රටේ නීතිය වල්වදිද්දී
මුතුරාජවෙල අනවසර
ගොඩකිරීම් යථාවත් කිරීමට ගිය නිලධාරීහු පසුබසිති
ගොඩකිරීම ගැන 119 ට දැන්වුවත් ක්‍රියාත්මක වුණේ නැහැ
ජාඇල පොලිසියත් පැමිණිලි දාන්න දුන්නේ නැහැ
ප්‍රදේශවාසීහු කියති
කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයට මුහුණලා ජාඇල පොලිස්
ස්ථානයට ආසන්නව දඬුගම දෙහියාගාත පිහිටි මුතුරාජවෙල තෙත්
බිමක් (අක්කර 20 ක් පමණ) නීති රීති අමු අමුවේ උල්ලංඝනය
කරමින් ගොඩකිරීම සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අවධානය යොමු වීමෙන් පසු එය නැවත යථා තත්ත්වයට පත්
කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය හා ශ්‍රී ලංකා පහත් බිම්
ගොඩකිරීමේ හා සංවර්ධන සංස්ථාවේ නිලධාරීන් එම ස්ථානයට
පැමිණියද, එම ඉඩමේ අයිතිකරුවන් යෑයි කියන පිරිසක් ඊට
විරෝධය දැක්වීම හේතුවෙන් එම ස්ථානයෙන් බැහැරව යැමට එම
නිලධාරීන්ට (10 දා) උදැසන සිදුවිය.
එම ඉඩමේ පස් ඉවත් කිරීමට රැගෙන ආ මාර්ග සංවර්ධන අධිකාරියට
අයත් බැකෝ යන්ත්‍ර හා පස් ඉවත් කිරීමේ ටිපර් රථ ද නැවත
ආපසු යන අයුරු අපට දක්නට ලැබිණි.
තෙත් බිම් ගොඩකිරීම සිදු කළා යෑයි පැවසෙන පුද්ගලයන්
ගොඩකිරීම සඳහා වූ ප්‍රවේශ මාර්ගය හරස් කර මෝටර් රථයක්
නවතා අවහිර කර තිබීම හා එය ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා පහත්
බිම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල
ඉද්දවිල කරනු ලැබූ ඉල්ලීමට එම ස්ථානයේ සිටි පොලිස්
නිලධාරීන් ද සහයෝගය ලබා නොදෙන ලදී.
පසුව අසේල ඉද්දවිල හා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති
මහාචාර්ය මොහාන් ලාල් ධර්මසිරි මහතා ඇතුළු පැමිණ සිටි
නිලධාරීන් වෙනත් ප්‍රවේශ මාර්ගයකින් අදාළ ගොඩකර තිබූ තෙත්
බිම් ප්‍රදේශයට ප්‍රවේශ වී එය නිරීක්ෂණය කර පටිගත කිරීම්
සිදු කරනු ලැබීය.
රටේ නීතිය අභියෝගයට ලක් වූ මෙම ගොඩකිරීමේ සිද්ධිය
සම්බන්ධව ජනාධිපති කාර්යාලයට විශාල පැමිණිලි ලැබී තිබූ බව
පැවසෙන අතර මෙම භූමියේ අක්කර 20 ක් පමණ ගොඩකිරීමට
සැලසුම් සකස් කර මේ වන විට අක්කර 7 ක් පමණ ගොඩකර තිබෙන
බව පැවසේ.
ජාඇල පොලිසිය, ජාඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආදී ආයතන
මෙම ප්‍රදේශය ආසන්නව තිබුණ ද මෙම ගොඩකිරීම මහ දවල් සිදුවීම
එම ප්‍රදේශයේ ජනතාව මවිත කරවීමට කරුණක් විය.
ගොඩකරනු ලැබූ තෙත් බිමේ හිමිකරු යෑයි පැවසෙන තැනැත්තෙක්
නීතිඥයකු යෑයි කියන පුද්ගලයකු සමග ඒ අවස්ථාවේ ඉදිරිපත්
වුවද එම ඉඩමේ අයිතිය හෝ ගොඩකිරීම සම්බන්ධව කිසිදු
නීත්‍යනුකූල ලියවිල්ලක් ඉදිරිපත් නොකරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ අසේල ඉද්දවිල "යමක් ගොඩකරනවා
නම් ඒ සඳහා නිසි අවසර ගන්න ඕනේ එසේ නොකරයි නම් ඊට එරෙහිව
කටයුතු කිරීමට පනතින් අපට අවසර තිබෙනවා.
කිසිදු නීත්‍යනුකූලභාවයක් පෙනෙන්නට නොමැති මෙය යථා
තත්ත්වයට පත් කිරීමට අපට බලය තියෙනවා. එය ක්‍රියාත්මක
කිරීම සඳහා තමයි අපි මේ ස්ථානයට ආවේ. අපට අවහිර කිරීම්
තිබෙනවා නම් පොලිසිය එම අවහිරතා ඉවත් කළ යුතුයි.
අපි මීට පෙරද මෙම ස්ථානයට පැමිණිය ද කිසිම හිමිකරුවෙක්
මේ සඳහා ඉදිරිපත් වුණේ නෑ. මේ භූමියට ඇතුළු වෙන්න දෙන්නේ
නැත්නම් මේක ඇතුලේ නීති විරෝධී කටයුත්තක් වෙනවා. ඒ නිසා
පොලිසියට පුළුවන් මේ විශාල ගේට්ටුව ඇරලා බලන්න යෑයි
පැවසීය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි ඉඩම ගොඩ කිරීමේ
පාර්ශවයට සම්බන්ධ යෑයි පැවසෙන පුද්ගලයකු වූ ඉන්දික නමැති
අයෙක් පවසා සිටියේ.
(11 දා) හෙට දින අදාල ගොඩකිරීම ප්රශ්නය විභාග කරන්න අපට
එන්න කියල අද මේ නිලධාරීන් මෙතනට ඇවිල්ලා මාධ්‍ය
සංදර්ශනයක් පවත්වන බව පැවසීය.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මොහාන් ලාල්
ධර්මසිරි ද මාධ්‍ය වෙත අදහස් දැක්විය.
අපි මේ ස්ථානයට පැමිණි කිසිම මොහොතක අයිතිකරුවකු ඉදිරිපත්
වුණේ නෑ. අද දින පුද්ගලයකු අයිතිකරු ලෙස ඉදිරිපත් වුවද ඔහු
නීතිමය කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කර ඔහුගේ අයිතිය
තහවුරු කළේ නෑ. හෙට (11 දා) තියෙන රැස්වීමට ඒ අවශ්‍ය
ලියවිලි රැගෙන එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
දැනට මෙම ගොඩකිරීම සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරියෙන්වත්,
ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන සංස්ථාවෙන්, ගොවිජන සේවා
කාර්යාලයෙන්වත් කිසිම බලපත්‍රයක් දීලා නෑ. ඒ කියන්නේ මෙය
නීති විරෝධී ගොඩකිරීමක්. මේ පස් ඉවත් කරලා පැවති
තත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා යෑයි පැවසීය.
මේ ස්ථානයට පැමිණ සිටි ප්රදේශවාසියෙක් ප්‍රකාශ කළේ මෙම
ගොඩකිරීම නිසා ඉදිරි වර්ෂා කාලයේදී තම නිවාස ජලයෙන් යටවන
බවයි. මෙම තෙත් බිම ගොඩකරන්න ටිපර් රථ පස් රැගෙන එන විට
පොලිස් හදිසි ඇමතුම් (119) ඔස්සේ දැන්වුවද එයින් කිසිදු
පලක් වුණේ නෑ යෑයි පැවසීය.
එම ප්‍රදේශයේ කීපදෙනකු ජාඇල පොලිස් ස්ථානයට ගොස් මේ
සම්බන්ධව පැමිණිලි දැමීමට උත්සහ කළ ද පොලිස්
ස්ථානාධිපතිවරයා නොසිටි බැවින් එය තමන්ට කිරීමට නොහැකි
බවත් ස්ථානාධිපතිවරයා හමුවී පැමිණිලි දාන ලෙසත් ජාඇල
පොලිසිය තමාට පැවසූ බව ඔවුහු ප්‍රකාශ කළහ.
මෙම අනවසර ගොඩකිරීම පරීක්ෂා කිරීමට පැමිණි බලවත්
නිලධාරීන්ට ද එය සිදු කිරීමට නොහැකි වීමෙන් රටේ නීතිය
බරපතළ තර්ජනයට ලක්වී ඇති බව ජනතාව පවසති.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, January 10, 2017
රටේ ජනාධිපති පඹයෙක් නිසා ....!!!
Posted by
lankanews
at
January 10, 2017
Labels: dandugama, environment, lankanews, meithreepala sirisena, sirisena family, yahapalanaya
රටේ ජනාධිපති පඹයෙක් නිසා ....!!!
2017-01-10T22:01:00+01:00
lankanews
dandugama|environment|lankanews|meithreepala sirisena|sirisena family|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
