප විසින් උසස් විශාල පරිමාණයෙන් සිතිය යුතු අතර ඊටත් වඩා ඉහලින් සිහින දැකිය යුතුය.
අප විසින් කටින් පමණක් වැඩකරන අක්‍රිය දේශපාලකයන් නැවත පිලිනොගන්නෙමු. ඔවුන්ගේ හිස් වචන සඳහා වූ කාලය ඇමෙරිකාව නිමා කර ඇත. දැන් ඇත්තේ ක්‍රියා කිරීමේ කාලයයි . කිසිවෙකුට ඔබට එය කල නොහැකියි කීමට ඉඩ නොදෙන්න. ඇමෙරිකානුවන්ගේ ධෛර්යට, හදවතට ජයගත නොහැකි අභියෝගයක් නොමැත. අප පරාජය නොවන්නෙමු. දේශය නැවත ගොඩනන්වන්නෙමු.
නවලෝකයේ අභ්‍යවකාශය අප විසින් ජයගන්නෙමු. නව ජාතික ගොඩනැගීම විසින් සියල්ල ජයගනු ඇත. අප කුමණ පළාතක පෙදෙසක සිටියද අප අංග දුවන්නේ ජාතිමාමකයන් ගේ රතු ලෙයයි. ශ්‍රේෂ්ට ඇමෙරිකානු ධජයට අප සියල්ලන්ම ආචාර කරන්නෙමු. එක්ව අප ඇමෙරිකාව නැවත ශ්‍රේෂ්ට දේශය කරන්නෙමු. ඔබට දේව ආශීර්වාදය ලැබේවා. ඇමෙරිකාවට දේව ආශීර්වාදය ලැබේවා............

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.